උත්සව සමයට පෙර අත්‍යවශ්‍ය ද්‍රව්‍ය මිල පහත හෙළීම සඳහා පාඨලී වෙළෙඳ ප්‍රජාව සමග සාකච්ඡාවක..!

telephone x 1

උත්සව සමයට පෙර අත්‍යවශ්‍ය ද්‍රව්‍ය මිල පහත හෙළීම සඳහා පාඨලී වෙළෙඳ ප්‍රජාව සමග සාකච්ඡාවක..!

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

බී ළූණු, අර්තාපල් ඇතුළු අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනයෙන් අයුතු ලාභ ලැබීමක් සිදුව ඇති බවට පාර්ලිමේන්තුවේ ක්‍රම සහ විධි කාරක සභාවේ දෙවෙනි වාර්තාව මගින් හෙළිදරව් වී තිබේ.
අත්‍යවශ්‍ය පාරිභෝගික ද්‍රව්‍ය ආනයනයෙන් ව්‍යාපාරිකයන් ලබා ගන්නා අයුතු ලාභය සහ බදු රජයට අය කර ගෙන එම මුදලින් ජනතාවට සහනදායී මිලකට අත්‍යවශ්‍ය ආහාර ලබා දීම සඳහා ක්‍රියා කිරීම රජයේ වගකීමකි.
ආනයනික ආහාර ද්‍රව්‍යවල ආනයනික වටිනාකම හා වෙළෙඳපොළ මිල පිළිබඳ ඩිජිටල් පුවරු, වෙබ් අඩවි හරහා පාරිභෝගිකයින් දැනුවත් කිරීම හා රජයේ ප්‍රතිපත්ති තීරණවලින් පාරිභෝගිකයින්ට ප්‍රතිලාභ සැලසෙන පරිදි අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යවල මිල නියාමනය කිරීම අත්‍යවශ්‍ය ය.
උත්සව සමයේ පාරිභෝගික ගසා කෑම් උපරිමයට ළඟා වීමේ අවදානම සඳහා පාරිභෝගික කටයුතු අධිකාරිය මැදිහත් විය යුතුය.
මේ සම්බන්ධයෙන් පාරිභෝගික ජනතාව දැනුම්වත් කිරීම සහ වෙළෙඳපොළ විමසුමක් සිදු කිරීම සඳහා ක්‍රම සහ විධි පිළිබඳ පාර්ලිමේන්තු කමිටුවේ සභාපති, එක්සත් ජනරජ පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා අප්‍රේල් 05 දින පිටකොටුව තොග වෙළෙඳපොළ පරිශ්‍රය වෙත ගියේය.


එහිදී වෙළෙඳ ප්‍රජාව හමු වී සුහද සාකච්ඡාවක නිරත වූ රණවක මහතා සිංහල, දෙමළ සහ මුස්ලිම් ප්‍රජාවන්ගේ වැදගත් උත්සව අවස්ථා එළඹෙන උත්සව සමයට පෙර, අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය මිල අඩු කිරීම සඳහා ගත හැකි පියවර සම්බන්ධයෙන් සාකච්ඡා කළේය.

       

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *