බණ්ඩාරනායක චින්තනය සහ උගත යුතු පාඩම්.

telephone x 1

බණ්ඩාරනායක චින්තනය සහ උගත යුතු පාඩම්.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

‘බණ්ඩාරනායක චින්තනය සහ උගත යුතු පාඩම්’ මැයෙන් වූ විශේෂ මතකාවර්ජන වැඩසටහනක් 26 දින නාවල සෝලීස් උත්සව ශාලාවේ දී පැවති අතර, ඒ සඳහා එක්සත් ජනරජ පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා ද සහභාගී විය.
හිටපු අග්‍රාමාත්‍ය එස්.ඩබ්.ආර්.ඩී. බණ්ඩාරනායක මහතාගේ 64 වන ගුණ සමරුව නිමිත්තෙන් මෙම වැඩසටහන සංවිධානය කර තිබුණේ කෝට්ටේ හිටපු නගරාධිපති ජනක රණවක, නීතිඥ රජික කොඩිතුවක්කු යන මහත්වරුන් ඇතුළු නිදහස් ජන එකමුතුව විසිනි.
මෙම වැඩසටහන සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උපසභාපති, දකුණු පළාත් හිටපු මහඇමැති ශාන් විජයලාල් ද සිල්වා, නිදහස ජාතික සභාවේ පාර්ලිමේන්තු මන්ත්‍රී, හිටපු අමාත්‍ය ඩිලාන් පෙරේරා, එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම්, හිටපු නියෝජ්‍ය කතානායක තිලංග සුමතිපාල යන මහත්වරුන් ඇතුළු විශාල පිරිසක් ද එක්ව සිටියහ.

         

 

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *