එක්සත් ජනරජ පෙරමුණේ බුලත්සිංහල ආසන ජනරජ සභාව පෙබරවාරි 25 දින පක්ෂ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතාගේ ප්‍රධානත්වයෙන් බුලත්සිංහල ඔප්සඳ උත්සව ශාලාවේදී පැවැත්විණ.
මෙම අවස්ථාව සඳහා එක්සත් ජනරජ පෙරමුණේ සභාපති විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ, ජ්‍යෙෂ්ඨ උප සභාපති නිශාන්ත ශ්‍රී වර්ණසිංහ, දේශපාලන මණ්ඩල සභාපති කරු පරණවිතාන, ජනරජ කාන්තාවෝ සභාපති ප්‍රියදර්ශනී ආරියරත්න, කළුතර දිස්ත්‍රික් නීතිඥ සංගමයේ සභාපති නීතිඥ මහේෂ් කාංචන, (ජනරජ කන්තාවෝ) කළුතර දිස්ත්‍රික් සම්බන්ධීකාරක මධුරි රණසිංහ, කළුතර දිස්ත්‍රික් කළමනාකාර සේනක විජේනායක, පානදුර ආසන සම්බන්ධීකාරක කමල් ඉන්දික ඇතුළු පක්ෂ නියෝජිතයින් පිරිසක්ද සහභාගී විය.
මෙම අවස්ථාව සංවිධානය කර තිබුනේ බුලත්සිංහල ආසන සම්බන්ධීකාරක ලක්මාල් ගමගේ මහතා විසිනි.