මහනුවර සහස් උයන ආශ්රිත ව පිහිටා තිබෙන දේශීය නිෂ්පාදන අලෙවි සැල, පාඨලී චම්පික රණවක මහතා මහානගර අමාත්‍යවරයා ව සිටින සමයේ නිර්මාණය කර ජනගත කළ ව්‍යාපෘතියකි. මෙම අලෙවි සැල තුළ ඇඟළුම්, අත්කම් නිර්මාණ වැනි දේශීය ව සිදු කළ නිර්මාණ අලෙවියට තබා ඇති අතර, එමගින් අදාළ නිර්මාණකරුවන්ගේ නිෂ්පාදනවලට හොඳ ඉල්ලුමක් සහ සැලකිය යුතු ආදායමක් ලැබීම තුළින් ඔවුනගේ ආර්ථිකයට මහත් ශක්තියක් ලැබී තිබේ. මහනුවර සිදු කරන ලද සංචාරයක දී එම අලෙවි සැල සහ ඒ හා සමාන්තරව ඇති දේශීය ආහාරපාන අලෙවි කරන 'හෙල බොජුන් හල' වෙත ගිය එක්සත් ජනරජ පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා එහි අලෙවි සැල් පවත්වාගෙන යන ජනතාව හමු වී සුහද කතා බහක නියැලුනු අතර, මෙම අලෙවි සැල් තුළින් තම ජීවිතයට ලද ආලෝකය සම්බන්ධයෙන් ඒ සියළු දෙනා මහත් ප්රසාදයකින් කරුණු දැක්වීම විශේෂත්වයකි.