
සමගි ජන බලවේගයේ නිල ලකුණ “දුරකතනය” එළිදැක්වීම..
සමගි ජන බලවේගයේ නිල ලකුණ එළිදැක්වීමේ උත්සවය ඊයේ(12) බත්තරමුල්ල වෝටර්ස් ඒජ් හෝටලයේදී පැවැත්විණි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරමින් කුමාර වෙල්ගම මහතා එහිදී නව සංධානය සමඟ එක්විය.

කඩුවෙල රන්කඩු පත්තිනි දේවාල පුරාණය ග්‍රන්ථය එළිදැක්වීම..
කඩුවෙල රන්කඩුව ශ්‍රී පත්තිනි දේවාලයේ පුරාණ ඉතිහාසය පිළිබඳව ඇතුලත් ග්රන්ථයක් පසුගියදා එළිදැක්වුණා. එම අවස්ථාවේ ප්‍රධාන දේශණය පැවැත්වූයේ මහාචාර්ය පූජ්‍ය ඉදුරාගාරේ ධම්මරතන ස්වාමීන්ද්‍රයන් වහන්සේ විසිනි.

මහරගම ප්‍රාදේශීය නියෝජිත හමුව..
සමගි ජන බලවේගයේ ජයග්‍රහණය තහවුරු කිරීම සඳහා වන වැඩපිළිවෙල සම්බන්ධයෙන් මහරගම නාගරික මන්ත්‍රීවරුන්,කොට්ඨාශ 25 ම නියෝජනය වන පරිදි කොට්ඨාශ සංවිධායකයින්, ශාඛා ප්‍රධානීන්, කාන්තා සහ තරුණ අංශ ප්‍රධානීන් සමඟ අද (10) මහරගමදී විශේෂ සාකච්ජාවක් පැවැත්විණි.

සමගි ජන බලවේගයේ ප්‍රධාන කාර්යාලය විවෘත කිරීම..
සමගි ජන බලවේගයේ ප්‍රධාන කාර්යාලය මාර්තු 09 උදෑසන එම සන්ධානයේ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් ඇතුල්කෝට්ටේ ඊ. ඩබ්ලිව් පෙරේරා මාවතේදී විවෘත කෙරිණි. එම අවස්ථාවට එම සංධානයේ මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර, පාඨලී චම්පික රණවක ඇතුලු දේශපාලන නායකයින් සහ ක්‍රියාකාරීන් විශාල පිරිසක් සහභාගී විය.
නිරෝෂා අතුකෝරාළ මහත්මියගේ ජය තහවුරු කරන ජන රැළිය – ජා ඇළ
සමගි ජන බලවේගය නියෝජනය කරමින් ගම්පහ දිස්ත්‍රික්කයෙන් මහමැතිවරණයට ඉදිරිපත් වන නිරෝෂා අතුකෝරාල මහත්මියගේ ජයග්‍රහණය තහවුරු කිරීම සඳහා සංවිධානය කල ජනහමුවක් පසුගියදා ජා ඇළ ප්‍රදේශයේදී හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.