එක්සත් ජනරජ පෙරමුණ විසින් පෙබරවාරි 14 වෙනිදා එළිදැක්වුනු ‘දේශය වෙනුවෙන් එක්වන පියවරක්’ ප්රකාශනයෙහි අන්තර්ගතය සම්බන්ධයෙන් සියළු දේශපාලන පක්ෂ, සංවිධාන දැනුම්වත් කිරීමට ගනු ලැබූ තීරණය අනුව, දේශපාලන පක්ෂ සහ සංවිධාන රැසක් සමග මේ වන විට සාකච්ඡා කර තිබේ.
එහි තවත් පියවරක් ලෙස මහජන පක්ෂය සහ එක්සත් ජනරජ පෙරමුණ අතර සාකච්ඡාවක් මාර්තු 28 දින එක්සත් ජනරජ පක්ෂ මූලස්ථානයේ දී පැවැත්විණ.
මහජන පක්ෂය වෙනුවෙන් එහි නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී අසංක නවරත්න මහතා ඇතුළු එම පක්ෂයේ දේශපාලන මණ්ඩල සාමාජිකයින් පිරිසක් සහභාගී වූ අතර, එක්සත් ජනරජ පෙරමුණ වෙනුවෙන් එහි නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක, ප්‍රධාන ලේකම් බන්දුල චන්ද්‍රසේකර, මධ්‍යම කාරක සභික සජිත් දුමින්ද පීරිස්, නිහාල් ගජසිංහ මහත්වරුන් මෙම අවස්ථාවට එක්ව සිටියහ.