දිවංගත සිරිමාවෝ බණ්ඩාරනායක අගමැතිණියගේ 108 වන ජන්ම දින සැමරුම අප්‍රේල් 17 දින කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලා පරිශ්‍රයේ දී, හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මැතිණියගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණ. පක්ෂ විපක්ෂ දේශපාලනඥයින් විශාල පිරිසක් සහභාගී වූ මේ අවස්ථාවට එක්සත් ජනරජ පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා ද එක් විය.
පුණ්‍ය කාලය නිමිත්තෙන් කෝට්ටේ මහින්දාරාම විහාරස්ථානය වෙත ගොස් චාරිත්‍රානුකූලව ආගමික වතාවත් වල නිරත වීමෙන් අනතුරුව, විහාරාධිපති පුජ්‍ය මිගස්වත්තේ චන්ද්‍රසිරි නා හිමියන් බැහැදැක ආශීර්වාද ලබා ගත් අවස්ථාව.
බී ළූණු, අර්තාපල් ඇතුළු අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනයෙන් අයුතු ලාභ ලැබීමක් සිදුව ඇති බවට පාර්ලිමේන්තුවේ ක්‍රම සහ විධි කාරක සභාවේ දෙවෙනි වාර්තාව මගින් හෙළිදරව් වී තිබේ. අත්‍යවශ්‍ය පාරිභෝගික ද්‍රව්‍ය ආනයනයෙන් ව්‍යාපාරිකයන් ලබා ගන්නා අයුතු ලාභය සහ බදු රජයට අය කර ගෙන එම මුදලින් ජනතාවට සහනදායී මිලකට අත්‍යවශ්‍ය ආහාර ලබා දීම සඳහා ක්‍රියා කිරීම රජයේ වගකීමකි. ආනයනික ආහාර ද්‍රව්‍යවල ආනයනික වටිනාකම හා වෙළෙඳපොළ මිල පිළිබඳ ඩිජිටල් පුවරු, වෙබ් අඩවි හරහා පාරිභෝගිකයින් දැනුවත් කිරීම හා රජයේ ප්‍රතිපත්ති තීරණවලින් පාරිභෝගිකයින්ට ප්රතිලාභ සැලසෙන පරිදි අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යවල මිල නියාමනය කිරීම අත්‍යවශ්‍ය ය. උත්සව සමයේ පාරිභෝගික ගසා කෑම් උපරිමයට ළඟා වීමේ අවදානම සඳහා පාරිභෝගික කටයුතු අධිකාරිය මැදිහත් විය යුතුය. මේ සම්බන්ධයෙන් පාරිභෝගික ජනතාව දැනුම්වත් කිරීම සහ වෙළෙඳපොළ විමසුමක් සිදු කිරීම සඳහා ක්‍රම සහ විධි පිළිබඳ පාර්ලිමේන්තු කමිටුවේ සභාපති, එක්සත් ජනරජ පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා අප්‍රේල් 05 දින පිටකොටුව තොග වෙළෙඳපොළ පරිශ්‍රය වෙත ගියේය. එහිදී වෙළෙඳ ප්‍රජාව හමු වී සුහද සාකච්ඡාවක නිරත වූ රණවක මහතා සිංහල, දෙමළ සහ මුස්ලිම් ප්රජාවන්ගේ වැදගත් උත්සව අවස්ථා එළඹෙන උත්සව සමයට පෙර, අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය මිල අඩු කිරීම සඳහා ගත හැකි පියවර සම්බන්ධයෙන් සාකච්ඡා කළේය.
ව්‍යාපාරිකයන් අධික ලාභ ලැබීම පිළිබඳව ප්‍රසිද්ධියේ හෙළිකිරීම සම්බන්ධව එක්සත් ජනරජ පෙරමුණු නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතාට ගෞරවණීය උත්තමාචාරය පුද කරන බව ජාතික පාරිභෝගික පෙරමුණේ නායක අසේල සම්පත් මහතා පවසයි. ව්‍යාපාරිකයන් අයුතු ලෙස ලබන ලාභ, ක්‍රම සහ විධි පාර්ලිමේන්තු කාරක සභාව යටතේ හෙළි කිරීමට රණවක මහතා ඇතුළු සාමාජිකයෝ ක්‍රියාකළහ. එවැනි ක්‍රියාමාර්ගයකට දේශපාලනඥයන් යොමුවූ පළමු අවස්ථාව මෙය බවද අසේල සම්පත් මහතා පෙන්වා දෙයි. උත්සව සමයේදී පාරිභෝගිකයන් ආරක්ෂා කිරීම රජයේ වගකීමයි. එය ඉටුකරන ලෙස ජනාධිපතිවරයාගෙන් ජාතික පාරිභෝගික පෙරමුණ ඉල්ලයි. විපක්ෂය ද මිල සම්බන්ධව නිහඬ පිළිවෙතක් අනුගමනය කරයි. ඒ නිසා විපක්ෂයට වංචනික ව්‍යාපාරිකයන් මූල්‍යාධාර සපයන්නේ දැයි ගැටලුවක් මතුවන බව සම්පත් මහතා අවධාරණය කරයි. එසේ නොවන්නේ නම් සජිත් ප්‍රේමදාස සහ අනුර කුමාර දිසානායක මහත්වරුන් වංචනික ව්‍යාපාරිකයන්ට එරෙහිව ඉදිරිපත් විය යුතු බවද අසේල සම්පත් මහතා පෙන්වා දුන්නේ, ක්‍රම සහ විධි පාර්ලිමේන්තු කාරක සභා සභාපතිවරයා සමග පැවති සාකච්ඡාවකින් පසුවයි.
එක්සත් ජනරජ පෙරමුණ රත්නපුර දිස්ත්‍රික් සමුළුව මාර්තු 30 දින රත්නපුර නගර සභා ශාලාවේදී පක්ෂ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතාගේ ප්‍රධානත්වයෙන් සාර්ථකව පැවැත්විණ. මේ සඳහා පක්ෂ ජාතික සංවිධායක සුමේධ රත්නායක, දේශපාලන මණ්ඩල සභාපති හිටපු අමාත්‍ය කරු පරණවිතාන මහත්වරුන්, රුපවාහිනී සංස්ථාවේ හිටපු සභාපතිනි ඉනෝකා සත්‍යංගනී කීර්තිනන්ද මහත්මිය ඇතුළු පිරිසක්ද සහභාගී විය.
එක්සත් ජනරජ පෙරමුණ ගාල්ල දිස්ත්‍රික් සමුළුව මාර්තු 29 දින ගාල්ල Hall De Galle හිදී සාර්ථකව පැවැත්විණ.