සමගි ජන බලවේගයේ ජයග්‍රහණය තහවුරු කිරීම සඳහා වන වැඩපිළිවෙල සම්බන්ධයෙන් මහරගම නාගරික මන්ත්‍රීවරුන්,කොට්ඨාශ 25 ම නියෝජනය වන පරිදි කොට්ඨාශ සංවිධායකයින්, ශාඛා ප්‍රධානීන්, කාන්තා සහ තරුණ අංශ ප්‍රධානීන් සමඟ අද (10) මහරගමදී විශේෂ සාකච්ජාවක් පැවැත්විණි.
එළඹෙන මහ මැතිවරණයේදී සමඟි ජන බලවේගයේ ජයග්‍රහණය තහවුරු කිරීම උදෙසා කැස්බෑව සංවිධායක නිරෝෂන් පාදුක්ක මහතා සංවිධානය කල ජන හමුවක් හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතාගේ ප්‍රධානත්වයෙන් මාර්තු 08 වෙනිදා පැවැත්විණ.