ජිහාඩ් අන්තවාදයේ සම්පූර්ණ අරමුණ අල්ලාහ් අදහන පිරිස හැර අනෙක් අය විනාශ කිරීමයි…

telephone x 1

ජිහාඩ් අන්තවාදයේ සම්පූර්ණ අරමුණ අල්ලාහ් අදහන පිරිස හැර අනෙක් අය විනාශ කිරීමයි…

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

ත‍්‍රස්තවාදීන්ගේ හැකියාව, ගුණය මොකද්ද, ඒ වෙනුවෙන් වෙච්ච විශේෂ මෙහෙයුම් මණ්ඩලයක අවශ්‍යතාවය පැන නැගී තිබෙනවා., -“අමාත්‍ය පාඨලී චම්පික මැතිතුමා මහාසඟ සමුළුවට සහභාගී වෙමින්.”

ජිහාඩ් අන්තවාදයේ සම්පූර්ණ අරමුණ අල්ලාහ් අදහන පිරිස හැර අනෙක් අය විනාශ කිරීමයි. ඔවුන් ඉස්ලාමීය රාජ්‍යය උදා වෙනකන් ඔවුන් ඇතැම් විට තමන්ගේ ආගම අදහන පිරිසම උනත් ඝාතනය කරන්න, විනාශ කරන්න පැකිලෙන්නේ නැති බව අපි මතක තබා ගත යුතුයි. ඒ නිසා මේ නව ත‍්‍රස්තවාදය පරාජය කිරීමට විධිමත් නීති රීති රටකට අවශ්‍ය වෙනවා.

මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික මැතිතුමා මෙම අදහස් පළ කර සිටියේ, මාතෘභූමිය ඉස්ලාමීය මූලධර්මවාදී ආගමික අන්තවාදයේ ගොදුරක්ව පවත්නා මොහොතක එම අන්තවාදයේ ගමන් මග, මතවාදී දැක්ම හා ක‍්‍රියාකාරී ස්වරූපය විවරණය කරමින් එම අර්බුදය හමුවේ මහා සඟරුවන ගත යුතු මග පිළිබඳව කතිකා කෙරෙන මහා සඟ සමුළුවට සහභාගී වෙමිනි.

“මේ අයිඑස් සංවිධානය බිහි උනේ ඉරාකයේ. සදාම් හුසේන් පළවා හැරීමෙන් පස්සේ ඉරාකයේ සුන්නි මුස්ලිම්වරුන් අතරින් ඉරාකයේ අල්කයිඩා ව්‍යාපාරය බිහි කළා. ඒ අල්කයිඩා ව්‍යාපාරය බිහි කළ නායකයා තමයි අල්සර්කාවි. ඔහු 2004 දී මේ ආයතනය පිහිටෙව්වේ. ඔහුගේ ආගමික දර්ශනය තවාහිද් ඉස්ලාම් දර්ශනය. ඒ තවාහිද් දර්ශනයේ ප‍්‍රධාන තේමා දෙකයි. එකක් තමයි ඒක දේවත්වය. අල්ලාහ් හැර වෙන කිසිම දෙවියෙකු නැහැයි කියන එක. ඒ වගේම අනෙකුත් දෙවිවරු සියල්ලම අසත්‍යයි කියන එක. ඒවගේම ඒ ව්‍යාජ දෙවිවරු අදහන අය එක්කෝ ඉස්ලාම් ධර්මය වැළඳ ගත යුතුයි. එසේ නොවන අය විනාශ නොවන අය විනාශ කර දැමිය යුතුයි කියන එක තමයි ඉතාම සරළව ගතහොත් මේ තවාහිද් දර්ශනය කියන එක. මෙන්න මෙතන තමයි ගැටළුව තිබෙන්නේ. අපිත් සමහරවිට කියනවා අන්‍ය ආගම් අදහන අය මිත්‍යා දෘෂ්ඨිකයි කියලා. අපි ප‍්‍රාර්ථනා කරන්නේ නැහැ එම අය බුද්ධාගමට ආ යුතුයි නැතිනම් විනාශ කළ යුතුයි කියලා. නමුත් මේ තවාහිද් දර්ශනයේ ප්‍රධානම මත දෙක තමයි. අල්සර්කාවිගේ මතයයි, එසේම සහරාන් හසීම්ගේ ද මතයයි ඒ තව්හිද් දර්ශනය ලෝකය පුරා ඉන්න ජිහාඞ්වාදීන්ගේ මතයයි අතරේ කිසිඳු වෙනසක් නැති බව අපි හොඳින් තේරුම් ගත යුතුයි.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *