
නත්තල් දින දේව මෙහෙය
වහකෝට්ටේ ශාන්ත අන්තෝනි ජාතික දේවස්ථානයේ නත්තල් දා උදෑසන දේව මෙහෙය සඳහා එක්සත් ජනරජ පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා ද එක් විය.
පක්ෂ තරුණ අංශයේ ලේකම් තීක්ෂණ ගම්මන්පිල සහ කෝලිත ප්‍රනාන්දු මහත්වරුන් විසින් මෙම අවස්ථාව සම්බන්ධීකරණය කරන ලදී.

කළුතර දිස්ත්‍රික් බේරුවල ජනරජ සභාව.
එක්සත් ජනරජ පෙරමුණේ කළුතර දිස්ත්‍රික් බේරුවල ජනරජ සභාව අළුත්ගම කළුවාමෝදර නිල්වලා උත්සව ශාලාවේදී අද (24) දින පක්ෂ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණ.
මෙම අවස්ථාව සඳහා පක්ෂ ජ්‍යෙෂ්ඨ උප සභාපතිවරුන් වන පුජ්‍ය හැඩිගල්ලේ විමලසාර හිමි, නිශාන්ත ශ්‍රී වර්ණසිංහ මහතා ඇතුළු පිරිසක් සහභාගී විය.
ජනහමුව සංවිධානය කළේ බේරුවල ආසන සම්බන්ධීකාරක නීතිඥ මහේෂ් කාංචන හා පාලිත සෙනෙවිරත්න මහත්වරුන් විසිනි.

අඹතලේ පැවති කුඩා ජන හමුව..
එක්සත් ජනරජ පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා සහභාගී වූ කුඩා ජන හමුවක් අද (21) දින අඹතලේ, පාසල් පටුමග ප්‍රදේශයේ දී පැවැත්විණ.
මෙම හමුව සඳහා එක්සත් ජනරජ පෙරමුණ ජාතික සභාවේ ලේකම්, මධ්‍යම කාරක සභික, කොළඹ දිස්ත්‍රික් සම්බන්ධීකාරක, කඩුවෙල හිටපු නාගරික මන්ත්‍රී බෝසෙත් කලහේපතිරණ, එක්සත් ජනරජ පෙරමුණේ නියෝජ්‍ය ලේකම් - කාන්තා අංශය (ජනරජ කාන්තාවෝ) ප්‍රියදර්ශනී ආරියරත්න යන මහත්ම මහත්මීන් ද, සහභාගී විය.
එක්සත් ජනරජ පෙරමුණේ කාන්තා අංශයේ විධායක සභික, පක්ෂ ජාතික මණ්ඩල සාමාජිකා ධාන්‍යා සමරසිංහ මහත්මිය විසින් මෙම හමුව සංවිධානය කරන ලදී.

මාතර දිස්ත්‍රික් කඹුරුපිටිය ජනරජ සභාව









මාලිගාවේ ඇත්ගාල ජනතාවට විවෘත්ත කළ වගයි….
මහනුවර ශ්‍රී දළදා මාලිගාවට අනුබද්ධ ඇත් ගාල එක්සත් ජනරජ පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (14) මහජනතාව සඳහා විවෘත විය. 2019 එවක මහානගර සහ බස්නාහිර සංවර්ධන අමාත්‍යවරයා ලෙස පාඨලී චම්පික රණවක මහතාගේ උපදෙස් මත මෙම ඇත්ගාල ඉදි කොට සංවර්ධනය කෙරිණ.

BUDGET IN REVIEW











සවනක් රැස්
උඳුවප් පෝදා (අද - දෙසැ. 26) හෝමාගම, ඉඹුලකන්ද ශ්‍රී සම්බුද්ධි විහාරස්ථානයේ 'සවනක් රැස්' පෝදා වැඩසටහනේ ධර්ම දේශනාව පවත්වන ලද්දේ දිවුලපිටිය ලීලා ජයතිලක ධර්ම නිකේතනාධිපති, අනුරාධපුර භික්ෂු විශ්ව විද්‍යාලයේ පාලි හා බෞද්ධ අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය, මහා විහාර වංශික ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ අධිකරණ ලේඛකාධිකාරී අතිපූජ්‍ය අක්මීමන ධම්මපාල නාහිමියන් විසිනි. විහාරස්ථානය ගොඩනැගීම සඳහා වෙසෙස් දායකත්වයක් ලබා දුන් එක්සත් ජනරජ පෙරමුණේ නායක, හිටපු අමාත්‍ය, පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා විසින් ගෞරවනීය නායක ස්වාමීන් වහන්සේට දැහැත් වට්ටිය පිරිනමා ධර්ම දේශනාවට ආරාධනා කිරීම සිදු කරන ලදී. "පරිසර පද්ධතිය ඉතාමත්ම රමණීය තත්ත්වයෙන් පැවතුනත්, ඒ පරිසර පද්ධතිය විනාශ වීමේ තර්ජනයකට පත්වෙලා තිබුණු කාලෙක මේ ප්‍රදේශයේ පිරිස, තරුණ ඇත්තෝ, ඒ වගේම වැඩිහිටියෝ 1968 වසරේ පමණ පිළිම වහන්සේ නමක් මේ කඳු ශිඛරයේ වැඩම කරගෙන විත් තැන්පත් කොට, පුංචියට විහාර මන්දිරයක් ආරම්භ කරලා, වන්දනා කරන්නට කටයුතු සූදානම් වෙලා තිබුණා. ඉන් අනතුරුව මේ පරිසර පද්ධතිය රැකගෙන විහාර භූමිය මේ රටෙත් ඒ වගේම මේ ප්‍රදේශයේත්, මේ ලෝකයේ සැදැහැති සත්පුරුෂ සාදුන්ට තෙල් මල් පුදන්නට පුළුවන් විහාර භූමියක් බවට පත් කරන්නට අවස්ථාව අපට යෙදුණා. විශේෂයෙන්ම ඒ කටයුතු සිදු කිරීමේදී එවකට 2016 පෙබරවාරි 14 වෙනි දින තමයි අපට මේ පුණ්‍ය භූමිය නිදහස් කරගන්නට ලැබුණේ. එවකට කැබිනට් අමාත්‍ය ධූරයක් දරන්නට යෙදුණ පාඨලී චම්පික රණවක මැතිතුමාගේ උදව් උපකාර ඇතිව මේ පුණ්‍ය භූමිය අපිට නිදහස් කරගන්නට ලැබුණා. ඉතින් ඒ කටයුතු සිදු කිරීමේදී ම ගුරුදේවෝත්තම අපවත් වී වදාළ මහාවිහාරවංශික ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ බස්නාහිර පළාතේ ප්‍රධාන සංඝනායක වැඩ සිටිය මරදාන ශ්‍රී ලංකා විද්‍යාල මහා පිරිවෙන්හි අධිපතිව වැඩ සිටියා. ආචාර්ය පූජ්‍යපාද නාගොඩ අමරවංශ, නායක මාහිමිපාණන් වහන්සේගේ පූර්ණ ආශිර්වාදය ඇතිව අපි ඒ කටයුත්ත සිද්ධ කළා. විහාරයෙහි අපේ පෙහෙවස් සමාදන් වෙන, සිල් සමාදන් වන, මෙත්සිත් අරණ ප්‍රදේශයේ, ගොඩනැගිල්ල කටයුතු කිරීමේ දී, එවකට රජයේ මහනගර හා සංවර්ධන අමාත්‍ය ධූරය දරන්න යෙදුන පාඨලී චම්පික රණවක මැතිතුමාගේ පූර්ණ අනුග්‍රහයෙන් ඒ රජයේ ප්‍රතිපාදන මතින් අපිට ඉදිකරලා දෙන්නට යෙදුනා." - ඓතිහාසික ඉඹුලකන්ද ශ්‍රී සම්බුද්ධි විහාරාධිපති, 'දම්පල් දරුවෝ' ජාතික සංවිධානයේ සභාපති, ගෞරව ශාස්ත්‍රවේදී ශාස්ත්‍රපති පූජ්‍යපාද යහමුල්ලේ අනුරවංශ නාහිමියෝ.
