"කොළොන්නාවම 1ට" සමඟි ජන බලවේගයේ කොළොන්නාව සංවිධායක එස්.එම් මරිකාර් මහතාගේ සහයෝගය ඇතිව, කොළොන්නාව නගර සභාවේ හිටපු උප නගරාධිපති නීතිඥ උපාලි සූරියාරච්චි මහතා විසින් සංවිධානය කල විශේෂ හමුවක් පසුගියදා කුරුළු උයන හෝටලයේ පැවැත්විණි. මෙම හමුව සදහා පක්ෂ ක්‍රියාකාරීන්, වෘත්තිකයින් ඇතුලු පිරිසක් සහභාගී විය.
අස්ගිරි පාර්ශ්වයේ මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ බැහැදැකීම
පාඨලී චම්පික රණවක මහතා අද පෙරවරුවේ අස්ගිරි පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥානරතන ස්වාමීන්ද්‍රයන් වහන්සේ බැහැදැක ආශිර්වාද ලබාගත්තා. චම්පික රණවක මහතා විසින් පසුගිය සමයේ බෞද්ධ විහාරස්ථාන සංවර්ධනය උදෙසා සිදුකල කාර්යභාරය ඇතුළත් "සසුන රකින පාඨලී" ග්රන්ථයද එහිදී මහානායක හිමියන් වෙත පිළිගන්වන ලදි.
