එක්සත් ජනරජ පෙරමුණ විසින් පෙබරවාරි 14 වෙනිදා එළිදැක්වුනු ‘දේශය වෙනුවෙන් එක්වන පියවරක්’ ප්රකාශනයෙහි අන්තර්ගතය සම්බන්ධයෙන් සියළු දේශපාලන පක්ෂ, සංවිධාන දැනුම්වත් කිරීමට ගනු ලැබූ තීරණය අනුව, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, එක්සත් ජාතික පක්ෂය, සමගි ජන බලවේගය සහ නිදහස ජනතා සභාව සමග මින් පෙර සාකච්ඡා කරන ලදී.
එහි තවත් පියවරක් ලෙස විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය සහ එක්සත් ජනරජ පෙරමුණ අතර සාකච්ඡාවක් පෙබරවාරි 28 කොළඹ පදනම් ආයතනයේ දී පැවැත්විණ.
විශ්ව විද්‍යාල ආචාර්ය සමිති සම්මේලනයේ නියෝජිත පිරිසක් හා එක්සත් ජනරජ පෙරමුණේ සභාපති, විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ, ප්‍රධාන ලේකම් බන්දුල චන්ද්‍රසේකර, දේශපාලන මණ්ඩල සභාපති කරු පරණවිතාන, ජාත්‍යන්තර කටයුතු පිළිබඳ නියෝජ්‍ය ලේකම්, ජ්‍යෙෂ්ඨ මහාචාර්ය රෝහණ මහලියනආරච්චි යන මහත්වරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.