
විමලෝධය පිරිවෙණහි පරිවෙණාධිපති කරකොලේ නාහිමියන් බැහැදැක ආශිර්වාද ලබා ගැනීම..
සිකුරාදා (05) විමලෝධය පිරිවෙණ වෙත ගිය එක්සත් ජනරජ පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා විමලෝධය පිරිවෙණහි පරිවෙණාධිපති කරකොලේ නාහිමියන් බැහැදැක ආශිර්වාද ලබා ගත්තේය.
රණවක මහතා වෙත ආශිර්වාද කොට අනුශාසනා කළ නාහිමියන් වෙත, එක්සත් ජනරජ පෙරමුණ විසින් මහා සංඝරත්නය වෙත සිදු කෙරෙන ආයාචනය සඳහන් ලිපිය ද භාර දෙන ලදී.

අමරපුර අරියවංශ සද්ධම්මයුක්තික මහා නිකායේ මධ්‍යම පලාත් ප්‍රධාන සංඝනායක පුජ්‍ය කොස්වත්තේ රතනජෝති නාහිමියන් බැහැදැක ආශිර්වාද ලබා ගනීම..
අද (05) ඊරියගොඩ ග්රී පුන්‍යසාර පිරිවෙන වෙත ගිය එක්සත් ජනරජ පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා අමරපුර අරියවංශ සද්ධම්මයුක්තික මහා නිකායේ මධ්‍යම පලාත් ප්‍රධාන සංඝනායක පුජ්‍ය කොස්වත්තේ රතනජෝති නාහිමියන් බැහැදැක ආශිර්වාද ලබා ගත්තේය.
රණවක මහතා වෙත ආශිර්වාද කොට අනුශාසනා කළ නාහිමියන් වෙත, එක්සත් ජනරජ පෙරමුණ විසින් මහා සංඝරත්නය වෙත සිදු කෙරෙන ආයාචනය සඳහන් ලිපිය ද බාර දෙන ලදී.

කුරුණෑගල, මාවතගම ජනතාව සමග සිදුකළ සුහද කතිකාවත..
එක්සත් ජනරජ පෙරමුණේ නායක පාඨලී චම්පික රණවක මහතා කුරුණෑගල, මාවතගම ජනතාව සමග කෙරෙන සුහද කතිකාවත අද (ජනවාරි 05) මාවතගම, කොටිකාපොළ රශ්මි උත්සව ශාලාවේ දී ආරම්භ විය.
මෙම හමුව සංවිධානය කරන ලද්දේ ජයන්ත කපිල ඉඹුල්මල්ගම මහතා විසිනි.
මෙම අවස්ථාවට සමගි ජන බලවේගය නියෝජනය කරන කුරුණෑගල ප්‍රාදේශීය සභාවේ හිටපු විපක්ෂ නායක අජිත් ප්‍රියලාල් වර්ණසූරිය මහතා සහ මාවතගම ප්‍රාදේශීය සභාවේ හිටපු මන්ත්‍රී දුලිත ඒකනායක මහතාද එක්ව සිටියා.

ශ්‍රී ලංකා කතෝලික රදගුරු සමුළුවේ සභාපති, අතිඋතුම් හැරල්ඩ් ඇන්තනී පෙරේරා රදගුරුතුමන් හමුවීම..
එක්සත් ජනරජ පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා අද (05) ශ්‍රී ලංකා කතෝලික රදගුරු සමුළුවේ සභාපති, අතිඋතුම් හැරල්ඩ් ඇන්තනී පෙරේරා කුරුණෑගල රදගුරුතුමන් එතුමන්ගේ නිල නිවසේ දී හමුවිය.
මේ අවස්ථාව සම්බන්ධීකරණය කරන ලද්දේ එක්සත් ජනරජ පෙරමුණේ කුරුණෑගල දිස්ත්‍රික් සම්බන්ධීකාරක තුෂාර වීරරත්න මහතා විසිනි.

2024 නව වසර අරඹමින්..
එක්සත් ජනරජ පෙරමුණු නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා 2024 නව වසර අරඹමින් අද (1) උදෑසන කෝට්ටේ රජමහා විහාරස්ථානය වෙත ගොස් ආගමික වතාවත්වල නියැලිණ. හෙතෙම විහාරාධිපති පූජ්‍ය අලුත් නුවර අනුරුද්ධ නාහිමියන් බැහැදැක උන්වහන්සේගේ ආශිර්වාදය ද ලබාගත්තේය.

එක්සත් ජනරජ පෙරමුණ 2024 නව වසර අරඹමින්..
2024 නව වසර අරඹමින් අද දින එක්සත් ජනරජ පෙරමුණ පක්ෂ කාර්යාලයේදී පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා ප්රමුඛ පක්ෂ නායකයින් සහ පාක්ෂිකයන් එක්ව චාරිත්‍රානුකූලව වැඩ ආරම්භ කිරීම මෙසේ සිදු විය.
අනුරාධපුර මාවතවැව ජනතාව සමග සිදු කළ සුහද කතිකාවත..
එක්සත් ජනරජ පෙරමුණේ නායක, පාඨලී චම්පික රණවක මහතා අනුරාධපුර මාවතවැව ජනතාව සමග සිදු කළ සුහද කතිකාවත අද (ජනවාරි 06) මාවතවැව, මල්විල රජමහා විහාරයේ දී සාර්ථකව ක්‍රියාත්මක විය. මෙම හමුව සංවිධානය කරන ලද්දේ අජිත් නිසන්ත හා එස්. ධර්මසේන මහත්වරුන් විසිනි. එක්සත් ජනරජ පෙරමුණේ අනුරාධපුර දිස්ත්‍රික් නායක මහාචාර්ය බර්ටි විදානපතිරණ මැතිතුමන්ගේ සංකල්පයක් මත බිහිකල එක්සත් ජනරජ සමාජ සත්කාර පදනම මගින් එප්පාවල මාවතවැව එක්සත් මරණාධාර සමිතියේ සමිති ශාලාවේ සංවර්ධන කටයුතු වෙනුවෙන් රු.100,000.00 මුදලක් පරිත්‍යාග කිරීමට අපේක්ෂා කල අතර එම මුදලින් රු.50,000.00 මුදලක් ලබාදීම සහ අජිත් නිසන්ත මහතා විසින් කොඩි කනු දහයක පරිත්‍යාගයක් ද මෙහිදී සිදුකෙරින. එක්සත් ජනරජ පෙරමුණේ ක්‍රියාකාරීන් ඇතුළු විශාල පිරිසක් මෙම අවස්ථාව සඳහා එක්ව සිටියහ.







