කොරෝනා හෙවත් කෝවිඩ් 19 වෛරසය ලෝකය පුරා සීඝ්රයෙන් පැතිරයමින් පවතී. මේ වනවිට ශ්‍රී ලංකාවෙන් වාර්තා වන රෝගීන් සංඛ්‍යාව 65 දක්වා ඉහළ ගොස් ඇති අතර රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ප්‍රකාශ කරන අන්දමට එය පළමු දින 7 තුල ඉතාලියේ තත්වයට වඩා දරුණු තත්වයකි. ආණ්ඩුව විසින් අද සවස් කාලයේ සිට ඇදිරි නීතිය පණවන බවට නිවේදනය කිරීම නිසා රට පුරා වෙළඳසල්, මහජන පොළ, බැංකු සහ තැබෑරුම් යන ස්ථාන වල දීර්ඝ පෝලිම් දක්නට ලැබෙනවා. මෙම රෝගය මර්දනය කිරීම සදහා ආණ්ඩුව සද්භාවයෙන් ඇදිරි නීතිය පැනවීමට ක්‍රියා කලා විය හැකි වුවද ඉන් තත්වය තවත් නරක අතට හැරී තිබෙනවා. මෙම වෛරසය ආසාධනය වීම වැළැක්වීමට නම් හැකි තාක් මහජනයා ඒකරාශි වීම වැලැක්විය යුතුයි.
Newshub.lk වෙබ් අඩවිය සමඟ සිදුකල සංවාදය
රට වෙනුවෙන් ඔබ වෙනුවෙන් නව දේශපාලන බලවේගයක් නිර්මාණය කිරීමේ අරමුණ පෙරදැරිව සමගි ජන බලවේගය නියෝජනය කරමින් කොළඹ දිස්ත්‍රික්කය සදහා හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක අද(18) නාමයෝජනා අත්සන් කළේය.
කොරෝනා අර්බුදය පිළිබඳව ෆේස් බුක් ඔස්සෙ සිදුකළ විවරණය පහතින්..