එක්සත් ජනරජ පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා සහභාගී වූ කුඩා ජන හමුවක් අද (21) දින අඹතලේ, පාසල් පටුමග ප්‍රදේශයේ දී පැවැත්විණ.
මෙම හමුව සඳහා එක්සත් ජනරජ පෙරමුණ ජාතික සභාවේ ලේකම්, මධ්‍යම කාරක සභික, කොළඹ දිස්ත්‍රික් සම්බන්ධීකාරක, කඩුවෙල හිටපු නාගරික මන්ත්‍රී බෝසෙත් කලහේපතිරණ, එක්සත් ජනරජ පෙරමුණේ නියෝජ්‍ය ලේකම් – කාන්තා අංශය (ජනරජ කාන්තාවෝ) ප්‍රියදර්ශනී ආරියරත්න යන මහත්ම මහත්මීන් ද, සහභාගී විය.
එක්සත් ජනරජ පෙරමුණේ කාන්තා අංශයේ විධායක සභික, පක්ෂ ජාතික මණ්ඩල සාමාජිකා ධාන්‍යා සමරසිංහ මහත්මිය විසින් මෙම හමුව සංවිධානය කරන ලදී.