එක්සත් ජනරජ පෙරමුණ ගම්පහ ආසන ජනරජ සභාව ජනවාරි 27 මිරිස්වත්ත KAZE Restaurant හිදී, එක්සත් ජනරජ පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණ.
මෙම හමුව සංවිධානය කරන ලද්දේ එක්සත් ජනරජ පෙරමුණු මධ්‍යම කාරක සභික ඉංජිනේරු අමිල් ප්‍රියන්ත මහතා විසිනි.
මෙම අවස්ථාව සඳහා ජනරජ පෙරමුණු ජාතික සංවිධායක ඉංජිනේරු සුමේධ රත්නායක, සභාපති විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ, ජාත්‍යන්තර කටයුතු පිළිබඳ නියෝජ්‍ය ලේකම් මහාචාර්ය රෝහණ මහලියනාරච්චි මහත්වරුන් ඇතුළු පිරිසක් සහභාගී විය.