දෙහිවල ආසන බල මණ්ඩලය.
දෙහිවල සංවිධායක චන්න විකුම් මහතා විසින් සංවිධානය කල සමගි ජන බලවේගයේ දෙහිවල ආසන බල මණ්ඩලය ඊයේ (03) දිනයේදී සාර්ථකව පැවැත්වුණා. එම අවස්ථාවට පාඨලී චම්පික රණවක මහතා සහභාගී විය.
“මොරටුවම 1 ට”
එළඹෙන මහමැතිවරණයේදී සමගි ජනබලවේගයේ ජයග්‍රහණය තහවුරු කිරීම උදෙසා සංවිධානය කල ජනහමු 08ක් ඊයේ මොරටුව ආසනයේදී පාඨලී චම්පික රණවක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.
මොරටුවම 1ට – රන්දිය හෝටලයේ පැවති ජන හමුව..
එළඹෙන මහමැතිවරණයේදී සමගි ජනබලවේගයේ ජයග්‍රහණය තහවුරු කිරීම උදෙසා සංවිධානය කල ජනහමුවක් ඊයේ මොරටුව රන්දිය හෝටලයේදී පාඨලී චම්පික රණවක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි. මේ සදහා පක්ෂ ක්‍රියාකාරීන්, වෘත්තීය සමිති නියෝජිතයින් සහ මොරටුව ව්‍යාපාරික ප්‍රජාවේ සාමාජිකයින් රැසක් සහභාගී විය.
“තාරූණ්‍යය 01ට”-තරුණ හමුව
“තාරූණ්‍යය 01ට” තේමාව යටතේ එළඹෙන මහමැතිවරණයේදී පාඨලී චම්පික රණවක මහතාගේ ජයග්‍රහණය තහවුරු කිරීම සඳහා සංවිධානය කල තරුණ හමුවක් ඊයේ(03) සන්ධ්‍යාවේ තලවතුගොඩ ග්‍රෑන්ඩ් මොනාක් හෝටලයේදී පැවැත්වුණා. ශ්‍රී ලංකාවේ තරුණ පරපුර මුහුණ දෙන අනාගත අභියෝගයන් සම්බන්ධයෙන් විවිධ වෘත්තීය මට්ටම්වල තරුණ තරුණියන් රැසක් මෙහිදී පාඨලී චම්පික රණවක මහතා සමඟ සිය අදහස් හුවමාරු කරගනු ලැබීය.
මොරටුව ප්‍රදේශයේ විහාරස්ථාන කිහිපයක විහාරාධිපති හිමිවරුන් හමුවී සිය දේශපාලනික ස්ථාවරය පැහැදිලි කරන ලදී.
මොරටුව ප්‍රදේශයේ විහාරස්ථාන කිහිපයක විහාරාධිපති හිමිවරුන් සහ විහාරවාසී භික්ෂූන් වහන්සේලා හමුවී සමගි ජන බලවේගයේ ප්‍රතිපත්තිමය ස්ථාවරය පිළිබඳව පැහැදිලි කිරීමක් සිදුකිරීම සදහා පසුගියදා පාඨලී චම්පික රණවක මහතා ක්‍රියාකලා. පූජ්‍ය වැලිවුල්ලේ දමිත හිමි, පූජ්‍ය මිද්දෙණියේ බුද්ධික හිමි ඇතුලු ස්වාමීන්ද්‍රයන් වහසේලා කිහිප නමක් හමුවී පාඨලී චම්පික රණවක මහතා දේශපාලනික වශයෙන් සිය ස්ථාවරය පැහැදිලි කලා.