අයුතු ලාභ ලබන ව්‍යාපාරිකයන් හෙළිකිරීම සම්බන්ධව පාඨලී ට පැසසුම්..

telephone x 1

අයුතු ලාභ ලබන ව්‍යාපාරිකයන් හෙළිකිරීම සම්බන්ධව පාඨලී ට පැසසුම්..

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

ව්‍යාපාරිකයන් අධික ලාභ ලැබීම පිළිබඳව ප්‍රසිද්ධියේ හෙළිකිරීම සම්බන්ධව එක්සත් ජනරජ පෙරමුණු නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතාට ගෞරවණීය උත්තමාචාරය පුද කරන බව ජාතික පාරිභෝගික පෙරමුණේ නායක අසේල සම්පත් මහතා පවසයි.
ව්‍යාපාරිකයන් අයුතු ලෙස ලබන ලාභ, ක්‍රම සහ විධි පාර්ලිමේන්තු කාරක සභාව යටතේ හෙළි කිරීමට රණවක මහතා ඇතුළු සාමාජිකයෝ ක්‍රියාකළහ. එවැනි ක්‍රියාමාර්ගයකට දේශපාලනඥයන් යොමුවූ පළමු අවස්ථාව මෙය බවද අසේල සම්පත් මහතා පෙන්වා දෙයි. උත්සව සමයේදී පාරිභෝගිකයන් ආරක්ෂා කිරීම රජයේ වගකීමයි.


එය ඉටුකරන ලෙස ජනාධිපතිවරයාගෙන් ජාතික පාරිභෝගික පෙරමුණ ඉල්ලයි. විපක්ෂය ද මිල සම්බන්ධව නිහඬ පිළිවෙතක් අනුගමනය කරයි. ඒ නිසා විපක්ෂයට වංචනික ව්‍යාපාරිකයන් මූල්‍යාධාර සපයන්නේ දැයි ගැටලුවක් මතුවන බව සම්පත් මහතා අවධාරණය කරයි.
එසේ නොවන්නේ නම් සජිත් ප්‍රේමදාස සහ අනුර කුමාර දිසානායක මහත්වරුන් වංචනික ව්‍යාපාරිකයන්ට එරෙහිව ඉදිරිපත් විය යුතු බවද අසේල සම්පත් මහතා පෙන්වා දුන්නේ, ක්‍රම සහ විධි පාර්ලිමේන්තු කාරක සභා සභාපතිවරයා සමග පැවති සාකච්ඡාවකින් පසුවයි.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *