එක්සත් ජනරජ පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා මාර්තු 13 ඉන්දියාවේ මිසෝරාම් ජාත්‍යන්තර විශ්ව විද්‍යාලයේ (Mizoram University) ආරාධනය මත, එහි පැවැත්වෙන ‘තිරසර සංවර්ධනය සඳහා දේශගුණික විපර්යාස සහ ස්වභාවික සම්පත් කළමනාකරණය” පිළිබඳ ජාත්‍යන්තර සමුළුව (International Conference on ‘Climate Change and Natural Resource Management for Sustainable Development’) සඳහා සහභාගී විය.
විශ්ව විද්‍යාලයේ ආරාධනය පරිදි පාරිසරික යුක්තිය පිළිබඳ ශ්‍රී ලංකාවේ ප්‍රවේශය සම්බන්ධයෙන් විශේෂ දේශනයක් පැවැත්වූ පාඨලී චම්පික රණවක මහතා ජාත්‍යන්තර සමුළුව සඳහා සහභාගී වූ දෙස් විදෙස් විද්වතුන් සමග විෂයානුබද්ධ සාකච්ඡාවක ද නිරත විය.