ශ්‍රී ලංකාවට ඉන්දියාවෙන් නැනෝ නයිට්රජන් ආනයනයේ දී බිලියන ගණනක වංචාවක් සිදුව ඇති බවට පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා විසින් 2021 වසරේ දී හෙළිදරව් කරන ලද අතර, ඊට එවක කෘෂිකර්ම ඇමැති ලෙස කටයුතු කළ මහින්දානන්ද අලුත්ගමගේ මහතා විසින් විරෝධය පළ කළේ එය සාවද්‍ය චෝදනාවක් බව ප්‍රකාශ කරමිනි. එහිදී මහින්දානන්ද අලුත්ගමගේ මහතා ප්‍රකාශ කළේ අදාළ ඉන්දීය සමාගමේ වෙබ් අඩවිය ඔස්සේ ප්‍රකාශ කර ඇත්තේ නැනෝ යූරියා වල මිල ගණන් බවත් ලංකාවට ගෙන්වල ලද්දේ නැනෝ නයිට්රජන් බවත් එහි දක්වා ඇති මිල ගණන් ඉන්දියාවේ සහනාධාර මිල බවත්ය.
ඊට පිළිතුරු ලබා දුන් රණවක මහතා 2021.11.03 දින තමන් විසින් විපක්ෂ නායක කාර්යාලයේ දී පවත්වන ලද මාධ්‍ය හමුවේ දී හෙළිදරව් කරන ලද කරුණු අනුව, 2021 ඔක්තෝබර් මස 18 වැනි දින කැබිනට් පත්‍රිකාවක් මගින් ඉන්දියාවෙන් නැනෝ යූරියා දියර පොහොර ගෙන ඒම සම්බන්ධයෙන් අති විශාල වංචාවක් සිදුව ඇති බව පෙන්වා දුන් බවත්, ඒ පිළිබඳව කරන ලද හෙළිදරව්වෙන් පසු කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පාර්ලිමේන්තුවේ දී තමන්ට අවමාන සහගත ලෙස අපහාස කරමින් ප්‍රකාශයක් සිදු කළ බවත්, සඳහන් කළේය.
විශාල මාධ්‍ය ප්‍රචාරයක් ද ලබා දෙමින් රණවක හිටපු අමාත්යවරයාෆේ ප්‍රකාශය අසත්‍ය බවටත්, මෙහි තිබෙන්නේ නැනෝ නයිට්රජන් බවටත්, එලෙසම මෙහි වංචාවක් සිදුව නැති බවටත් අලුත්ගමගේ අමාත්‍යවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පසුව පැමිණිල්ලක් ද ගොනු කළේය.
ඉන්දියානු ගොවි පොහොර සමූපාකාර සමාගමේ තාක්ෂණ නිලධාරීන් ශ්‍රී ලංකාවට පැමිණ අනිල් යාදව් මහතා මේ පිළිබඳ මාධ්‍ය හමුවක් පැවැත්වූ අතර රණවක මහතා විසින් ප්‍රකාශ කරන ලද සියලුම කරුණු සත්‍ය බව ඔප්පු වෙන ආකාරයට ඔහු විසින් ප්‍රකාශයක් සිදු කරන ලදී.
“පළමුව මේ රසායනික පොහොර තහනම් කළා කිව්වට මේ ගෙන එන පොහොර දියරය පැහැදිලිවම නැනෝ තාක්ෂණයෙන් බිහිවෙච්ච රසායනික පොහොරක් මිස ස්වභාවික කාබනික පොහොරක් නොවන බව ඔහුගේ කතාවෙන් පැහැදිලි වුණා. ඒක සම්පූර්ණ ඇත්තක්.” යනුවෙන් ද රණවක මහතා පැහැදිලි කළේය. නැනෝ තත්ත්වයේ පවතින දේ ස්වභාවික නොවන අතර ඒවා නිෂ්පාදනය කළ යුතුය. එවැනි නිෂ්පාදිතයන් ස්වාභාවික පොහොරක් නොවන අතර එය අනිවාර්යයෙන් ම රසායනික පොහොරක් වේ. මන්ද එය නිෂ්පාදනය කරන්නේ රසායනික ද්‍රව්‍ය හරහා ය.
“මෙහි පොහොර මිලි ලීටර් පන්සීයක මිල ඉන්දියානු රුපියල් 240 ක් බව ඔහු ප්‍රකාශ කළා. මා කිව්වෙත් ඒකමයි. ලීටරයක් ඉන්දියානු රුපියල් 480 ක් කියලා. එතකොට මේක වෙන්නේ ඩොලර් 06 කට ආසන්න ප්‍රමාණයක්. නමුත් මහින්දානන්ද අලුත්ගමගේ ඇමතිවරයා මේ අනුන්ට චෝදනා කරන මේ පුද්ගලයා මේ ගෙනෙන ලද පොහොර ගෙන එනවයි කියලා කැබිනට් මණ්ඩලයට පොරොන්දු වුණේ කලම්බු කොමර්ෂල් පොහොර සමාගම හරහා. නමුත් ඔහු මේක ගෙනාවේ වෙනත් පුද්ගලික පිරිසකගේ ට්‍රස්ට් එකක් හරහා ඒ ගැන ප්‍රකාශ කරලා තියෙන කැබිනට් පත්‍රිකාවේ. ඒකෙන් මිල ගණන් කැඳවනවා කියලා විතරයි. ඊළඟට මේ පොහොර ලීටර් මිලියන 2.1 කට ආසන්න ප්‍රමාණයක් මෙරටට ගෙන්වීම සඳහා ඩොලර් 52 ක මුදලක් වැය කරන බව ඒ කැබිනට් පත්‍රිකාවේ සඳහන් වෙලා තියෙනවා. ඒ කියන්නේ එක ලීටරයක්, ඩොලර් 25 කට ආසන්න මුදලක් තමයි ගෙන්නන්න යන්නේ. ඉතින් ඒ හරහා තමයි මේ මහා වංචාව සිද්ධවෙන්නේ. මං පෙන්නලා දුන්නා. ගොවි පවුල් දස ලක්ෂයකට රුපියල් අටදාහ ගානේ ලබා දෙන්න තරම් වටිනා මුදලක් මේ සාපලත් පාලකයින් විසින් ගොවි ජනතාවගේ පොහොර තහනම් කරලා ලබාදීපු එම නැනෝ පොහොර වලින් කොල්ල කාගෙන ඇති බව.”
“මේ ඊනියා සමාගම සිය ගිණුම සකස් කරලා තියෙන්නේ. 2021.10.18 වෙනිදාමයි. කැබිනට් පත්‍රිකාව ආපු දවසෙමයි. 19 වෙනිදාම මේ කටයුතු කරලා තියෙනවා. ඊට පසුව මේ ගිණුම වසා දමලා තියෙනවා. මේ වංචනිකයින් අත්අඩංගුවට ගත යුතුයි. තරාතිරම නොබලා රාජ්‍ය ඇමතිද? ඇමතිද? මීට සම්බන්ධ ඊට වඩා ඉහල ඇත්තෝද? ඒ සියලු දෙනාට නීතිය වහාම මේ රටේ ගොවි ජනතාව වෙනුවෙන් අපි ඉල්ලා හිටිනවා ක්‍රියාත්මක විය යුතුයි. ඒ වගේම මේ සම්බන්ධයෙන් අදාළ සමාගමෙනුත් අපි ඉල්ලා හිටිනවා විශේෂයෙන්ම තමන් ගෙවන ලද මිල හරි හැටියට මේ රටට ලෝකෙට ප්‍රකාශ කළ යුතුයි. රජය මේ ගැන මැදිහත් නොවුනත් අනාගතය අනිවාර්යෙන්ම මේ දූෂිත වංචාවට එරෙහිව මේ රටේ ජනතාව, මේ රටේ ගොවි ජනතාව දැන් පෙළගැසිය යුතු බව, ඉතාම පැහැදිලියි.” මේ කාබනික කොම්පෝස්ට් පොහොර ටොන් එකක සාමාන්‍ය වටිනාකම රු. 230 කි. ටොන් 98,000 ක් ගෙන ඒම සඳහා ඩොලර් මිලියන 44 ක් වැය වේ. ඩොලරය රු. 230 ක් ලෙස සළකා බැලුවහොත් මේ කොම්පෝස්ට් පොහොර ටොන් එකක් සඳහා රු. 103,000 ක් වැය වේ.
“මේ රටේ විශාලම කාබනික අංගනය පොහොර අංගනය, කොම්පෝස්ට් අංගනය පවත්වාගෙන ගියේ, අපේ මහනගර අමාත්‍යාංශයෙන්, අපි, තොග ගානේ ටොන් එකක් ලබා දුන්නේ රු. 4200ට. ඒ වගේම, නයිට්රජන් පොස්පරස් පොටෑසියම් එක්කහු කරලා පැකට් කරලා වික්කේ රුපියල් 30කට කිලෝව. ඒ කියන්නේ ටොන් එක රු. 30,000 කට ගන්න පුළුවන්කම. හැබැයි තොග වශයෙන් ගත්ත හැම කෙනාටම ටොන් එක රු. 4000 ට වික්කේ. දැන් කොහොමද ඒකෙත් ගැහිල්ල? ඒකෙත් ගැහිල්ල 1 ට 25 ගැහිල්ලක්.”
“කෝප් කමිටුව ඉදිරියේ පිළිගත්තා අදාල ආයතනයේ සභාපතිවරයා පනතට අනුව ඒකට කිසිම නීතිමය හැකියාවක් නෑ කියලා පොහොර නිෂ්පාදනය කරන්න. ඒ වෙනුවෙන්ම කාබනික පොහොර නිෂ්පාදනය කියලම ශෂේන්ද්‍ර රාජපක්ෂ මහත්තයාගේ අමාත්‍යාංශයක්ම තියෙනවා. එහෙම තිබියදී එකට පනතෙන් කිසිම ඉඩකඩක් ලබා දීලා නෑ කියලා. කැබිනට් මණ්ඩලයට යම් යම් අනුමැතීන් දෙන්න පුළුවන්. නමුත් පනත් උල්ලංඝනය කරන්න කැබිනට් මණ්ඩලයට හැකියාවක් නෑ. ඒ බව හොඳින්ම මතක තබා ගත යුතුයි. ඒ අනුව මේ ගනුදෙනුවත් සම්පූර්ණයෙන්ම නීති විරෝධී ගනුදෙනුවක්.”
එමෙන්ම එම නිර්මාණය කරන ලද පොහොර පසට යොදන්න සුදුසුද නැද්ද යන්න පිළිබඳ ප්‍රමිති වාර්තාවක් තිබේ ද යන්න රණවක මහතා විසින් ආණ්ඩුවෙන් ප්‍රශ්න කළේය.
“ටොන් 20000 කට ආසන්න ප්‍රමාණයක් නිෂ්පාදනය කරලා තියෙනවා කියලා ඒ සභාපතිවරයා පිළිගත්තා. ඒ අනුව ගත්තත් මිලියන 350 ක් වියදම් කරලා ඒකෙන් කොටසක් වියදම් කරලා නැහැයි කියලත් ඔප්පු වෙලා තියෙනවා. ටොන් 20000 කට ආසන්න ප්‍රමිතිය පිළිබඳ ප්‍රශ්නාර්ථයක් තියෙන ප්‍රමාණයක් බිහි කරලා තියෙනවා. ටොන් එකක් එතනත් රු. 17000 ක් ගිහින් තියෙනවා. කොහොම ගැහිලිද?”
“ මේක නැනෝ යූරියාද? නැනෝ එහෙම නැත්නම් නයිට්රජන් ද කියලා කිව්වේ. අපි නෙවෙයි. මේ අයි. එෆ්. එෆ්. සී. ඕ. වෙබ් අඩවියට යන ඕනෑම කෙනෙකුට ඉතාම පැහැදිලිව පේන දේ තමයි කිසිම තැනක ඒ වෙබ් අඩවිය නෑ. නැනෝ නයිට්රජන් කියලා දෙයක්. මං නැවතත් පෙන්නනවා. මම අදත් ගියා. මේ මොහොතෙත් යනවා. මෙන්න වෙබ් අඩවිය. මේ වෙබ් අඩවියේ කිසි තැනක, නැනෝ නයිට්රජන් කියලා දෙයක් නෑ. තියෙන්නේ, නැනෝ, යූරියා. කිසි තැනක නෑ, නැනෝ නයිට්රජන් කියලා. නැනෝ යූරියා. අද මේ වෙනකන් කෘෂිකර්ම අමාත්‍යාංශය මං මේ ප්‍රකාශය කරලා දැන් දින ගණනාවක් වෙනවා. කෘෂිකර්ම අමාත්‍යාංශයේ කිසිම රසායනාගාර පරීක්ෂණයක් කරලා නෑ. මෙහි රසායනික සංයුතිය ගැන. ඒ නිසා තාමත් අපිට පිළිගන්න වෙන්නේ මේ වෙබ් අඩවියේ සඳහන් විස්තරය පමණයි. ඒ විතරක් නෙවෙයි. මේ අයිඑස්එෆ්, සී. ඕ. ආයතනය මේ සිද්ධිය ඇති වුණාට පස්සේ මාධ්‍ය නිවේදනයක් දැම්මා. ඒ මාධ්‍ය නිවේදනයේ ඉතා පැහැදිලිව කියලා තියෙනවා මේ බව. ඉතින් කවුරුත් දන්නවා, මහින්දානන්ද අලුත්ගමගේ මහත්තයා නොදන්නවාට රසායන විද්‍යාව ඉගෙන ගත්ත හැමදෙනාම දන්නවා යූරියා කියන්නේ නයිට්රජන් සංයෝගයක්. ඒ අනුව ඒ නයිට්රජන් සංයෝගයේ ප්‍රමාණය ගත්තොත් ඒකේ 46% ක්ම තියෙන්නේ නයිට්රජන් කියලා. ඒ නිසා මේ නැනෝ යූරියා ද නැනෝ නයිට්රජන් ද කියන එකේදී ඇත්තටම නයිට්රජන් සංයෝගයක් තමයි යූරියා. රසායනික සංයුතිය මැන්නාම නයිට්රජන් හම්බවෙන්න ඉඩකඩ තියෙනවා. හැබැයි මේ වෙන තෙක් ඒක කරලා නෑ. ඒ අනුව මේ පුවත්පත් නිවේදනයක් මාධ්‍ය නිවේදනයක් අයි එෆ් එම් වල ඒ වගේම ඔවුන්ගෙ ප්‍රසිද්ධ වෙබ් අඩවියත් කියන මේ දෙකම දක්වලා තියෙන කරුණු වලට අනුව මෙහි අඩංගු නයිට්රජන් ප්‍රතිශතය 4% යි. යූරියාවල 46% යි. එතකොට මේ ගැන මේ යූරියා වලින් නිර්මාණය කරපු පොහොරක්.”
යනුවෙන් මේ සම්බන්ධයෙන් රණවක මහතා වැඩිදුරටත් එවකට කරුණු දැක්වූ අතර, දැන් රණවක මහතා කියූ සත්‍යය යළිත් වරක් සනාථ වී තිබේ.
සන්ඩේ ටයිම්ස් පුවත්පතට අනුව, ශ්‍රී ලංකාව අදාළ ඉන්දියානු පොහොර සමාගමකට 2021 වසරේදී වැඩිපුර මුදල් ගෙවා ඇති බවට විගණන වාර්තාවකින් තහවුරු වී තිබේ.
එම පුවතේ මෙසේ ද දැක්වේ.
“අනවශ්‍ය යෝජනාවකින් තෝරා ගත් නැනෝ නයිට්රජන් දියර පොහොර ඉන්දියානු පොහොර සමාගමකින් ආනයනය කිරීමට පසුගිය රජය වෙළෙඳපොළ මිල මෙන් දෙගුණයකටත් වඩා ගෙවා එම මුදල සම්පූර්ණයෙන් පියවා තිබියදීත් ලැබුණේ මුළු ඇණවුමෙන් සියයට හතක් පමණක් බව විගණන වාර්තාවක දැක්වේ.
2021 මහ කන්නයේ දී සීමාසහිත ඉන්දියානු ගොවි පොහොර සමාගම් (IFFCO) විසින් ඉදිරිපත් කරන ලද ඉල්ලුම් නොකළ යෝජනා දෙකක් මත පදනම්ව එහි දේශීය නියෝජිත එක්සත් ගොවිජන භාරය (UFT) හරහා පොහොර සැපයීමට තෝරාගෙන ඇති බව ජාතික විගණන කාර්යාල වාර්තාවෙන් අනාවරණය විය.
එකඟ වූ පොහොර තොගය සැපයීමට අපොහොසත් වීම හේතුවෙන් සමාගම තවමත් ගෙවිය යුතු මුළු හිඟ මුදල රුපියල් මිලියන 48 ක් ගෙවා නැත.
එකල ශ්‍රී ලංකාවේ විදේශ මුදල් හිඟය හේතුවෙන් ඉන්දියානු සමාගම ණය පදනම මත පොහොර සැපයීමට යෝජනා කළේය.
2021 නොවැම්බර් 22 වැනිදා දියර පොහොර මිලි ලීටර් 500ක් අඩංගු බෝතලයක් ඩොලර් 12.45ට බෝතල් 4,250,000ක් (ලීටර් 2,125,000) ආනයනය කිරීමට ගිවිසුම්වලට එළැඹ තිබුණද හතරවරකින් ආනයනය කර තිබුණේ පොහොර බෝතල් 306,454ක් පමණි. රජයට රුපියල් 711,863,096 ක වියදමක් දැරීමට සිදු වූ බව විගණන වාර්තාවේ සඳහන් වේ.”
සම්පූර්ණ වාර්තාව පහත සබැඳියෙන්..,