එක්සත් ජනරජ පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්රී පාඨලී චම්පික රණවක මහතා සහභාගී වූ ‘කඩුවෙල කාන්තා හමුව’ ජූලි 27 සවස කඩුවෙල, වඳුරම්මුල්ල බුරුම විහාරස්ථ ශාලාවේදී පැවැත්විණ.
මෙම හමුව සංවිධානය කළේ එක්සත් ජනරජ පෙරමුණේ කඩුවෙල සංවිධායක බෝසෙත් කළහෙපතිරණ මහතාගේ මූලිකත්වයෙනි. ජනරජ කාන්තාවෝ සභාපතිනි ධාන්යා සමරසිංහ, කඩුවෙල කාන්තා සභාපතිනී දීපිකා ඩයස් මහත්මීන් ඇතුළු පිරිසක් ද මෙම අවස්ථාව සඳහා සහභාගී විය.