පිටකොටුව කෙසෙල්වත්ත ප්‍රදේශයේ ගර්භනී මවුවරුන් උදෙසා උදෑසන ආහාරය ලබාදීමේ වැඩසටහනක් එක්සත් ජනරජ පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (12) පෙරවරුවේ සංවිධානය කර තිබිණ. බණ්ඩාරනායක මාවත මාතෘ සායන මධ්‍යස්ථානයේ දී ආරම්භ වූ මෙම වැඩසටහන සෑම සතියකම අගහරුවාදා දිනයේ පැවැත්වීමට කටයුතු කර ඇති අතර, සංවිධාන කටයුතු මැද කොළඹ සචිත්ර රණසිංහ මහතා විසින් සිදු කරනු ලබයි.
එක්සත් ජාතීන්ගේ දේශගුණික විපර්යාස පිළිබඳ සමුළුව (COP28) සඳහා පාර්ලිමේන්තු ක්‍රම සහ විධි පිළිබඳ කාරක සභාවේ සභාපතිවරයා වශයෙන් එක්සත් ජනරජ පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා ද සහභාගී වූ අතර, එම සංචාරය තුළ දී එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ, ඩුබායි නගරයේ සේවයේ නියුතු වෘත්තීයවේදීන් ඇතුලු පිරිසක් හා චම්පික රණවක මහතා අතර සාකච්ඡාවක් පසුගියදා පැවැත්විණ. වර්තමාන ආර්ථික බංකොලොත්භාවයෙන් මිදීමට ගත හැකි ක්‍රියාමාර්ග පිළිබඳ එහිදී සාකච්ඡාවට ගැණින. මෙම සාකච්ඡාව සඳහා සහභාගී වූ පිරිස එතුමාගේ මෙම ගමන පිළිබඳ ප්‍රසාදයත්, පක්ෂයේ ඉදිරි වැඩ කටයුතු සඳහා ඔවුන්ගේ දායකත්වයත් නොමසුරුව ලබාදෙන බවත් ප්‍රකාශ කරන ලදී. එක්සත් ජනරජ පෙරමුණු පක්ෂ නියෝජිත, වරලත් ප්‍රමාණ සමීක්ෂක සංජීව රත්නායක මහතා විසින් මෙම හමුව සංවිධානය කරන ලදී.
2023 එක්සත් ජාතීන්ගේ දේශගුණික විපර්යාස පිළිබඳ සමුළුව - (UNFCC – Conference of Parties 28th Conference) 2023 නොවැම්බර් 30 දින එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායි හීදී ආරම්භ වූ අතර, පරිසරය, ස්වභාවික විපත් සහ සහන සැළසීමට අදාළ කාර්යභාරයන් වෙනුවෙන් වූ පාර්ලිමේන්තු ආංශික කාරක සභා සියල්ලෙහිම සභාපතිවරුන්ට මේ සඳහා සහභාගී වීමට අවස්ථාව ලබා දෙයි. හදිසි සහන සහ ඒ ආශ්රිත ප්‍රතිපත්ති සම්පාදනයට අදාළ කරුණු විමර්ශනය කර නිර්දේශ ලබාදීමට ක්‍රම සහ විධි පිළිබඳ කාරක සභාවට බලය පැවරී ඇති අතර, ඒ අනුව මානව ක්‍රියාකාරකම් සහ දේශගුණික විපර්යාස වැනි ගෝලීය සංසිද්ධීන් යන දෙකින්ම ඇති වන ස්වාභාවික විපත් සඳහා දායක වන සාධක සහ ස්වාභාවික විපත් අවම කර කළමනාකරණය කිරීමේ ක්‍රම සළකා බැලීම ක්‍රම සහ විධි කමිටුවට අයත් කාර්යයභාරයන් වේ. පාර්ලිමේන්තු ක්‍රම සහ විධි කාරක සභාවේ සභාපතිවරයා ලෙස පාඨලී චම්පික රණවක මහතා 2023 වසරේ එක්සත් ජාතීන්ගේ දේශගුණික විපර්යාස පිළිබඳ සමුළුවේ දී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වී සිටින්නේ ඒ අනුවය. මෙම අවස්ථාව සඳහා රජය නියෝජනය කරන මැති ඇමැතිවරුන් මෙන්ම, විපක්ෂය නියෝජනය කරන එරාන් වික්‍රමරත්න, අජිත් මාන්නප්පෙරුම යන මහත්වරුන් ද එක්ව සිටියහ.
ත්‍රිකුණාමලයෙන් චීනයේ නැන්ජින් බලා වැඩම කළ දේවසාරා භික්ෂුණීන් වහන්සේ විසින් භික්ෂුණීන් වහන්සේලා 300ක් මහණ කිරීමෙන් චීනයේ භික්ෂුණී ශාසනය ආරම්භ කරන්නේ ක්‍රි.පූ.5 වෙනි සියවසේදීය. එම අවස්ථාව සිහිගන්වමින් චීන භික්ෂුණීන් වහන්සේලා හා දානපතීන් විසින් අද දින (18) කැළණිය නාමල්වත්ත නාගානන්ද ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ දී භික්ෂුණීන් වහන්සේලා 5000 ක් උදෙසා දානමය පිංකමක් පැවැත්විණ. එක්සත් ජනරජ පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා ද, එම අවස්ථාවට සහභාගී විය.