එක්සත් ජනරජ පෙරමුණ සහ නිදහස ජනතා සභාව අතර සාකච්ඡාවක්

telephone x 1

එක්සත් ජනරජ පෙරමුණ සහ නිදහස ජනතා සභාව අතර සාකච්ඡාවක්

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

එක්සත් ජනරජ පෙරමුණ විසින් පෙබරවාරි 14 වෙනිදා එළිදැක්වුනු ‘දේශය වෙනුවෙන් එක්වන පියවරක්’ ප්‍රකාශනයෙහි අන්තර්ගතය සම්බන්ධයෙන් සියළු දේශපාලන පක්ෂ, සංවිධාන දැනුම්වත් කිරීමට ගනු ලැබූ තීරණය අනුව, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, එක්සත් ජාතික පක්ෂය සහ සමගි ජන බලවේගය සමග මින් පෙර සාකච්ඡා කරන ලදී.

එහි තවත් පියවරක් ලෙස නිදහස ජනතා සභාව සහ එක්සත් ජනරජ පෙරමුණ අතර සාකච්ඡාවක් පෙබරවාරි 27 දින පස්වරුවේ නාවල, කොස්වත්ත නිදහස ජනතා සභාව කාර්යාලයේ දී පැවැත්විණ.


මෙම සාකච්ඡාව සඳහා නිදහස ජනතා සභාව වෙනුවෙන් එහි නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම, ප්‍රධාන ලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී චරිත හේරත්, පාර්ලිමේන්තු මන්ත්‍රී උදයන කිරිඳිගොඩ, නීතීඥ සුමිත් විජේසිංහ යන මහත්වරුන් ද, එක්සත් ජනරජ පෙරමුණ වෙනුවෙන් එහි නායක පාඨලී චම්පික රණවක, ප්‍රධාන ලේකම් බන්දුල චන්ද්‍රසේකර, දේශපාලන මණ්ඩල සභාපති, හිටපු නියෝජ්‍ය අමාත්‍ය කරු පරණවිතාන, ජ්‍යෙෂ්ඨ උපසභාපති, නීතීඥ ශිරාල් ලක්තිලක යන මහත්වරුන් ද එක්ව සිටියහ.

 

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *