අස්වැසුම දෙවෙනි අදියරය ක්‍රියාත්මක කීරීමේ දී සමාජ සුබසාධන කටයුතු සම්බන්ධවම පත් කර තිබෙන, ඒ සඳහා පළපුරුදු සමෘද්ධි සංවර්ධන නිලධාරීන් එම කටයුත්ත සඳහා සම්බන්ධ කර ගන්න – ක්‍රම සහ විධි පිළිබඳ කාරක සභාවෙන් නිර්දේශයක්

telephone x 1

අස්වැසුම දෙවෙනි අදියරය ක්‍රියාත්මක කීරීමේ දී සමාජ සුබසාධන කටයුතු සම්බන්ධවම පත් කර තිබෙන, ඒ සඳහා පළපුරුදු සමෘද්ධි සංවර්ධන නිලධාරීන් එම කටයුත්ත සඳහා සම්බන්ධ කර ගන්න – ක්‍රම සහ විධි පිළිබඳ කාරක සභාවෙන් නිර්දේශයක්

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

අස්වැසුම දෙවෙනි අදියරය ක්‍රියාත්මක කීරීමේ දී සමාජ සුබසාධන කටයුතු සම්බන්ධවම පත් කර තිබෙන, ඒ සඳහා පළපුරුදු සමෘද්ධි සංවර්ධන නිලධාරීන් එම කටයුත්ත සඳහා සම්බන්ධ කර ගන්න – ක්‍රම සහ විධි පිළිබඳ කාරක සභාවෙන් නිර්දේශයක්
වෘත්තීයවේදීන් රට හැරයාමට බලපාන කරුණු ගැන ක්‍රම සහ විධි කාරක සභාවේ විශේෂ අවධානය

පාර්ලිමේන්තුවේ ක්‍රම සහ විධි පිළිබඳ කාරක සභාව දෙසැම්බර් මස 13 වැනිදා පෙරවරුවේ එහි සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේදී රැස්විය. මෙහිදී අස්වැසුම ප්‍රතිලාභ යෝජනා ක්‍රමයේ දෙවන අදියර ක්‍රියාත්මක කිරීම සඳහා සමෘද්ධි සංවර්ධන නිලධාරීන්ගේ සේවය ලබා ගැනීම පිළිබඳ සාකච්ඡාවක් පැවැත්වුණු අතර, ඒ සඳහා සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව, සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය යන රාජ්‍ය ආයතනවල නිලධාරීන් ද, සමෘද්ධි සංවර්ධන නිලධාරීන්ගේ වෘත්තීය සංගම්වල නියෝජිතයන් ද කැඳවා තිබිණ.

අස්වැසුම ප්‍රතිලාභ යෝජනා ක්‍රමයේ පළමු අදියරය ක්‍රියාත්මක කිරීම සඳහා සමෘද්ධි සංවර්ධන නිලධාරීන් ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් එම කටයුත්ත, ග්‍රාම නිලධාරීන් වෙත පැවරුණු අතර ඔවුන්ගේ සේවා ව්‍යවස්ථාව සහ දීමනාව සම්බන්ධ ගැටළු හේතුවෙන් ඒ සඳහා ග්‍රාම නිලධාරීන්ගේ දායකත්වය ද ලබා ගැනීමට නොහැකි වූ බවත්, එම ක්‍රියාවලිය ආධුනික නිලධාරීන් ලවා කරවා ගැනීමට සිදුවීම නිසා ප්‍රායෝගික ගැටළු රාශියක් පැන නැගුණු බවත් කාරක සභා සභාපතිවරයා ප්‍රකාශ කළේය. අස්වැසුම දෙවෙනි අදියරය ක්‍රියාත්මක කීරීමේ දී ගම් මට්ටමින් සමාජ සුබසාධන කටයුතු ඉටු කිරීම වෙනුවෙන්ම පත් කර තිබෙන, ඒ සඳහා පළපුරුද්දක් ඇති සමෘද්ධි සංවර්ධන නිලධාරීන් ම එම කටයුත්ත සඳහා සම්බන්ධ කර ගැනීමේ වැදගත්කම ඔහු මෙහිදී අවධාරණය කළේය. ඒ සඳහා නීතිමය බාධාවක් නොවන බව අනාවරණය වූ නිසා ප්‍රතිලාභීන් සෙවීමේ කටයුත්ත අධ්‍යාපනය, සෞඛ්‍යය යන ක්ෂේත්‍රවලට කරන බර තැබීම අඩු කොට දුප්පත්කම යන කරුණට වැඩි බර තැබීමක් සිදු කරමින් ආරම්භ කරන ලෙස උපදෙස් දුන් සභාපතිවරයා විදුලිය බිල යන පරාමිතිය මත දිළිඳුකම මැනීමේ වැදගත්කම තමන් මුල සිට අවධාරණය කළා සේම එම පරාමිතිය සැලකිල්ලට ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසත්, එමගින් ප්‍රතික්ෂේප කළ නොහැකි, අභියෝග කළ නොහැකි ශක්තිමත් පරාමිතියක් අනුව ක්‍රියාවලිය සම්පූර්ණ කළ හැකි බව ද, පෙන්වා දුන්නේ ය.

දුප්පතුන්ගේ රෙජිස්ටරය සකස් කිරීමේ ජාතික කර්තව්‍යයට සම්බන්ධ වීමට සූදානම් ද යන්න ඔහු මෙහිදී සමෘද්ධි සංවර්ධන නිලධාරීන්ගෙන් විමසා සිටියේ ය. එහිදී සමෘද්ධි නිලධාරීන් පෙන්වා දුන්නේ අස්වැසුම ක්‍රියාවලියේ දෙවෙනි අදියරය ක්‍රියාත්මක කිරීම සඳහා තමන් සම්බන්ධ වන නමුත්, 2002 අංක 24 දරණ සුභසාධක ප්‍රතිලාභ පනතේ 21 සහ 22 වගන්ති ප්‍රකාරව රාජකාරි ඉටු කිරීමේදී අසත්‍ය තොරතුරක් මත ක්‍රියා කිරීම හේතුවෙන් වැරදිකරු වීම, දඬුවමට යටත් වීම හා වැරදි ගෙවීම්වලදී ආපසු අය කර ගැනීම යන ප්‍රතිපාදන හේතු‍වෙන් තමන්ට සිදුවන නීතිමය අසීරුතාව ඉවත් කර දෙන ලෙස ඉල්ලා සිටින බව ය. එහිදී සභාපති පාඨලී චම්පික රණවක මහතා ප්‍රකාශ කළේ මෙතෙක් එම වගන්ති මගින් නිලධාරීන් වෙත කිසිදු අපහසුතාවක් සිදු වී නොමැති බව ය. අදාළ පනත සංශෝධනය කිරීම, පාර්ශවයන් අතර යම්කිසි එකඟතාවකට ලිඛිතව එළඹීම සහ විශ්වාසය හා රටේ අවශ්‍යතාව මත පදනම් ව සුහදශීලී එකඟතාවකින් වගකීම ඉටු කිරීම යන විකල්පයන් අතරින් එකක් තෝරා ගත යුතු බවත්, ඉන් වඩාත් සිදු කළ හැකි සහ දුප්පතාගේ වටපිටාව ගැන සිතා සහකම්පනයෙන් සිදු කළ යුතු කාර්යය වන විශ්වාසය මත රාජකාරියට එළඹීමේ වැදගත්කම ඔහු පෙන්වා දුන්නේය. කෙසේවෙතත්, සමෘද්ධි නිලධාරීන්ගේ පාර්ශවයෙන් වාචික එකඟතාවකට වඩා නීතිමය පදනමකින් පනත සංශෝධනය කිරීමේ අවශ්‍යතාව අවධාරණය කෙරිණ.

ඒ අනුව 2002 අංක 24 දරණ සුභසාධක ප්‍රතිලාභ පනතේ 21 සහ 22 වගන්ති සංශෝධනය කිරීම සඳහා මීට පෙරද මුදල් අමාත්‍යාංශය වෙත කාරක සභා‍ව විසින් නිර්දේශයක් කර ඇති බවත්, එම නිර්දේශය නැවත මුදල් අමාත්‍යාංශය වෙත යොමු කරන බවත් කාරක සභා සභාපතිවරයා ප්‍රකාශ කළේය.

කාරක සභාවේ දෙවෙනි සැසියේ දී වෘත්තිකයන් මත බදු පැනවීම සම්බන්ධව ගැටළු හා බදු ප්‍රතිපත්තියට සිදු කරන ලද මෑත කාලීන වෙනස් කිරීම් පිළිබඳ සාකච්ඡාවට ගැනිණ. මේ සඳහා විවිධ වෘත්තීන් නියෝජනය කරන වෘත්තීය සංගම්වල නියෝජිතයන් කැඳවා තිබිණ.

වෘත්තීය සංගම් හමුවේ අදහස් දැක් වූ කාරක සභා සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා විසින්; ක්‍රම සහ විධි පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව සතු බලතල, දේශීය ආදායම් දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා රේගුව සහ සුරාබදු දෙපාර්තමේන්තුව සම්බන්ධ කමිටුව මගින් අනාවරණය කරගත් තොරතුරු, ලබා දුන් නියෝග සහ එහි සාධනීය ප්‍රතිඵල සම්බන්ධයෙන් ඔවුන් දැනුම්වත් කිරීමට කටයුතු කරන ලදී.

වෘත්තීයවේදීන් වැනි සීමිත ආදායම් පරාසයක් තුළ කටයුතු කරන පිරිසක් විශාල බදු බරකට හසු කිරීම හේතුවෙන් ඔවුන් අසාර්ථක ක්‍රමයක ගොදුරක් බවට පත්ව ඇති බව වෘත්තීය සංගම්වල අදහස විය. බදු ලබා ගත හැකි විශාල පිරිසක් බදු ගෙවීම පැහැර හැර ඇති තත්ත්වයක් තුළ නිසි ආකාරයෙන් වැටුප් ලබන වෘත්තීයවේදීන්ගෙන් අය කෙරෙන බදු මුදල් පමණක් නිසි ලෙස අය කර ගැනීමේ ක්‍රමවේදයක් සහිත බැවින් ජීවන වියදමට සාපේක්ෂව සෘණ වැටුපක් ලබන විශාල පිරිසක් වෘත්තීයවේදීන් අතර සිටින බව ද මෙහිදී අනාවරණය විය. ඒ අනුව, විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගෙන් 2% ක පමණ පිරිසක් සෘණ වැටුපක් ලබන තත්ත්වයට පත් ව ඇති අතර, මේ හේතුවෙන් වෘත්තීයවේදීන් විශාල පිරිසක් රට හැර යන තත්ත්වයට පත්ව තිබෙන බව කියැවිණ. 2022.01.01 දින සිට 2023.09.30 දක්වා කාලය තුළ විශේෂඥ වෛද්‍යවරුන් 348 දෙනෙක් රට හැර ගොස් ඇති අතර, අනෙක් වෛද්‍යවරුන් 850 දෙනෙක් ද රට හැර ගොස් ඇති බව ප්‍රකාශ විය. මේ වන විට රට හැර ගිය සම්පූර්ණ වෛද්‍යවරුන් ගණන 1500 ඉක්මවා තිබෙන බව ද, හෙළි විය. එම කාලය තුළ රෝහල් 20 ක් සම්පූර්ණයෙන් ම වසා දමා ඇති අතර, වැසී යාමේ අවදානම සහිත රෝහල් සහ රෝහල්වල ඒකක 400 කට ආසන්න ප්‍රමාණයක් පවතින බව ප්‍රකාශ විය. බැංකු ක්ෂේත්‍රයේ සමස්ත සේවක පිරිස වන 56,000 කට ආසන්න ප්‍රමාණයෙන් 1500 කට ආසන්න ප්‍රමාණයක් ජූනි මාසය අවසන් වන විට රට හැර ගොස් ඇති අතර, සැප්තැම්බර් 30 වන විට මෙම තත්ත්වය දෙගුණයක් දක්වා වර්ධනය වී තිබෙන බව කියැවිණ. එමෙන්ම දෙසැම්බර් මාසය අවසාන වන විට මෙම තත්ත්වය තවත් වර්ධනය වනු ඇති බව ද පැවසිණ. ලංකා විදුලිබල මණ්ඩලයේ 2022 වර්ෂයට අදාළ ව ඉංජිනේරුවන් 100 කට ආසන්න පිරිසක් විදේශගත වී ඇති අතර, 2023 මාර්තු මාසය වන විට 15% ක් පමණ පිරිසකගේ ආදායමින් ඉතිරි වන ප්‍රමාණය මසකට රු. 20,000 කට අඩු බවත්, 20% කට එම ප්‍රමාණය රු. 40,000 කට අඩු බවත් අනාවරණය විය.

වෛද්‍යවරුන්ගේ පමා වූ ගෙවීම් (Arrears Payments) ගෙවීමේ දී, මෙන්ම පශ්චාත් උපාධි සඳහා වියදම් කරන ලද මුදල්වලින් ප්‍රතිපූරණය කරන ගෙවීම්වලට පවා සම්පූර්ණ වශයෙන් බදු අය කෙරෙන අතර, එය පරිපාලන ගැටළුවක් බව වෛද්‍යවරුන්ගේ පාර්ශවයෙන් කියැවිණ. එම අසාධාරණ ක්‍රමවේදය සම්බන්ධ නිශ්චිත යෝජනාවක් කාරක සභාව වෙත යොමු කරන ලෙස සභාපතිවරයා මෙහිදී උපදෙස් දුන්නේ ය.

බදුකරණ ක්‍රියාවලියේ ගැටළුවක් ලෙස මුදලින් සිදු කෙරෙන ගෙවීම් සඳහා බදු අය කිරීමේ ගැටළු පැන නැගී ඇති අතර, FINTEC වැනි ඊ-රිසිට්පත් ලබා දීමේ ක්‍රමවේදයක් සකස් කිරීමේ වැදගත්කම මෙහිදී අවධාරණය කෙරුණු අතර, ඉදිරියේ දී එවන් ඩිජිටල් තාක්ෂණික විසඳුමක් කෙරෙහි වන යෝජනාවක් කාරක සභාව මගින් සිදු කෙරෙන බව ද කාරක සභා සභාපතිවරයා විසින් ප්‍රකාශ කරන ලදී.

වෘත්තීයවේදීන් රට හැර විදේශගත වීම සඳහා බලපාන ප්‍රධාන කරුණ වැටුප් සහ බදු සම්බ්බන්ධ ගැටළුව පමණක් නොව, රටේ ආර්ථික අනාරක්ෂිත බව සහ දරුවන්ගේ අනාගතය යන කරුණු ද, ප්‍රමුඛ ව බලපා ඇති බව මෙහිදී ප්‍රකාශ විය. වෘත්තීයවේදීන් රට හැර යන්නේ කැමැත්තකින් නොවන බවත්, යුරෝපා රටවල්වලට යන බොහෝ වෘත්තීයවේදීන් ශ්‍රී ලංකාවේ සිදු කරන ලද රැකියාවට වඩා උසස් මට්ටමේ රැකියා නොලබන බවත්, ජීවන තත්ත්වය ද බොහෝ පහත් මට්ටමකට වැටී දුක්ඛිත තත්ත්වයට පත් වන අවස්ථා වැඩි බවත් ප්‍රකාශ වූ අතර, එම තත්ත්වය පිළිබඳ සමාජය නිසි ‍ලෙස දැනුම්වත් වී නොමැති පෙන්වා දී වෘත්තිකයන් විදේශගත වීම අඩු කොට රට තුළ රඳවා ගැනීම සඳහා සමාජය නිසි ලෙස දැනුම්වත් කිරීමට කටයුතු කළ යුතු බවත් මෙහිදී අවධාරණය කෙරිණ.

ක්‍රම සහ විධි පිළිබඳ කාරක සභාව සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන අශෝක් අබේසිංහ, එස්.එම්.එම්. මුෂාරෆ්, නාලක බණ්ඩාර කෝට්ටේගොඩ යන මහත්වරුන්ද, කාරක සභා සභාපතිවරයාගේ අවසරය මත රාජ්‍ය අමාත්‍ය අනූප පස්කුවල් හා පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර යන මහත්වරුන්ද එක්ව සිටියහ.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *