එක්සත් ජනරජ පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා සමග රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අතර විශේෂ සාකච්ඡාවක් අද ( ඔක්තෝබර් 05) පස්වරුවේ එක්සත් ජනරජ පෙරමුණ ප්‍රධාන කාර්යාලයේ දී පැවැත්විණ.
මේ වනවිට සෞඛ්‍ය ක්ෂේත්රයේ ඇතිව තිබෙන ඖෂධ ගැටලුව, යන්ත්‍ර සුත්‍ර නොමැතිකම හා වෛද්‍යවරුන් රට හැරයාම වැනි ගැටළු රාශියක් මූලික කර ගනිමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සිදුකරන ලද පරීක්ෂණයක් මගින් මෙම ගැටළු මඟ හරවා ගැනීම සඳහා ක්‍රියාත්මක කළ යුතු යෝජනා සහිත ‘අට වැදෑරුම් ප්‍රතිපත්තිය’ නිල වශයෙන් මෙහිදී පාඨලී චම්පික රණවක මහතාට ප්‍රධානය කිරීම සිදු වූ අතර සෞඛ්‍ය ක්ෂේත්රය රැක ගැනීම වෙනුවෙන් ඉදිරියේදී ගත හැකි ක්‍රියාමාර්ග පිලිබඳ මෙහිදී සාකච්ඡා විය.