'බණ්ඩාරනායක චින්තනය සහ උගත යුතු පාඩම්' මැයෙන් වූ විශේෂ මතකාවර්ජන වැඩසටහනක් 26 දින නාවල සෝලීස් උත්සව ශාලාවේ දී පැවති අතර, ඒ සඳහා එක්සත් ජනරජ පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා ද සහභාගී විය. හිටපු අග්‍රාමාත්‍ය එස්.ඩබ්.ආර්.ඩී. බණ්ඩාරනායක මහතාගේ 64 වන ගුණ සමරුව නිමිත්තෙන් මෙම වැඩසටහන සංවිධානය කර තිබුණේ කෝට්ටේ හිටපු නගරාධිපති ජනක රණවක, නීතිඥ රජික කොඩිතුවක්කු යන මහත්වරුන් ඇතුළු නිදහස් ජන එකමුතුව විසිනි. මෙම වැඩසටහන සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උපසභාපති, දකුණු පළාත් හිටපු මහඇමැති ශාන් විජයලාල් ද සිල්වා, නිදහස ජාතික සභාවේ පාර්ලිමේන්තු මන්ත්‍රී, හිටපු අමාත්‍ය ඩිලාන් පෙරේරා, එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම්, හිටපු නියෝජ්‍ය කතානායක තිලංග සුමතිපාල යන මහත්වරුන් ඇතුළු විශාල පිරිසක් ද එක්ව සිටියහ.
එක්සත් ජනරජ පෙරමුණේ හෝමාගම ආසන සාමාජික ප්‍රවර්ධන වැඩසටහන යටතේ, ජනරජ පෙරමුණේ නායක පාඨලී චම්පික රණවක මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා වැඩසටහන් මාලාවක් සංවිධානය කර තිබිණ. 1. කිරිවත්තුඩුව කොට්ඨාස ජනහමුව - සංවිධානය : කොට්ඨාස සංවිධායක යු.ජී. එක්සත් ජනරජ පෙරමුණේ හෝමාගම ආසන සාමාජික ප්‍රවර්ධන වැඩසටහන යටතේ, ජනරජ පෙරමුණේ නායක පාඨලී චම්පික රණවක මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා වැඩසටහන් මාලාවක් සංවිධානය කර තිබිණ. 1. කිරිවත්තුඩුව කොට්ඨාස ජනහමුව - සංවිධානය : කොට්ඨාස සංවිධායක යු.ජී. තිලකරත්න මහතා 2. කහතුඩුව කොට්ඨාස සාමාජික හමුව - සංවිධානය : කොට්ඨාස සංවිධායිකා එච්.එම්. මල්ලිකා මහත්මිය 3. වටරැක කොට්ඨාස ජනතා හමුව - සංවිධානය : ඉංග්‍රීසි ආචාර්ය, සමාජ සේවිකා කේ.යු. කුමුදිනි මහත්මිය 4. පනාගොඩ කොට්ඨාස ජනහමුව - සංවිධානය : ව්යාවසායික සමාජ සේවිකා, සාමවිනිසුරු කේ.ඒ.ඩී. ලලින්දානි මහත්මිය 5. විශ්‍රාමික ග්‍රාම නිලධාරීනී විමලා ගුණවර්ධන මහත්මිය හා එක්සත් ජනරජ පෙරමුණේ නායක පාඨලී චම්පික රණවක මහතා අතර හමුව - සමාජ දේශපාලන කරුණු පිළිබඳව සාකච්ඡාවකින් අනතුරුව, ඇයගේ සහාය එක්සත් ජනරජ පෙරමුණ වෙත ලබා දීමට එකගත්වය පළ කෙරිණී. 6. එක්සත් ජනරජ පෙරමුණේ නායක පාඨලී චම්පික රණවක මහතා හා ජනමාධ්‍යවේදිනි, රංගන ශිල්පිනී සුරේකා සංජීවනි මහත්මිය අතර හමුව - සමාජ දේශපාලන කරුණු පිළිබඳව අදහස් හුවමාරු කර ගැනීමෙන් අනතුරුව සංජීවනී මහත්මිය එක්සත් ජනරජ පෙරමුණේ සාමාජිකත්වය ද ලබාගෙන හෝමාගම කාන්තා කමිටුවේ කටයුතු සඳහා එක් විය.
එක්සත් ජනරජ පරමුණ නායක පා.ම. පාඨලී චම්පික රණවක මහතා සහභාගී වූ ජන හමුවක් 23 වන දින රත්මලාන අත්තිඩිය රන්සිවිපුර ශ්‍රී ජනනන්දනාරාම විහාරස්ථානයේදී පැවැත්වින. මෙම හමුව සංවිධානය කළේ එක්සත් ජනරජ පෙරමුණ ජාතික මණ්ඩල සාමාජික තිසර මාලිමගේ මහතා විසිනි.
එක්සත් ජනරජ පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා, නවසීලන්ත මහ කොමසාරිස් Michael Appleton මහතා හමුවී සුහද සාකච්ඡාවක නිරත විය. එහිදී මහකොමසාරිස්තුමා වෙත ජනරජ පෙරමුණේ 'හදමු' ප්‍රතිපත්ති ප්‍රකාශයේ පිටපතක් ද පිරිනැමීමට රණවක මහතා විසින් කටයුතු කරන ලදී. A cordial meeting between URF Leader Patali Champika Ranawaka and New Zealand Ambassador to Sri Lanka His Excellency Michael Edward Appleton was held today. The Ambassador was Presented with a Copy of the Manifesto of the United Republic Front.
එක්සත් ජනරජ පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතාගේ සහභාගිත්වයෙන් (10) දින මහරගම දී පැවැත්වූ ජන හමුව සඳහා දේශපාලන පක්ෂ රැසක් නියෝජනය කරමින් විශාල පිරිසක් එක්වූ අතර, මේ සඳහා ජනරජ පෙරමුණේ සභාපති විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ, ලේකම් බන්දුල චන්ද්‍රසේකර යන මහත්වරුන් ඇතුළු විශාල පිරිසක් එක් විය. මෙම හමුව සංවිධානය කරනු ලැබුවේ ජනරජ පෙරමුණේ උපසභාපති, විශ්‍රාමික මේජර් ජෙනරාල් තිලක් උබයවර්ධන සහ අසේල වීරක්කොඩි යන මහත්වරුන් විසිනි.