එල්නිනෝ තත්ත්වයට මුහුණ දෙන්න සූදානම් වෙන්න – ජනරජ පෙරමුණේ නායක පාඨලී චම්පික රණවක.

telephone x 1

එල්නිනෝ තත්ත්වයට මුහුණ දෙන්න සූදානම් වෙන්න – ජනරජ පෙරමුණේ නායක පාඨලී චම්පික රණවක.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

එල්නිනෝ තත්ත්වයට මුහුණ දෙන්න සූදානම් වෙන්න – ජනරජ පෙරමුණේ නායක පාඨලී චම්පික රණවක
2023.08.12 දිවයින පුවත්පත

මේ වෙනකොට ලංකාවේ බොහෝ ප්‍රදේශවලට නියඟයක් උදාවෙලා. උඩවලව ජලාශය සිඳී ගිහිං. ඒ හේතුව නිසා මහවැලි වලව කලාපයට වගේම හම්බන්තොට බොහෝ ප්‍රදේශවල ගොවිතැන විනාශ වෙලා. මේ තත්ත්වය යම් ප්‍රමාණයකට සමනය කරගන්න තිබුණා නිසි වෙලාවට සමනළ වැවෙන් උඩවලව ජලාශයට ජලය නිකුත් කළානම්. නමුත් ඒක ගොවියෝ ඉල්ලද්දී පවා සිද්ධ වුණේ නෑ. ප්‍රතිඵලය විදිහට කුඹුරු 50%ක් විනාශයි. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියලා එකක් තිඛෙනවා. කෘෂිකර්ම
අමාත්‍යාංශය, මහවැලි අධිකාරිය වගේ ආයතන තියෙනවා. වාරිමාර්ග දෙපාර්තමේන්තුව තිඛෙනවා නමුත් මේ කිසිම ආයතනයක් මේ වෙලාවේ හරියට වැඩ කළේ නෑ නේද?

මූලික දේ තමයි රටක් පාලනය කරනකොට පාලකයෝ බුද්ධිමත් වෙන්න ඕනෑ. ඔවුන්ට තම රටට විපත්තියක් විනාශයක් සිදු වෙන්න එනවා නම් ඒක කල්තියා හඳුනාගැනීමේ ඥානය තිබිය යුතුයි. එහෙම බුද්ධියක් සහ සහකම්පනයක් තිබුණොත් විතරයි යම් සැලැස්මක් අනුව වැඩකරලා ඒ ව්‍යසනයෙන් රට ගලවා ගන්න හැකි වෙන්නේ.

මූලිකම දේ තමයි දැන් අපිට ඉන්න පාලකයෝ ආණ්ඩුවේ ඉහළ නිලධාරීන්ට මේ බුද්ධිය නෑ. සමහරුන්ට බුද්ධිය තිබුණට සහකම්පනය නෑ. එහෙම වුණාම ඔවුන්ට කල්තියා ප්‍රශ්න ගැටලූ පේන්නේ නෑ. මේ උදාවෙලා තිඛෙන තත්ත්වය අමුතු දෙයක් නෙවෙයි. මේක ගැන මම කලිනුත් අනතුරු අඟවලා තිඛෙනවා. අපි අමාත්‍යාංශවල වැඩ කරනකොට මේ වගේ තත්ත්වයන් යටතේ වැඩ කරන්නේ කොහොමද කියන ආදර්ශය දීලා තිඛෙනවා.

මේ උදාවෙලා තිඛෙන්නේ එල්නිනෝ (El Nino) කියන තත්ත්වය. මේ කාලගුණ තත්ත්වය නිසා මෝසම් සුළංවලට නැතිනම් මෝසම් වැසිවලට බලපෑමක් සිද්ධවෙලා තිඛෙනවා. මේ කියන කාලගුණ තත්ත්වයේ දී පෘථීවිය තුළ සාමාන්‍යයෙන් සිදුවන සුළං ප්‍රවාහවල වෙනසක් සිදු වෙනවා. සාගර ජලයේ උෂ්ණත්වය ඉහළ යෑමත් එක්ක තමයි මේ එල්නිනෝ කියන සංසිද්ධිය හටගන්නේ. මේකේ අනෙක් පැත්ත එහෙම නැත්තං සාගර ජලයේ සිසිලන ක්‍රියාවලිය නිසා ලා නිනා (La Nino) කියන තත්ත්වයත් ඇතිවෙනවා. ඇමරිකාවේ ඉඳලා ඉන්දුනීසියාව පැත්තට හමන සුළං ප්‍රවාහවල වෙනසක් මේ හරහා සිදුවෙන්න පුලූවන්. ඒක එහෙම වුණොත් සාමාන්‍යයෙන් කලට වැසි වැටෙන කලාපයට නෙවෙයි වැස්ස වැටෙන්නේ. ඇමරිකා එක්සත් ජනපදය, ඕස්ට්‍රේලියාව වගේ රටවල කාලගුණ විද්‍යාඥයන් විසින් දැන් මෙම තත්ත්වය වර්ධනය වෙමින් තිඛෙන බවට අනතුරු ඇගවීමක් කර තිඛෙනවා. ඇත්ත වශයෙන්ම මේක ලංකාවට බලපාන්න පුළුවන් තත්ත්වයක්. නිරිත දිග මෝසම මේ ගමන අපිට එතරම් දැනෙන විදිහට සක්‍රීය වුණේ නෑ. ඒ වගේම මේ එල්නිනෝ ක්‍රියාවලියේ බලපෑම ආවොත් අපිට පැමිණෙන්නට නියමිත ඊසාන දිග මෝසම් වැසි ක්‍රියාවලියත් අඩපණ වෙන්න පුළුවන්. ඒක එහෙම වුණොත් අපිට ඒක විශාල වශයෙන් බලපාන්න පුළුවන්. මොකද අපේ විදුලි බලාගාර පිහිටලා තිඛෙන ජලාශ බොහෝමයක් පිරෙන්නේ, මේ ඊසාන දිග මෝසම් වර්ෂාවෙන්. මේ වර්ෂාව කලට වෙලාවට ඔක්තෝම්බර්, නොවැම්බර් මාසවල ආවෙ නැතොත් අපි විශාල අමාරුවක වැටෙනවා.

මට මතකයි මේ වගේ සිද්ධියක් වුණා 2009 – 2010 අවුරුදුවල. මේ කාලයේ එල්නිනෝ තත්ත්වයක් වර්ධනය වුණා. ඒකේ ප්‍රතිඵලයක් හැටියට 2011 අවුරුද්දේ බස්නාහිර දෙසින් එන නිරිතදිග මෝසම් වැස්සත් අඩාල වෙලා. අවුරුදු එකහමාරක විතර දීර්ඝ නියඟ තත්ත්වයක් බලපෑවා. මේ නියං තත්ත්ව 2012 අග වෙනකම් ගියා.

මේ කාලයේ මෙම නියං තත්ත්වය ගොවිතැනට වගේම විදුලිබල නිපදවීමටත් විශාල වශයෙන් බලපෑම් එල්ල කළා. වික්ටෝරියා, රන්දෙණිගල, වගේ මහවැලි ජලාශවලට දැඩි බලපෑමක් එල්ල වුණා. ඒ වගේම පානීය ජල ප්‍රශ්නයක් මේ කලාපයේ මතුවුණා. දැන් මේ කියන එල්නිනෝ තත්ත්වය විටින් විට ඇති වෙනවා. ඒක අපි තේරුම්ගත යුතුයි. තේරුම් අරගෙන ඒ සඳහා සූදානම්ව සිටිය යුතුයි. රටක් ඉදිරියට යන්නනම් එහෙම කරන්න වෙනවා. මේ තත්තවයේම අනික් පැත්ත ඒ කියන්නේ අධික වැසි ඇතිවෙන කළත් දැන් ඇති වෙනවා. ඒකට අපි කියන්නේ එල්නිනෝ තත්ත්වය කියලා. ගෝලීය උණුසුම ඉහළ යෑම වගේ තත්ත්වයන් හමුවේ මේ දේවල් සාමාන්‍ය සංසිද්ධීන් බවට පත්වෙලා කියන දේ අපි තේරුම් ගන්න ඕනෑ. එහෙම තේරුම් අරගෙන අපි ඒවට අවශ්‍ය විදිහට අපේ සැලසුම් සකස් කරගන්න අවශ්‍යයි.

දැන් බලන්න 2020 – 2021 ලංකාවට අධිකව වැසි ලැබුණ කාලයක්. විශේෂයෙන් කඳුකරයේ ජලාශවලට හොඳටම වැසි ලැබුණ කාලයක් මේ කාලය. අවාසනාවකට මේකෙන් අපිට උපරිම ප්‍රයෝජන ලබාගන්න බැරිවුණා. මෝඩ පොහොර තහනම නිසා කෘෂිකර්මාන්තය පැත්තෙන් අපිට ඒ ප්‍රයෝජනය ගන්න බැරිවුණා. විදුලිබල මණ්ඩලයටත් ඒ ප්‍රයෝජනය ගන්න බැරිවුණා. විදුලි බල මණ්ඩලය අධික විදිහට පාඩු ලැබුවා. මෙතන තිඛෙන්නේ පාලකයන්ගේ වැරැද්ද. නිසි සැළසුමකට විද්‍යාත්මකව හිතලා ඒ අවශ්‍ය තීන්දු තීරණ නොගැනීම තමයි මෙතන තිඛෙන ප්‍රධාන ප්‍රශ්නය. මේ යන ක්‍රමය අස්සේ තවදුරටත් මේ රටට පැවැත්මක් නෑ.

*උඩවලව ජලාශයට සමනළ වැවෙන් නිසි කලට වතුර දුන්නේ නෑ. ගොවියාගේ උද්ඝෝෂණය එක්ක තමයි ආණ්ඩුව වතුර දෙන්න තීරණය කරන්නේ. ඒ වෙනකොට අශ්වයා පැනලා ගිහිං.*

ඔව් මේ සිදුවීමෙනුත් පෙණුනේ ආණ්ඩුවට ජනාධිපතිවරයාට මේ සම්බන්ධයෙන් කිසිදු සැලැස්මක් තිබුණේ නෑ කියන දේ. අමාත්‍යාංශ අතර කිසිඳු සම්බන්ධීකරණයක් තිබුණේ නෑ. විදුලිබල ඇමැති කල්පනා කළේ තමන්ගේ ජාමේ බේරගන්න. මොකද සමනළ වැව හිඳිලා ගියොත් දකුණට විදුලිය අඛණ්ඩව ලබාදීමේ ගැටලූවක් උදාවෙනවා. දකුණේ මේ විදුලි ගැටලූව අවුරුදු කීපයක ඉඳලා තියෙන එකක්. තවමත් පිළියමක් නෑ. පොල්පිටිය ජලාශයේ ඉඳලා හම්බන්තොට ඉදිකරන රැහැන් පද්ධතිය ගැන ඇයි ආණ්ඩුව බරපතළ විදිහට හිතන්නේ නැත්තේ. ඇයි සෘජු තීන්දුවක් අරගෙන, කොන්ද කෙළින් තියාගෙන වැඩකරලා, ඒ මීටර් 600ක දුර රැහැන් සම්බන්ධ කරන්න පියවර නොගන්නේ. මෙතැනයි ගැටලූව තිඛෙන්නේ. මෙහෙම යන තාක් හදිස්සි විදුලිය මිලදී ගැනීම් කරන්න වෙනවා. අමාත්‍යවරයා වගේම අමාත්‍යාංශය නිලධාරීනුත් ඒකට කැමති ඇති.

විදුලිබල මණ්ඩලය පහුගිය කාලේ පුදුමාකාර විදිහට පාඩු ලැබුවා. දැනට විදුලිබල මණ්ඩලය සාමාන්‍යයක් හැටියට ගත්තොත් තුන් ගුණයකින් විදුලි ගාස්තු වැඩි කරලා තාම පාඩුව සමනය කරගන්න බැරිවෙලා තියෙනවා. 2010 අවුරුද්දේ, අපි අවුරුදු පහළොවකට පස්සේ ලංකා විදුලිබල මණ්ඩලය ලාභදායි තත්ත්වයට පත් කළහම ඔය බොහෝ දෙනෙක් (විදුලි මාෆියාවේ අය) කිව්වේ, නෑ නෑ ඒක ඇමතිගේ හපන්කමක් නෙමෙයි, හොඳට වැස්සා, ඒකයි ලාභ ලැබුවේ කියලා. හැබැයි ඒගොල්ලෝ හිතුවේ නෑ, වැස්සේ කිසි බලපෑමක් නැති ලෙකෝ ආයතනය කොහොමද ලාභ ලැබුවේ කියලා. ඒ වගේම විදුලි ගාස්තු අනුක්‍රමයෙන් වැඩි කරනවා වෙනුවට, තෙල් ගාස්තු වැඩි කළා ආණ්ඩුව, විදුලිබල මණ්ඩලයට පාඩු කිරීමේම උවමනාවට. ඒ වගේම 2013 අවුරුද්දේ එකපාරටම 35%කින් විදුලි ගාස්තු ඉහළ දැම්මා. ඉතින් ඒ හරහා යම්කිසි මුදලක් ගලාගෙන ඇවිල්ලා ලංකා විදුලිබල මණ්ඩලය මූල්‍යමය වශයෙන් 2013 අවුරුද්දේ ශක්තිමත් වුණත් 2014 අවුරුද්දේ නැවතත් විදුලි ගාස්තු අඩු කළා. 2015 අවුරුද්දේ නැවතත් අඩු කළා. 2015 දී විදුලි ගාස්තු අඩු කරලත් අපට පුළුවන් වුණා ලොකු වර්ෂාපතන වාසියකින් තොරව ලංකා විදුලිබල මණ්ඩලය ලාභ කරන්න. ඒ නිසා මේ ලංකා විදුලිබල මණ්ඩලයේ ලාභය කියන එක වර්ෂාව මත පමණක් හෝ විදුලි ගාස්තු වැඩි කිරීම මත පමණක්ම යැපෙන දෙයක් නෙවෙයි. කළමනාකරණය මත යැපෙන දෙයක්.

*අපි දන්නවා සුනාමියෙන් පස්සේ ආපදා කළමනාකරණය පිළිබඳ හොඳ පනතක් සම්මත වුණා. අපි ආපදාවන් ගැන වෙනස් විදිහට සැලැස්මක් යටතේ හිතනවා කියලා පෙන්නුවා. දැන් මොකද වෙලා තියෙන්නේ?*

ඔව් ඔබ හරි, මේ ආපදා කළමනාකරණ පනත ඉතා බලගතු පනතක්. ජනාධිපතිතුමා තමයි එහි ප්‍රධානියා. නමුත් මම දන්න තරමින් ආපදා කළමනාකරණ අධිකාරිය හෝ මේ ආපදා කළමනාකරණ පනතට අනුව තිඛෙන ඒ ආපදා කළමනාකරණ කමිටුව වසර ගණනාවකින් රැස්වෙලා නැහැ. මේක ආරක්ෂක අමාත්‍යාංශය යටතේ දැන් තියෙන්නේ. මේ එල් නිනෝ තත්ත්වය පිළිබඳව මාස තුන හතරක සිට කසු කුසුවක් විද්‍යාත්මක ක්ෂේත්‍රවල තිබුණා. ඒ අනුව කවරාකාරයේ සැලසුමක් සකස් කරලා තියෙනවද මේකට මුහුණ දෙන්න කියලා අපි දන්නේ නෑ. හරිනම් එහෙම රැස්වෙලා මේකට මුහුණ දෙන්න ක්‍රමයක් හදලා තියෙන්න ඕනෑ. විශේෂයෙන්ම මීට සති කීපයකට පෙර පාර්ලිමේන්තුවේ අනුකාරක සභාවකදී ආරක්ෂක අමාත්‍යාංශයට විශේෂ දැනුම් දීමක් කරා මෙවැනි තත්ත්වයක් උදා වෙන්න නියමිතයි, අදාළ ආයතන සමඟ සැලසුමක් පිළියෙල කරන්න කියලා. මොකද මේක එනවානම් හරියටම එන්න නියමිත නොවැම්බර්, දෙසැම්බර් කාලේ. අපිට කාලයක් තියෙනවා මේකට මුහුණ දෙන්න. කොහොමද මුහුණ
දෙන්නේ කියන එක පිළිබඳ අත්දැකීමක් තියෙනවා. නමුත් අවාසනාවකට ලංකාවේ එවැන්නක් සිදුවෙන්නේ නැහැ. රැස්වීම් පවත්වනවා. මාධ්‍ය සංදර්ශන කරනවා මිසක් ප්‍රායෝගිකව මේ සඳහා මුහුණ දීමක් සිදු වෙන පාටක් නැහැ.

කෙසේ නමුත් ජනතාවගේ පැත්තෙන් අපි මෙවැනි එල්නිනෝ තත්ත්වයක් ඇති වුණොත්, නියංකාරී තත්ත්වයක් ඇති වුණොත් එහි බලපෑමට සූදානම් විය යුතුයි. ඒ වගේම වැදගත්ම දේ මේ එල්නිනෝ තත්ත්වයත් එක්ක පෘථීවියේ උණුසුමේ ඉහළ යෑමක් සිදුවෙන්න ඉඩ තියෙනවා. ඒක අපේ වගේ රටවල් වලට තදින් බලපාන්න පුළුවන්. අපි ඒ ගැන මීට වඩා බරපතළ විදිහට හිතන්න අවශ්‍යයි. ජනාධිපතිවරයාත් මේ ප්‍රශ්නය පිළිබඳව සවිඥා‚කයි කියලා සැරින් සැරේ පෙන්වනවා. ඒත් ප්‍රායෝගිකව දේවල් වෙනවා නම් අපිට පේන්නේ නෑ. පෘථීවියේ උණුසුම ඉහළ යෑමේ බලපෑම් විදිහට සාගරයේ උණුසුම ඉහළ යෑම, සාගරය ප්‍රසාරණය වෙලා ගොඩබිම් සාගරයට යටවීම, ඒ වගේම අයිස් කඳු දියවී යෑම, නියඟය, ගංවතුර වගේ විශාල දේවල් සිද්ධවෙන්න පුලූවන්. අපි මේවට දැන් තියාම සූදානම් විය යුතුයි. ඒ සඳහා නිසි සැලසුමකට අනුව කටයුතු කළ යුතුයි. නියඟයක් එනවා නම් අපි ඒක කල්තියා දැනගෙන ඒකට සූදානම් විය යුතුයි. ඒ හරහා නිසි සැළැස්මකට කටයුතු කරලා හානිය අවම කරගත යුතුයි.

අපි දැන්වත් මේ එල්නිනෝ තත්ත්වයට මුහුණ දෙන්න කටයුතු කළ යුතුයි. සැළසුම් සකස් කළ යුතුයි. එහෙම නැතිවුණොත් ගොවිතැනට වතුර නැතිවීම විතරක් නෙවෙයි පානීය ජලය පිළිබඳව ගැටලූ එන්න පුළුවන්. ඊළඟට විදුලිය අඛණ්ඩව සැපයීම විශාල ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. නියඟය නිසා විදුලි බිල තවත් වැඩි කරලා පෞද්ගලික අංශයෙන් විදුලිය ගන්නවාට වඩා දැන්ම මේ තත්ත්වයට මුහුණ දෙන්න නිසි සැලසුමක් සකස් කළොත් අපිට හානිය අවම කරගෙන මේකෙන් ගොඩ එන්න පුළුවන් වෙයි.

 

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *