දුෂ්කර අවස්ථාවලින් රට සහ ජනතාව මුදා ගැනීමට සෑම විටම ඉදිරිපත් වූ බව එක්සත් ජනරජ පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පවසයි. මේ වන විටද රට අර්බුදකාරී තත්ත්වයකට මුහුණපා සිටී. අතීතයේ මෙන්ම මෙවර ද අර්බුදයෙන් රට මුදාගැනීම සඳහා ජනතාව වෙනුවෙන් කැපවීමට තමා සූදානම් බව රණවක මහතා අවධාරණය කරයි. ත්‍රස්තවාදය පරාජය කිරීමේ කාර්යයේදී සක්‍රිය දායකත්වයක් සපයා, කළ නොහැකියැයි විශ්වාස කළ ක්‍රියාවලියක් ජයග්රහණයෙන් අවසන් කිරීමට මැදිහත් වූ බව හෙතෙම පෙන්වා දෙයි. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පරාජය කළ නොහැකි බවට මත පළවිය. එහෙත් ඔහු පරාජය කිරීමට නායකත්වය සැපයූ බව ද රණවක මහතා පෙන්වා දෙයි. එවැනි අත්දැකීම් රැසක් මත මෙවරද පවතින අර්බුදයෙන් රට මුදා ගැනීමට කැපවන බව ඔහු අවධාරණය කළේ, " දේශය වෙනුවෙන් එක්වන පියවරක් " ප්‍රායෝගික වැඩපිළිවෙළ කොළඹ ලක්ෂ්මන් කදිර්ගාමර් මධ්‍යස්ථානයේදී ජනගත කරමිනි. පවතින තත්ත්වයෙන් රට මුදා ගනිමින් සංවර්ධනය කරා මෙහෙයවීමට සැමට එක්විය හැකි පොදු වැඩපිළිවෙලක් හඳුන්වාදීම එහි ප්රමුඛ අරමුණ වූ බව පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පවසයි. රට සංවර්ධනය කරමින්, ජනතාවගේ ජීවන තත්ත්ව නැංවීමට අවශ්‍ය සැලසුම් " දේශය වෙනුවෙන් එක්වන පියවරක් " තුළ පවතින බවද හෙතෙම පෙන්වා දෙයි. රණවක මහතා කියාසිටියේ, මෙය අතිශය ප්‍රායෝගික වැඩපිළිවෙළක් බවයි. ඒ සම්බන්ධයෙන් විවිධ පාර්ශව සමග ඉදිරියේදී සාකච්ඡා කිරීමටද නියමිතයි. දැනට රට ක්‍රියාත්මක වන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඇතුළු මූල්‍ය ආයතනවල උපදෙස් මත යි. ඒ සම්බන්ධව විවිධ පාර්ශ්ව විවිධ මත ඉදිරිපත් කර තිබේ. එහෙත් එක්සත් ජනරජ පෙරමුණෙහි ස්ථාවරය වන්නේ, යහපාලන මාර්ගෝපදේශ සහ වෙනත් උපදේශනද ඇතුළත් වන ලෙස ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ යෝජනා තිරසර ආර්ථික වර්ධනයකට අනුකූලවන පරිදි සංශෝධනය කර, ක්‍රියාත්මක කළ යුතු බවයි. බදු අය කිරීම සම්බන්ධව සංශෝධන සිදුවිය යුතු බව රණවක මහතා පෙන්වා දෙයි. සෑම පුද්ගලයෙකුටම බදු ලිපිගොනු විවෘත කිරීම ප්‍රායෝගික නොවේ. එවැනි කාර්යයක් සඳහා ක්‍රමවේදය භාවිත කළහොත්, මිලියන දාසයක් වෙනුවෙන් බදු ලිපිගොනු විවෘත කිරීමට වසර තිස් දෙකක් ගතවෙයි. ඒ වෙනුවට විකල්ප ක්‍රමවේද මගින් බදු අය කිරීම විධිමත් කළ හැකි බව රණවක මහතා පෙන්වා දෙයි. ඉලෙක්ට්‍රොනික් ගෙවීම් පද්ධතියක් නිර්මාණය එක් පියවරකි. සෑම පුරවැසියෙකු සඳහාම ඩිජිටල් පසුම්බියක් ලබා දිය යුතුය. එමගින් සියලු ගනුදෙනු නිරීක්ෂණය කිරීමේ හැකියාව ලැබේ. සියලු කාර්යයන් ඉලෙක්ට්‍රොනික දත්ත පද්ධතියකට සම්බන්ධ කර ගැනීමෙන් පරිපාලනය ද විධිමත් කළ හැකිය. ඒ අනුව e හැඳුනුම්පතක්, e ගුවන් බලපත්‍රයක්, ඊ රියදුරු බලපත්‍රයක්, e බැංකු ක්‍රමයක් සහ e රුපියලක් හඳුන්වා දිය යුතු බව රණවක මහතා පෙන්වා දෙයි. මෙම ක්‍රමවේදය භාවිතයෙන් දැනට බදු නොගෙවන එහෙත් බදු ගෙවිය යුතු මිලියනයක් හඳුනාගත හැකිය. රාජ්‍ය ආදායම දෙගුණයක් බවට පත්කිරීමට ඉන් අවස්ථා සැලසෙයි. මේ වන විට දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට අය විය යුතු යි හිඟ බදු මුදල රුපියල් බිලියන නවසිය පනස් හයකි. ඉන් රුපියල් බිලියන 656 ක් වසර දෙදහස් දහ නවය සිට 2023 අතර කාලයේදී අය නොවූ බදු මුදල් බව එක්සත් ජනරජ පෙරමුණු නායකයා පෙන්වා දෙයි. රේගු දෙපාර්තමේන්තුවට රුපියල් බිලියන පනස් අටක්ද සුරා බදු දෙපාර්තමේන්තුවට රුපියල් බිලියන හතක් ද අය විය යුතුව තිබේ. ඒවා අය කර ගැනීමට විධිමත් ක්‍රියාමාර්ග ගෙන නැතැයි රණවක මහතා පෙන්වා දෙයි. බැංකු පද්ධතියේ අක්රි ණය ප්‍රමාණය රුපියල් බිලියන 1387 කි. රාජ්‍ය බැංකු දෙකක රුපියල් බිලියන 616 කට වැඩි අක්‍රිය ණය පවතී. එවැනි තත්ත්වයක් නිසා බැංකු ගලවා ගැනීම සඳහා අයවැයෙන් ගෙවිය යුතු මුදල රුපියල් බිලියන 420 කි. මෙවැනි තත්ත්ව වෙනස් කිරීම සඳහා විධිමත් සහ ක්රමානුකූල වැඩපිළිවෙලක් ක්‍රියාවට නැංවිය යුතු බව රණවක මහතා පවසයි. රාජ්‍ය ආයතන විධිමත් ප්රතිසංස්කරණයකට පියවර ගත යුතුය. ඒ සඳහා කළමනාකරන විගණනයක් සිදු කළ යුතු බව රණවක මහතා අවධාරණය කරයි. එමගින් වසා දැමිය යුතු ආයතන සහ ඒකාබද්ධ කළ යුතු ආයතන හඳුනාගත හැකිය. ඇතැම් ආයතන ප්‍රතිව්‍යුහගත කළ යුතු අතර රාජ්‍ය _ පෞද්ගලික හවුල්කාරීත්වයෙන් පවත්වා ගත යුතු ආයතන මොනවාදැයි හඳුනා ගැනීමට ද කළමනාකරන විගණනය පිටිවහලක් වෙයි. විවෘත ක්‍රමවේදයක් මගින් පෞද්ගලීකරණය කළ යුතු ආයතනද හඳුනාගත හැක. රාජ්‍ය ආයතන ඇගයීමේ ක්‍රමවේදයක් සහ පත්වීම් සම්බන්ධයෙන් විධිමත් වැඩපිළිවෙලක්ද සැකසිය යුතුය. සේවක වැඩ විගණනය කළ යුතු අතර සේවකයන් සමග සාකච්ඡාවකින් පසු සැලසුම් ක්‍රියාත්මක කළ යුතු බවද " දේශය වෙනුවෙන් එක්වන පියවරක් " ජනගත කරමින් රණවක මහතා පෙන්වා දුන්නේය. මෙම අවස්ථාවට හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන, ඩලස් අලහප්පෙරුම, අනුර ප්‍රියදර්ශන යාපා, සාරතී දුෂ්මන්ත, කුමාර වෙල්ගම, මහින්ද අමරවීර, සුසිල් ප්‍රේමජයන්ත, රවුෆ් හකීම්, ලසන්ත අලගියවන්න, හර්ෂ ද සිල්වා, එරාන් වික්‍රමරත්න, සහ කරු ජයසූරිය, පාලිත රංගේ බණ්ඩාර මහත්වරු ඇතුළු දේශපාලන නියෝජිතයෝ රැසක් සහභාගී වූහ. සිවිල් ක්‍රියාකාරීන් ද ඊට එක්වූ අතර විදේශ තානාපතිවරු ද සහභාගී වූහ.
රට සංවර්ධනය කිරීම සඳහා වූ ප්‍රායෝගික වැඩපිළිවෙලක් හෙට (2024.02.14) ඉදිරිපත් කරන බව එක්සත් ජනරජ පෙරමුණු නායක පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පවසයි. දේශපාලනය සම්බන්ධව උනන්දුවක් දක්වන සියලු පාර්ශවවලට මෙම වැඩපිළිවෙළ වැදගත් බව ඔහුගේ අදහසයි. එය සමාජ ක්‍රියාකාරීන්ට වෘත්තීයවේදීන්ට සහ වෙනත් දේශපාලනය පිළිබඳ උනන්දුවක් දක්වන පාර්ශව වෙත ලබාදීමට පියවර ගැනේ. වසර 2022 අප්‍රේල් මාසයේදී ශ්‍රී ලංකාව බංකොලොත් රාජ්‍යයක් බවට ප්‍රකාශ කෙරිණ. ඉන්පසු ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ වෙනත් මූල්‍ය ආයතන වල මාර්ගෝපදේශ මත ශ්‍රී ලංකා ආර්ථිකය ක්‍රියාත්මක වෙයි. ඒ සම්බන්ධව විවිධ පාර්ශ්ව විවිධ අදහස් ඉදිරිපත් කරන බව රණවක මහතා පෙන්වා දෙයි. එහෙත් පවතින ගැටලුවෙන් රට මුදාගැනීමට සුදුසු වැඩපිළිවෙළක් කිසිවෙකු ඉදිරිපත් කර නැත. එක්සත් ජනරජ පෙරමුණ හෙට දිනයේ දී ඒ සම්බන්ධ විධිමත්, සැලසුම් සහගත වැඩපිළිවෙළක් ඉදිරිපත් කිරීමට සූදානමින් සිටී. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඇතුළු මූල්‍ය ආයතන වලින් ඉදිරිපත් කර ඇති නිර්දේශ සම්බන්ධව ගත යුතු ක්‍රියාමාර්ග වැඩපිළිවෙලට ඇතුළත් වෙයි. රණවක මහතා කියා සිටින්නේ ඉදිරිපත් කර ඇති යෝජනාවලින් ක්‍රියාත්මක කළ යුත්තේ මොනවාදැයි පැහැදිලිව ප්‍රකාශ කිරීමට එක්සත් ජනරජ පෙරමුණ සූදානම් බවයි. ප්‍රතික්ෂේප කළ යුතු කරුණු ද පැහැදිලිව දැක්වීමට තීරණය කර ඇත. සංශෝධන යෝජනා ද හෙට දිනයේ දී ඉදිරිපත් කරන බව රණවක මහතා පවසයි. වෙනත් කිසිදු පාර්ශවයක් එවැනි ක්‍රියාවලියකට අවතීර්ණ වී නැති බව ද හෙතෙම පෙන්වා දෙයි. වර්තමාන ජනාධිපතිවරයාගේ ආර්ථික ප්‍රතිපත්ති හේතුවෙන් ශ්‍රී ලංකාව ආර්ථීක වශයෙන් සංකෝචනය වෙමින් තිබේ. එය ජනතාව මත දැඩි පීඩනයක් නිර්මාණය කරයි. කිසිදු පාර්ශවයකට ඊට සුදුසු විසඳුම් නැතැයි පාඨලී චම්පික රණවක මහතා පවසයි. එක්සත් ජනරජ පෙරමුණ ඉදිරිපත් කරන යෝජනා මාලාවෙන් මෙම තත්ත්වය වෙනස් කිරීමට අපේක්ෂා කෙරේ. බදු වැඩි කිරීම වෙනුවට රාජ්‍ය ආදායම වර්ධනය කළ හැකි විකල්ප ක්‍රමවේද ගණනාවක් හෙට හඳුන්වාදීමට නියමිතයි. සෞඛ්‍ය තත්ත්ව වර්ධනය සහ ඖෂධ ගුණාත්මකභාවය සමග සෞඛ්‍ය ක්ෂේත්රය සම්බන්ධ නව වැඩ පිළිවෙළක් ද සකසා තිබේ. පාරිභෝගිකයන්, ව්‍යාපාරිකයන් සහ නිෂ්පාදකයන් ඉලක්ක කරගත් ආහාර සම්බන්ධ වැඩසටහනක් ද සැලසුම් කර ඇත. අස්වනු හානි අවම කරමින් ඵලදායීතාව වර්ධනය ආහාර මිල අඩු කිරීම එහි අරමුණයි. ඉන්ධන සහ බලශක්ති ක්ෂේත්රය ජනතාවට ගැටලු රැසක් මතු කර ඇත. පාලනය කරමින් ජනතාවට සහන සැලසීම සඳහා ඉන්ධන සහ බලශක්ති ක්ෂේත්රය ආශ්‍රිතව විධිමත් වැඩපිළිවෙලක් ක්‍රියාවට නැංවීම එක්සත් ජනරජ පෙරමුණේ අපේක්ෂාව බව රණවක මහතා පෙන්වා දෙයි. කර්මාන්ත සඳහා විදුලි බිල අඩු කළ යුතුය. විදුලිය පරිභෝජනය අඩු, පාරිභෝගිකයන් වෙනුවෙන් සහන සැලසීමට ද අපේක්ෂා කෙරේ. එවැනි ක්‍රියාමාර්ග අතර විදුලි බල මණ්ඩලය ලාභ උපයන ආයතනයක් බවට පත් කිරීමට ද සැලසුම් සකසා ඇතැයි රණවක මහතා පවසයි. රාජ්‍ය සේවයට ද ප්‍රතිසංස්කරණ අවශ්‍ය වෙයි. ඒ පිළිබඳ යෝජනා ද හෙට ඉදිරිපත් කෙරේ. දැනට ක්‍රියාත්මක සමාජ සුභසාධන ව්‍යාපෘති අසාර්ථක ය. සමෘද්ධි හා අස්වැසුම ආදිය ඊට උදාහරණයි. රණවක මහතා කියා සිටින්නේ සමාජ සුභසාධන විධිමත් ක්‍රියාවලියක අවශ්‍යතාව ශ්‍රී ලංකාවට පවතින බවයි. හෙට ඉදිරිපත් කෙරෙන වැඩ පිළිවෙල යටතේ පුළුල් දේශපාලන සන්ධානයක් නිර්මාණය කිරීමේ හැකියාව ඇතිවෙයි. ඉදිරියේදී සියලු දේශපාලන පක්ෂ, සමාජ සංවිධාන, සමාජ ක්‍රියාකාරීන් සහ වෘත්තීය ආයතන සමග ද වැඩපිළිවෙළ සම්බන්ධ සාකච්ඡා ආරම්භ කරන බව රණවක මහතා කියා සිටී. වර්තමානයේ රට මුහුණ දී ඇති ආර්ථික සමාජ හා දේශපාලන අර්බුදයෙන් මුදා ගැනීම සඳහා භාවිත කළ හැකි පොදු අවම වැඩපිළිවෙලක් හෙට ඉදිරිපත් කෙරෙන බව එක්සත් ජනරජ පෙරමුණු දේශපාලන මණ්ඩල සභාපති කරු පරණවිතාන මහතා පවසයි. ඉදිරියේදී ජනාධිපතිවරණයක් සහ පාර්ලිමේන්තු මැතිවරණයක් පැවැත්වීමට නියමිතයි. එහෙත් මැතිවරණ කල් දැමීම,ව්‍යවස්ථා සංශෝධන, ජනමත විචාරණ ආදී විවිධ අදහස් මතු වෙමින් තිබේ. වර්තමාන තත්ත්වය මත මහජන විරෝධයක් රට තුළ නිර්මාණය වී ඇත. මැතිවරණ කල් දැමීමෙන් හෝ වෙනත් විකල්ප භාවිතයෙන් ජනතාවගේ ප්රජාතන්ත්රවාදී අයිතිය උල්ලංඝනය විය හැකිය. ඒ නිසා මහජනතාවගේ මතයට ඉඩ දෙමින් ප්‍රජාතන්ත්‍රවාදීව මැතිවරණ පැවැත්විය යුතු බව කරු පරණවිතාන මහතා අවධාරණය කරයි. පවතින අර්බුදයෙන් රට මුදා ගැනීම සම්බන්ධයෙන් කිසිදු පාර්ශවයක් අදහස් නොදක්වයි. එවැනි තත්ත්වයකදී ප්‍රතිපත්ති මූලික සන්ධානයක් නිර්මාණය කිරීමට සුදුසු වැඩ පිළිවෙලක් හෙට ඉදිරිපත් කෙරෙන බව පරණවිතාන මහතා පෙන්වා දෙයි. එහි ප්රමුඛ අපේක්ෂාව වන්නේ ජනතාවට යහපත් ජීවන තත්ත්වයක් නිර්මාණය කිරීමයි. පසුගිය කාල සමයේදී විශාල පිරිසක් සමග එක්සත් ජනරජ පෙරමුණ අදහස් හුවමාරු කරගත්තේය. බහුතරයකගේ අදහස වූයේ ප්‍රතිපත්ති මූලික වැඩසටහනක් රට සංවර්ධනය සඳහා අවශ්‍ය බවයි. ඒ සඳහා වූ ක්‍රියාමාර්ග වැඩපිළිවෙළ හෙට ප්‍රකාශයට පත් කෙරෙන බව අද පැවැති මාධ්‍ය හමුවේ දී පරණවිතාන මහතා පෙන්වාදුන්නේය. මේ මාධ්‍ය හමුවට එක්සත් ජනරජ පෙරමුණේ ජාතික සංවිධායක සුමේධ රත්නායක මහතා ද එක්ව සිටියේය.
කොවිඩ් 19 වසංගතය ගෝලීයකරණය වී හමාරය. වසංගතයෙන් දරුණුවටම බැට කෑ රටවල සමාජ, ආර්ථික හා දේශපාලනික ක්‍රමවේද හා ව්‍යුහයන් අභියෝගයට ලක්වී බිඳවැටී ඇත. දෙවන යුරෝපා (ලෝක) යුද්ධයෙන් පසු ලොවේ ඇතිවූවා වැනි සමාජ ආර්ථික හා දේශපාලනික ව්‍යුහාත්මක වෙනසක් මේ වසංගතයෙන් පසුව ඇතිවේවිද? අද ලෝකයේ දාර්ශනිකයන්ගේ සාකච්ඡාව එවැන්නකි. නමුත්, මේ මොහොතේ අපට වඩාත් වැදගත් කරුණ නම් වසංගතය කෙළවර වන්නේ කෙසේද යන්නය. ක්‍රම 3 කට මෙය කෙළවර වන බව විශේෂඥ මතයයි. පළමු ක්‍රමය අනුව වසංගතය කෙලවර වන්නේ රටවල් වසාදමා සියලු සේවා ස්ථාන නිරෝධායනය කර, ඒ ඒ රටවල සෞඛ්‍ය පහසුකම්වලට, බිහිවන නවක රෝගීන් (සුව වෙන රෝගීන් ප්‍රමාණයට වඩා අඩුවෙන් බිහිවී) භාරගත හැකි හැකි තත්වයක් ඇතිවීමෙනි. එය දැනටමත් සිංගප්පූරුව, තායිවානය, හොංකොං හා පසුව කොරියාව විසින් ලබාගෙන ඇත. දෙවැනි ක්‍රමය නම් අඩු තරමින් රෝග ලක්ෂණ වලට ඖෂධයක් සොයා ගැනීමය. යම් සාර්ථකත්වයක් එක්සත් ජනපදය විසින් අත්හදා බැලූ ඖෂධ වලට ඇති බව වාර්තා වී ඇත. මෙවැනිම වාර්තා චීනයෙන්, ජපානයෙන් හා ජර්මනියෙන්ද ලැබී ඇත. අවසාන විසඳුමක් සඳහා ප්‍රතිශක්තීකරණ එන්නතක් නිපදවිය යුතුය. එය එසේ නොවුනහොත් ඒඩ්ස් වෛරසය මෙන් ඇතැම්විට කොවිඩ් 19 සමග අපට තව වසර ගණනක් ජීවත් වීමට සිදුවිය හැකිය. තුන්වැනි මාර්ගය වන්නේ කොවිඩ් 19 ට ඔරොත්තු දිය හැකි ලෙස අපගේ සිරුරුවල ප්රතිශක්තීකරණය වැඩිකර ගැනීමය. (එයට ඇති හේතු සාධක සහ පර්යේෂණ සිදුවේ) නොඑසේනම්, වෛරසය මිනිස් මරණ සිදු නොකරන ලෙස වෙනස්වීම හෝ වෙනස් කිරීමය. (ඒඩ්ස් රෝගය සඳහාද මෙය සිදුවිය. මන්ද වාහකයාගේ මරණය සමග වෛරසයද මිය යන නිසා වෛරසය ස්වයංව වෙනස් වීමෙනි.) මේ කවර ක්‍රමයකට හෝ කොවිඩ් 19 වසංගතය මැඩලීමට අඩුම තරමින් තව සති කිහිපයක් හෝ මාස කිහිපයක් අවශ්‍ය වේ. එතෙක්, එය අපට මෙන්ම, ලෝකයටම වද දෙනු ඇත්තේය. තාක්ෂණයේ සීමා කොවිඩ් 19 වසංගතයෙන් සිදුවූ පළමු දෙය නම් තාක්ෂණයට සියල්ල සහමුලින්ම ජයගත නොහැකි බවය. සුහුරු තාක්ෂණ ලෝකය විසින් වැඩි වශයෙන් ලෝකය සමීප කර සම්බන්ධ කළද, පරිගණක වෛරසයක් මෙන් මානව ශරීරය නසන වෛරසයකට පහසු තාක්ෂණ විසඳුම් නැති බව විද්‍යාත්මක ලෝකය පෙන්වා දී හමාරය. වෙළඳ ආර්ථිකයේ සීමා නූතනවාදයේ මුල් පදනම වූයේ වෙළඳ වාණිජවාදය විසින් ආර්ථික වර්ධනය ළඟාකර ගත හැකි බවයි. එය පසුගිය සියවස් තුනක පමණ කාලය තුළ විවිධ බිඳවැටීම් මැද අඛණ්ඩව සිදුවිය. කෙසේ වෙතත්, කොවිඩ් 19 වසංගතයෙන් මියගිය හා රෝගයට ලක්වූවන්ටත් වඩා අකර්මණ්‍ය වූයේ ගෝලීය වෙළඳ ආර්ථිකයයි. කොටස් වෙළඳපොළ වැසී ගියේය. ආනයන අපනයන ගෝලීය වෙළඳාම ඇණහිටියේය. වෙළඳපොළ ඉල්ලුමද (වෙළඳසැල්), සැපයුමද (කර්මාන්තශාලා) ඇණහිටියේය. සංචාරක කර්මාන්තය හා ගුවන් සේවා සහමුලින් බිඳවැටිනි. තෙල් හා ගෑස් විකුණාගත නොහැකි භාණ්ඩයන් විය. ඒ හා සමගම වායුගෝලීය දූෂණයද අඩුවිය.! වෙළඳාම මගින් ධනය ඉපැයීම මූලික කරගත් ආර්ථිකය යුධ කාලයටත් වඩා සීීග්ර ලෙස බිඳවැටෙමින් ඇත. යුද්ධයකදී අඩු තරමින් යුද්ධයට අවශ්‍ය දේවත් නිෂ්පාදනය වේ පරිභෝජනය වේ. වසංගතයකදී කිසිවක් නිෂ්පාදනය කරගත හැකි තත්වයක් නොපවතී. පරිභෝජනයද සීමා වේ. එමෙන්ම, මානව කලමනාකරණයේ ප්‍රශ්ණ නිසා ඇතිවන ආර්ථික බිඳවැටීම් මෙන් වෙළඳපොළ උපක්‍රම මගින් (පොලීී අනුපාත අඩුකර මුදල් සුලභ කිරීම වැනි 2008-2009 එක්සත් ජනපද උපායමාර්ග) වසංගත නිසා ඇතිවන ආර්ථික බිඳවැටීම් පාලනය කළ නොහැක. ගෝලීයකරණය අවසානද? ගෝලීයකරණය යන වදන උච්චස්වරයට නැගුනේ 1990 දී කොමියුනිස්ට් ක්‍රමය බිඳවැටීමත් සමගය. ලෝකය එකම විශ්ව ගම්මානයක් වෙමින් සීමා විරහිතව ලෝකය වර්ධනය වන බවත්, ප්රාග්ධනය හා තාක්ෂණය සියළු දේශ සීමා හා ජාතිකත්වයන් පසුපසට යවන බවත් කියැවිනි. ගෝලීය උණුසුම වැඩිවීම වැනි ප්‍රශ්ණ ගෝලීයකරණයේ වර්ධනය ප්‍රශ්න කළේය. කොවිඩ් 19 ගෝලීයකරණයේ පදනම ප්‍රශ්ණ කර ඇත. රටවල දේශ සීමා වැසීගොස් ඇත. ප්‍රාග්ධන වෙළඳපොළ බිඳවැටී ඇත. විශ්ව ගම්මානය කොටස් වලට බෙදී වෙන්වී යමින් ඇත. කොවිඩ් 19 ජයගත හැක්කේ ලිබරල්වාදයෙන්ද? කොමියුනිස්ට්වාදයෙන්ද? ලිබරල්වාදයේ පදනම වන්නේ පුද්ගල අයිතිය හා දේපල නිදහසය. නිදහස් සෞඛ්‍ය සේවය ලිබරල් මූලර්ධවලට පටහැනි බව (මාගේ බදු මුදල් වලින් අනුන්ට සෞඛ්‍ය පහසුකම් දීම වැරදිය යන චින්තනය) සිතා කටයුතු කළ එක්සත් ජනපදය හා යුරෝපය එයින් දැන් බැටකමින් සිටී. විශේෂයෙන් දුගී ජනයා සෞඛ්‍ය පහසුකම්, සෞඛ්‍ය රක්ෂණ නැතිකමින් හා ආහාර නැතිකමින් දුක් විඳිති. මේ මොහොතේ ශ්‍රී ලංකාවේද දුගී, එදා වේල සකසා ගන්නන් අන්ත අසරණ වී ඇත. අපේ රටේ මධ්‍යම පාන්තික පිරිස් පිළිවෙලක් සහිත රටවල් ජීවත්වීමට වඩා හොඳ යැයි පවසා විදේශගත වුවද ඒ රටවල සීමා සහිත නිදහස් සෞඛ්‍ය පහසුකම් හා සමාජ ගැටලු (සංක්‍රමණිකයන් ගැන වෛරය) නිසා දැන් අසරණව සිටිති. ලිබරල්වාදයට එරෙහිව මාක්ස්වාදී සමාජවාදය පැවතිනි නම් තත්වය හොඳ වේ යැයි සිතන අයට කිවයුත්තේ ගෙවල්වල, ගම්වල, නගරවල කොටුවී වසංගතය නැසීමට දරන උත්සාහය ගෝලීය සමාජවාදයට සහමුලින් පටහැනි බවය. කෙසේ වෙතත්, පන්තිය වෙනුවට ලෙනින්ගේ පක්ෂය ආදේශ වී ඇති ඇතැම් රටවල් දැඩි මධ්‍යගත ප්රජාතන්ත්රවාදය විසින් කොවිඩ් වසංගතය පාලනය කර ඇත. මෙය ලෙනින්වාදී නොවන තනි පක්ෂ ක්‍රමයක් සහිත සිංගප්පූරුව වැනි රටවලටද අදාලය. ඒ අනුව කොවිඩ් 19 පාලනය වී ඇත්තේ අධිකාරිවාදී හෝ විනයගත සමාජයන් පවතින රාජ්‍යයන් හි පමණි. එයට ලිබරල්වාදය හෝ කොමියුනිස්ට් වාදය අදාල නැත. ආහාර, ඖෂධ හා බලශක්ති ස්වයංපෝෂිතතාවය දැන් අත්‍යාවශ්‍යය ගෝලීය ත්‍රස්තවාදය, ගෝලීය උණුසුම වැඩිවීම නිසා ඇතිවුණු ලැව්ගිනි, ගංවතුර, නියඟය ආදී සියල්ල පෙන්වා දෙන්නේ, වෛරසයකට කෙටි කලකින් කළ හැකි විනාශය ඉතා විශාල බවය, ත්රස්තවාදයට හා පරිසර ව්‍යවසනයන්ට වඩා කෙටි කලකින් වසංගතයකට ලෝකය විනාශ කළ හැකි බවය. මෙමගින් පෙනී යන්නේ සියලු රටවල්වල ආහාර, ඖෂධ හා බලශක්ති ස්වයංපෝෂිතතාවය ඕනෑම ලිබරල් ගෝලීයකරණ ක්‍රියාවලියකට ඉහළින් තැබිය යුතු බවය. ගෝලීය හරිත ව්‍යාපාරයට මෙන්ම දේශීය දැනුම් පද්ධතීන් වලටද අලුත් අගයක් ලැබෙමින් පවතී. ඒඅනුව, ගෝලීයකරණය හා ලිබරල්කරණය අතහැර නව ලෝක ආර්ථික රටාවකට ලෝකය ඉදිරියේදී ගමන්කරයිද? පාඨලී චම්පික රණවක
චින්තන ධර්මදාස මහතාගේ කුලුදුල් සිනමා නිර්මාණය වන "ඇවිලෙන සුලුයි" චිත්‍රපටයේ මංගල දර්ශනය මාර්තු 13 රීගල් සිනමා ශාලාවේදී තිරගත වුණා. සිනමා ශාලාවේ සිදුවූ තාක්ෂණික දෝශයක් හේතුවෙන් චිත්‍රපටය විකාශය කිරීම අතරමඟදී නතර කිරීමට සිදුවුවද ප්‍රේක්ෂකයින් චිත්‍රපටයේ පළමු අර්ධය කුතුහලයෙන් යුතුව රසවින්දෙමි. අද කොරෝනා වෛරසය ව්‍යාප්තවීම වළක්වාලීමේ අරමුණෙන් සිනමා ශාලා දින නියමයකින් තොරව වසා දැමීමට රජය තීරණය කර තිබේ.
"රාජගිරිය ජනාධිපති විද්‍යාලයේ පැවති මහජන උපයෝගීතා කොමිසම මගින් සංවිධානය කරන ලද විදුලි ආරක්ෂක දැනුවත් කිරීමේ දිනය" මේ අවුරුද්ද ලංකා විදුලිබල මණ්ඩලයටත්. ලෙකෝ ආයතනයටත් ඉතාමත් හොඳයි. විදුලිබිල නැංවීමක් රැස්වීම්වල අදහස් දැක්වුවට කිසිඳු මිල නැංවීමක් වෙන්නේ නැහැ. ලංකා විදුලිබල මණ්ඩලයත්, ලෙකෝ ආයතනයත් මේ වසරේ ඉතාම ශක්තිමත් මූල්‍ය ස්ථාවරයක සිටිනවා. ඒ නිසා නොයෙක්දෙනා ජනතාව බිය වැද්දීමට නොයෙක් ප්‍රකාශ කළාට, කිසිඳු විදුලිබිල නැංවීමක් සිදුවන්නේ නැහැ රටේ ජනතාවට විදුලිය සැපයීම තමයි අපේ මූලික අරමුණ. මේ රටේ විදුලිය ලබාදීම 2010 වේගවත් කළා. ඒ කාලෙදි කොළඹටවත් 100% ක් විදුලිය තිබුණේ නැහැ. මුළු දිවයිනම ආවරණය වන අන්දමින් විදුලිය ලබාදෙන්න තමයි විදුලමු ශ්‍රී ලංකා ව්‍යාපෘතිය ආරම්භ කළේ. දැන් නොයෙක් බාධා මැද්දේ දැන් ඒ ව්‍යාපෘතිය සාර්ථක වෙලා. තවත් පවුල් ලක්ෂයකට පමණයි විදුලිය ලබාදෙන්න ඉතිරිවෙලා තියෙන්නේ. මේ රටේ දැවෙන ප්‍රශ්නයක් වෙලා තිබුණ සැමට විදුලිය යන්න දැන් විසඳිලා. ඊලඟ ගැටළුව තමයි කප්පාදුවකින් තොරව විසිහතර පැයම විදුලිය ලබාදිම. ඒ අභියෝගයත් අපි ජයගත්තා. මේ කලාපයේ කප්පාදුවකින් තොරව පැය 24ම විදුලිය සපයන එකම රට බවට ශ්‍රී ලංකාව පත්වෙලා තියෙනවා. හැබැයි විදුලිබල ක්ෂේත්රයේ සුරක්ෂතතාවය ඇති කරගන්නනම්, විදුලිය ඉතිරි කරන්නත්, වැඩිවන විදුලිබල ඉල්ලුම සපුරාලියහැකි පරිදි විදුලිබල පද්ධතිය ශක්තිමත් කරන්නත් අවශ්‍යයි