සේවා ව්‍යවස්ථා ගැටලුව විසඳා දෙන්නේනම් “අස්වැසුම” සුභසාධක ප්රතිලාභ සම්බන්ධ ගැටලුවට මැදිහත්වීමට සූදානම් බව ග්‍රාම නිලධාරී සංගම් ක්‍රම හා විධි පිළිබඳ කාරක සභාවේදී පැවසීය. ග්‍රාම නිලධාරී සංගම් මේ පිළිබඳ පැවසුවේ ක්‍රම හා විධි පිළිබඳ කාරක සභාව පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතාගේ සභාපතිත්වයෙන් පසුගියදා (15) පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදීය. ග්‍රාම නිලධාරී සංගම් සමග අස්වැසුම ප්රතිලාභ යෝජනා ක්‍රමය ක්‍රියාත්මක කිරීමේදී මතුව ඇති ගැටලු පිළිබඳ සාකච්ඡා කිරීම මෙම කාරක සභාවේදී සිදු වූ අතර මෙහිදී ග්‍රාම නිලධාරී සංගම් පෙන්වා දුන්නේ “අස්වැසුම” සම්බන්ධයෙන් ඉදිරිපත් කර ඇති අභියාචනා සම්න්ධයෙන් කටයුතු කිරීමට තමන් සූදානම් නැති බවයි. මන්ද මේ පිළිබඳ රාජකාරීවලින් සමෘද්ධි නිලධාරීන් ඉවත් වීමෙන් පසු ග්‍රාම නිලධාරීන් වෙත පීඩනය ලබාදීම සුදුසු නැති බවත් ඔවුහු පෙන්වා දුන්හ. විශේෂයෙන්ම මේ වන විට “අස්වැසුම” සම්බන්ධයෙන් අභියාචනා ලක්ෂ 10කට අධික ප්‍රමාණයක් ලැබී ඇති පසුබිමක ග්‍රාමනිලධාරීන් මැදිහත්වී මෙම කාර්ය සිදු කිරීම නුසුදුසු බව ග්‍රාම නිලධාරී සංගම් වල අදහස වූ අතර සමෘද්ධිය කපා දැමුවේය යන චෝදනාව ජනතාවගෙන් තමන් වෙත ලබාගැනීමට සූදානම් නැති බව ඔවුහු පෙන්වා දුන්හ. එසේ මැදිහත් වුවහොත් තම ග්‍රාමසේවා වසම් වල ජනතාව තමන් සමග වෛර බැඳගැනීමට සූදානම් වනු ඇති බවද ඔවුහු සඳහන් කළහ. නමුත් ග්‍රාම නිලධාරීන්ගේ සේවා ව්‍යවස්ථාව සම්බන්ධයෙන් ගැටලුවක් පවතින බවත් මේ වන විට සේවා ව්‍යවස්ථාවක කෙටුම්පතක් සකස්කොට සාකච්ඡා කිහිපයක්ම සිදු කොට ඇති බවත් ග්‍රාම නිලධාරී සංගම් සඳහන් කළ අතර මේ සම්බන්ධයෙන් විසදුමක් ලබාදෙන ලෙසද ඔවුහු ඉල්ලා සිටියේය. මේ අනුව සේවා ව්‍යවස්ථාව සම්බන්ධ ගැටලුව විසඳා දෙන්නේ නම් අස්වැසුම වැඩසටහනට අදාළ කටයුතු වෙනුවෙන් සම්බන්ධ වන්නේ දැයි මෙම කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා විමසා සිටි අතර එහිදී ඒ වෙනුවෙන් එකඟ වන බව ග්‍රාම නිලධාරී සංගම් සඳහන් කළේය. මේ අනුව ග්‍රාම නිලධාරීන්ගේ සේවා ව්‍යවස්ථාව සැකසීමේ කටයුතු කඩිනම් කිරීමට රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය වෙත දැනුම්දීමට කටයුතු කරන බවත් මෙහිදී සභාපතිවරයා සඳහන් කළේය. එසේම අස්වැසුම ප්රතිලාභ ක්‍රමය යටතේ රාජකාරිය ඉටු කිරීමට ග්‍රාම නිලධාරීන් බලාත්මක කිරීමේ ලිපියක් නිකුත් කරන ලෙසත් සුභසාධක ප්රතිලාභ මණ්ඩලයට දැනුවත් කිරීම සිදු කරන ලදි. තවද ගෘහමූලික ලැයිස්තු සඳහා දත්ත වේදිකාවක් සකස් කිරීම මගින් අවශ්‍ය තොරතුරු එම දත්ත වේදිකාව හරහා ලබාගැනීමේ හැකියාව සොයා බලන ලෙසද සුබසාධක ප්රතිලාභ මණ්ඩලය වෙත දැනුම්දීමද මෙහිදී සිදු විය. එසේම 2002 අංක 24 දරන සුභසාධක ප්රතිලාභ පනත මගින් දඩුවම් දීමේ ක්‍රමයක් පිළිබඳ සඳහන් වන බවත් මේ සම්බන්ධයෙන්ද ගැටලුවක් පවතින බවත් ග්‍රාම නිලධාරී සංගම් පෙන්වා දුන්නේය. ඒ අනුව දඩුවම්දීම සම්බන්ධයෙන් වන ගැටලුවට නීතිමය වශයෙන් අවශ්‍ය කටයුතු සිදු කරන බවත් කාරක සභාවේ සභාපතිවරයා සඳහන් කළේය. තවද අස්වැසුම ලබා ගැනීමට සුදුසුකම් ලැබූ ලක්ෂ 08 ජනතාවක් සිටින බවත්, තවත් ලක්ෂ 12 පමණ පිරිසකට අස්වැසුම සහනාධාරය ලබාදීමට හැකි බවත් සුභසාධක ප්රතිලාභ මණ්ඩලය නියෝජනය කරමින් පැමිණි නිලධාරීන් සඳහන් කළේය. මෙම කාරක සභාව සඳහා රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න පාර්ලිමේන්තු මන්ත්‍රී සංජීව එදිරිමාන්න යන මහත්වරු සහභාගී වූහ. சேவைப் பிரமாணக் குறிப்புப் பிரச்சினைக்குத் தீர்வு வழங்கினால் ‘அஸ்வெசும’ நலன்புரி பயனாளிகள் பிரச்சினையில் தலையிடத் தயார் – கிராம உத்தியோகத்தர் சங்கம் வழி வகைகள் பற்றிய குழுவில் தெரிவிப்பு சேவைப் பிரமாணக் குறிப்புப் பிரச்சினைக்குத் தீர்வு வழங்கினால் ‘அஸ்வெசும’ நலன்புரி பயனாளிகள் தொடர்பான பிரச்சினையில் தலையிடத் தயார் என கிராம உத்தியோகத்தர் சங்கத்தினர் பாராளுமன்ற வழி வகைகள் பற்றிய குழுவில் தெரிவித்தனர். பாராளுமன்ற உறுப்பினர் கௌரவ பாட்டளி சம்பிக ரணவக தலைமையில் அண்மையில் (15) கூடிய பாராளுமன்ற வழிவகைள் பற்றிய குழுவிலேயே கிராம உத்தியோகத்தர் சங்கத்தினர் இவ்வாறு தெரிவித்தனர். அஸ்வெசும நலன்புரித் திட்டத்தை நடைமுறைப்படுத்தும் போது ஏற்பட்ட பிரச்சினை தொடர்பில் கலந்துரையாடுவதற்காக இந்தக் குழு கூடியிருந்ததுடன், ‘அஸ்வெசும’ திட்டத்தில் முன்வைக்கப்பட்டுள்ள மேன்முறையீடுகள் தொடர்பில் செயற்படுவதற்குத் தாம் தயார் இல்லையென கிராம உத்தியோகத்தர் சங்கத்தினர் தெரிவித்தனர். சமுர்த்தி உத்தியோகத்தர்கள் தமது கடமையிலிருந்து விலகிய பின்னர் கிராம உத்தியோகத்தர்கள் மீது அழுத்தத்தைக் கொடுப்பது ஏற்புடையது அல்ல என்றும் அவர்கள் சுட்டிக்காட்டினர். குறிப்பாக இதுவரை ‘அஸ்வெசும’ தொடர்பில் 10 இலட்சத்துக்கும் அதிகமான மேன்முறையீடுகள் தாக்கல்செய்யப்பட்டுள்ள சூழ்நிலையில் கிராம உத்தியோகத்தர்கள் தலையிட்டு இப்பணிகளை முன்னெடுப்பது பொருத்தமற்றது எனக் குறிப்பிட்ட அவர்கள், சமுர்த்திக் கொடுப்பனவைக் குறைத்துள்ளார்கள் எனப் பொதுமக்கள் முன்வைக்கும் குற்றச்சாட்டை ஏற்றுக் கொள்ளத் தாம் தயாரில்லையென்றும் தெரிவித்தனர். இதில் தலையிட்டால் கிராம உத்தியோகத்தர் பிரிவுகளில் தங்களை மக்கள் வெறுக்கத் தொடங்குவார்கள் என்றும் குறிப்பிட்டனர். இருந்தபோதும், கிராம உத்தியோகத்தர்கள் சேவைப் பிரமாணக் குறிப்பில் பிரச்சினை காணப்படுவதாகவும், இது தொடர்பான வரைபொன்று தயாரிக்கப்பட்டு ஒரு சில சுற்றுப் பேச்சுவார்த்தைகள் நடத்தப்பட்டிருப்பதாகவும், இது விடயத்தில் விரைவில் தீர்வொன்றைப்பெற்றுத் தருமாறும் கிராம உத்தியோகத்தர்கள் சங்கத்தினர் கோரிக்கை விடுத்தனர். இதற்கமைய சேவைப் பிரமாணக் குறிப்புப் பிரச்சினையைத் தீர்த்துவைத்தால் அஸ்வெசும வேலைத்திட்டத்தில் இணைந்து பணியாற்ற முடியுமா எனக் குழுவின் தலைவர் கௌரவ பாட்டளி சம்பிக ரணவக கேள்வியெழுப்பினார். இதற்கு இணங்குவதாக கிராம உத்தியோகத்தர்கள் தெரிவித்தனர். இதற்கமைய கிராம உத்தியோகத்தர்களின் சேவைப் பிரமாணக் குறிப்பைத் தயாரிக்கும் நடவடிக்கையை விரைவுபடுத்துவது தொடர்பில் பொதுநிர்வாக அமைச்சுக்கு அறிவிப்பதாகவும் குழுவின் தலைவர் சுட்டிக்காட்டினார். அத்துடன், அஸ்வெசும நலன்புரித் திட்டத்தின் கீழ் கிராம உத்தியோகத்தர்கள் பணியை மேற்கொள்வதற்கான அமுலாக்கல் கடிதத்தை வெளியிடுமாறும் நலன்புரி நன்மைகள் சபைக்கும் பணிப்புரை விடுக்கப்பட்டது. அத்துடன், குடிசன மதிப்பீட்டுக்கான தரவுத் தளத்தைத் தயாரிக்கும்போது, அந்தத் தரவுத் தளத்தின் மூலம் தேவையான தகவல்களைப் பெறுவதற்கான சாத்தியக்கூறுகளை ஆராயுமாறும் நலன்புரி நன்மைகள் சபைக்கு அறிவிக்கப்பட்டது. 2022ஆம் ஆண்டு 24ஆம் இலக்க நலன்புரி நன்மைகள் சட்டத்தின் ஊடாகத் தண்டனை வழங்கக்கூடிய முறைகள் குறிப்பிடப்பட்டிருப்பதாகவும், அதில் சிக்கல்கள் இருப்பதாகவும் கிராம உத்தியோகத்தர்கள் சங்கம் சுட்டிக்காட்டியது. இதற்கமைய தண்டனை தொடர்பான பிரச்சினைக்கு தேவையான சட்ட நடவடிக்கைகள் மேற்கொள்ளப்படும் என குழுவின் தலைவர் குறிப்பிட்டார். மேலும், 800,000 பேர் காப்புறுதியைப் பெறத் தகுதியுடையவர்கள் என்றும், மேலும் சுமார் 1,200,000 பேருக்கு காப்புறுதி மானியம் வழங்கப்படலாம் என்றும் நலன்புரி நன்மைகள் சபையைப் பிரதிநிதித்துவப்படுத்தி வருகை தந்த அதிகாரிகள் தெரிவித்தனர். இந்தக் குழுக் கூட்டத்தில் இராஜாங்க அமைச்சர் கௌரவ லசந்த அழகியவண்ண மற்றும் பாராளுமன்ற உறுப்பினர் கௌரவ சஞ்ஜீவ எதிரிமான்ன ஆகியோரும் கலந்துகொண்டனர்.
මත්පැන් බෝතල්වල අලවා ඇති ආරක්ෂිත ස්ටිකර්වල ව්‍යාජ ඒවා හඳුනා ගැනීමට පාරිභෝගිකයන්ට හා ශ්‍රී ලංකා සුරාබදු දෙපාර්තමේන්තුවට හැකිවන පරිදි පවතින ජංගම යෙදවුම වැඩි දියුණු කරන ලෙස ක්‍රම හා විධි පිළිබඳ කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු පාඨලී චම්පික රණවක මහතා ආරක්ෂක ස්ටිකර් නිෂ්පාදන සමාගම වෙත නියෝග කළේය. උක්ත කාරක සභාව පසුගියදා (24) සුරාබදු දෙපාර්තමේන්තුවේ නිරීක්ෂණ චාරිකාවක නිරත වූ අතර, එහිදී වෙළෙඳ පොළේ පවතින මත්පැන් බෝතල්වල අලවා ඇති ස්ටිකර් සත්‍ය ඒවාද ව්‍යාජ ඒවාද යන්න හඳුනාගැනීමේ ක්‍රමවේදයක් නොමැතිබවට නිරීක්ෂණය කර තිබිණි. ඒ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශනය කිරීම සඳහා ක්‍රම හා විධි පිළිබඳ කාරක සභාව ගරු පාඨලී සම්පිකරණවක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (10) පාර්ලිමේන්තුවේදී රැස්විය. කාරක සභාවට සුරාබදු දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සහ ආරක්ෂක ස්ටිකර් නිෂ්පාදන සමාගමක නියෝජිතයෙකු කැඳවා තිබිණි. මත්පැන් බෝතල්වල ආරක්ෂිත ස්ටිකර් ඇලවීම අනිවාර්ය කළද එම උපදෙස් දිවයිනේ සියලුම මත්පැන් නිෂ්පාදකයින් අනුගමනය නොකිරීම සම්බන්ධයෙන් කමිටු සාමාජිකයන්ගේ අප්‍රසාදය පළ විය. එම ස්ටිකර් භාවිත නොකරන සමාගම් හතරක් මේ වන විට හඳුනාගෙන ඇති බව දෙපාර්තමේන්තුවේ නිලධාරීහු පෙන්වා දුන්හ. මෙම ව්‍යාජ ස්ටිකර් සහිත මත්පැන් බෝතල් හඳුනාගැනීම සඳහා විශේෂ උපකරණ 200ක් පසුගිය මාර්තු මාසයේදී සුරාබදු දෙපාර්තමේන්තුවට ලබාදී ඇතත් මේ දක්වා එම උපකරණ භාවිත කර නොමැති බවද මෙහිදී අනාවරණය විය. එම උපකරණ ප්‍රායෝගිකව භාවිතා කළ හැකි මට්ටමට තාක්ෂණික වශයෙන් වැඩි දියුණු කිරීම මේ මස (අගෝස්තු) 30 වැනි දින වන විට සම්පුර්ණ කරන ලෙස අදාළ සමාගම වෙත සභාපතිවරයා උපදෙස් ලබා දුන්නේය. එමෙන්ම, ව්‍යාජ ස්ටිකර් අලවා ඇති මත්පැන් බෝතල් හඳුනා ගැනිම සදහා සිදුකළ වැටලීම් වල තොරතුරු මෙන්ම අත්අඩංගුවට ගත් ව්‍යාජ මත්පැන් බෝතල් නිෂ්පාදනය කළ හා අලෙවි කළ පුද්ගලයන් සම්බන්ධයෙන් 2023 සැප්තැම්බර් 15 වැනිදාට පෙර කටයුතු කරන ලෙස සභාපතිවරයා නිලධාරීන් වෙත දැනුම් දුන්නේය. එසේම උක්ත ස්ටිකරය සම්බන්ධයෙන් පවතින නීති රෙගුලාසි පිළිබද විමසු කාරක සභාව සමාගම් කිහිපයක් පමණක් එම ස්ටිකරය භාවිත නොකිරීමට නීතියේ ඇති ප්‍රතිපාදන නිවැරදි කර සියලු සමාගම් නිෂ්පාදනය කරන මත්පැන් බෝතල්වල ස්ටිකර් ඇලවිම අනිවාර්ය කරන ලෙස ද සභාපතිවරයා සුරාබදු දෙපාර්තමේන්තුවට උපදෙස් ලබා දුන්නේය. එමෙන් ම ශ්‍රී ලංකා සුරාබදු දෙපාර්තමේන්තුවට අයවිය යුතු බිලියන 7ක හිග මුදල් මෙම වර්ෂයට හා පෙර වර්ෂවලට අදාළව හිග බදු මුදල් අයකර ගැනීමට සැලසුම ඔක්තෝම්බර් මස 30 වන දිනට පෙර කාරක සභාව වෙත ඉදිරිපත් කරන ලෙස ද සභාපතිවරයා ශ්‍රී ලංකා සුරා බදු දෙපාර්තමේන්තුවේ නිළධාරීන් වෙත දැනුම් දුන්නේය. එමෙන්ම සුරාබදු දෙපාර්තමේන්තුව විසින් නුවරඑළිය ප්‍රදේශයේ සිදු කරන ලද වැටලීම් සම්බන්ධවද මෙහිදී සාකච්ඡා කෙරිණි.
පාර්ලිමේන්තුවේ ක්‍රම සහ විධි පිළිබඳ කාරක සභාව 08 දින එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතාගේ ප්‍රධානත්වයෙන් රැස් වූ අතර, ශ්‍රී ලංකා දෘශ්‍යාබාධිත ජනතා සම්මේලනය මගින් ඉදිරිපත් කොට තිබූ ගැටලු කිහිහිපයක් කෙරෙහි අවධනය යොමුකරමින් මෙම සාකච්ජාව පැවැත්විණ. මේ සඳහා සුභසාධක ප්රතිලාභ මණ්ඩලයේ සභාපතිවරයා, කොළඹ මහනගර සභාවේ නාගරික කොමසාරිස්වරයා සහ ශ්‍රී ලංකා මහබැංකු අධිපතිවරයා කැඳවා තිබිණ. පසුගිය 04 වනදා ශ්‍රී ලාංකේය ඉතිහාසයේ ප්‍රථම වරට දේශපාලන පක්ෂයක් විසින් තම ප්‍රතිපත්ති ප්රකාශනයක් බ්‍රේල් ක්‍රමයට සකස් කොට ශ්‍රී ලංකා දෘශ්‍යාබාධිත ජනතා සම්මේලනය වෙත පිළිගැන්වීම සිදුවූ අතර එහිදී දෘශ්‍යාබාධිත ජනතාව මේ වනවිට මුහුණ පා සිටින ගැටලු කිහිපයක් කෙරෙහි පක්ෂ නායක පාඨලී චම්පික රණවක මහතාගේ අවධානයට ලක් විය. ඒ සඳහා විසඳුම් සොයාදීමට දුන් පොරොන්දුව හමුවේ අදාල අංශ සමඟ සාකච්ජා කිරීමට පාර්ලිමේන්තුවේ ක්‍රම සහ විධි පිළිබඳ කාරක සභාව ඊයේ දින රැස්කරන ලදී. මෙහිදී ඉදිරිපත් වූ ගැටලු හමුවේ අප්‍රේල් මස සිට අබාධිත දීමනාව නොලැබීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා දෘශ්‍යාබාධිත ජනතා සම්මේලනයේ නිලධාරීන් කරුණු දක්වන ලදී. ඒ අනුව අස්වැසුම ප්රතිලාභ ක්‍රමය යටතේ වැඩිහිටි හා අබාධිත දීමනා ගෙවීම අත්හිටුවා තිබුණද, කලින් අබාධිත දීමනාව හා වැඩිහිටි දීමනාව ගෙවූ 72,000 ක් වූ සියලු දෙනාට එම දීමනාව ජූලි මස සිට නැවත ගෙවීමට තීරණය කොට තිබේ. එමෙන්ම බැංකු ගනුදෙනු සඳහා යොමුවන දෘශ්‍යාබාධිත ජනතාවට තනිවම බැංකු ගිණුම් විවෘත කිරීමට නොහැකි වීම හා ඒ සඳහා බැංකු මගින් පහසුකම් ලබානොදීම සම්බන්ධයෙන් පැනනැගී තිබු ගැටලුව මහබැංකු වෙනුවෙන් පැමිණ සිටි නිලධාරියාගේ අවධානය යොමු වී ඇති අතර එහිදී ඔහු විසින් පවසා ඇත්තේ මහබැංකු විසින් ගනුදෙනුකරුවන්ට අදාළ ප්රඥප්තිය හා විශේෂ නියෝග මාලාව මගින් දෘශ්‍යාබාධිත ජනතාවට විශේෂ පහසුකම් සැලසීමක් කලයුතු බවට කරුණු ඇතුලත් කර ඇති බවත් එම නියෝග නොපිළිපදින බැංකු සම්බන්ධයෙන් මහබැංකුවට කටයුතු කළ යුතු බවත්ය. තවද එම සම්මේලනය පිහිටා ඇති ගොඩනැගිල්ලේ වහලය අලුත්වැඩියා කරගැනීමට ඔවුන් විසින් ඉල්ලීමක් දිරිපත් කර තිබු අතර ඒ සඳහා පසු දිනම අදාළ ගොඩ නැගිල්ල නිරීක්ෂණය කොට අදාල ගාස්තු පිළිබඳ ඇස්තමේන්තුවක් සකස්කර සතියක් ඇතුලත ලබාදෙන ලෙසට කොළඹ මහනගර සභාව නියෝජනය කළ ඉංජිනේරු මහතා හට පාර්ලිමේන්තුවේ ක්‍රම සහ විධි පිළිබඳ කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා විසින් නියෝගයක්ද නිකුත් කර තිබේ
පාර්ලිමේන්තුවේ ක්‍රම සහ විධි පිළිබඳ කාරක සභාව අද (31) එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතාගේ ප්‍රධානත්වයෙන් රැස් වූ අතර, දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ වෘත්තීය සංගම් නියෝජනය කරමින් දේශීය ආදායම් කොමසාරිස්වරුන්ගේ සංගමය, දේශීය ආදායම් තක්සේරු නිලධාරීන්ගේ සංගමය, දේශීය ආදායම් සේවා සංගමය, දේශීය ආදායම් පොදු සේවක සංගමය, දේශීය ආදායම් විධායක නිලධාරී සංගමය, දේශීය ආදායම් මාණ්ඩලික නිලධාරීන්ගේ සංගමයේ නියෝජිතයින් සහභාගී විය. අය වැයෙන් යෝජිත වයස 18 ට වැඩි පුද්ගලයින් සඳහා බදු ලිපිගොණු විවෘත කිරීමේ කාර්යය සිදු කිරීම අපහසු බවත්, එම ක්‍රියාවලිය ප්‍රායෝගික නොවන බවත් දන්වා සිටි නියෝජිතයින් හට එම ක්‍රියාවලිය ඉටු කිරීම සඳහා තාක්ෂණික ක්‍රමවේද භාවිත කරමින් හා ඉදිරියේදී සිදු කිරීමට නියමිත ජන සංගණනයේදී එම තොරතුරු රැස් කිරීම පිළිබඳව මෙහිදී සභාපතිවරයා විසින් යෝජනා කරන ලදී. අයවැයෙන් යෝජිත බදු ලිපි ගොනු විවෘත කිරීම සඳහා අවශ්‍ය තොරතුරු ලබා ගැනීමට ජංගම දුරකතන ඇප් එකක් නිර්මාණය කිරීම හෝ ඉදිරියේ දී සිදු කිරීමට නියමිත ජන සංගණනය හරහා එම තොරතුරු ලබා ගැනීමට මෙහි දී අවධානය යොමු කෙරිණ. එමෙන්ම, RAMIS (ආදායම් පරිපාලන කළමනාකරණ තොරතුරු පද්ධතිය) යාවත්කාලින විය යුතු ආකාරය පිළිබඳව ද, සභාපතිවරයා විසින් මෙම නියෝජිතයන් වෙත උපදෙස් දෙන ලදී. RAMIS පද්ධතියේ (ආදායම් පරිපාලන කළමනාකරණ තොරතුරු පද්ධතියේ) බදු ගෙවන්නන් විශාල ප්‍රමාණයක් ලියාපදිංචි කිරීමේ දී (bulk registration) බදු ගෙවන්නාගේ නම, ලිපිනය සහ ජාතික හැඳුනුම්පත් අංකය පමණක් අත්‍යවශ්‍ය තත්ත්වයේ තබාගෙන ඊමේල් ලිපිනය අනිවාර්යය වන අවශ්‍යතාව ඉවත් කිරීම සම්බන්ධයෙන් ද, මෙම සාකච්ඡාවේ දී අවධානය යොමු කෙරිණ. එම පද්ධතියේ මනා ක්‍රියාකාරිත්වය සඳහා රාජ්‍ය හා පුද්ගලික හවුල්කාරිත්වය යටතේ ආයතනයක් පිහිටුවීම පිළිබඳවත්, ලබන වසරේ දී ආදායම් පරිපාලන කළමනාකරණ තොරතුරු පද්ධතිය අදාල සිංගප්පුරු සමාගමෙන් ලංකාවට භාර දෙන බවත්, එය ක්‍රමවත්ව කර ගැනීමට දේශීය අදායම් බදු දෙපාර්තමේන්තුවට තාක්ෂණික පහසුකම් නොමැති බවත් වෘත්තීය සංගම් නියෝජිතයන් විසින් සඳහන් කරන ලදී. මෙම කරුණු පිළිබඳ සවිස්තර වාර්තාවක් පාර්ලිමේන්තුව වෙත භාර දීමට කටයුතු කරන බව ද, සභාපතිවරයා විසින් දැනුම් දෙන ලදී.