ජනරජ භික්ෂු පෙරමුණේ ප්‍රධාන කැඳවුම්කරු දර්ශනපති පුජ්‍ය හැඩිගල්ලේ විමලසාර හිමියන්ගේ කැඳවිමෙන් ජනරජ භික්ෂු හමුව පක්ෂ මුලස්ථානයෙ දී පක්ෂයේ නායක හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලි චම්පික රණවක මැතිතුමා සහ නිළධාරින් සහභාගිත්වයෙන් සිදුවිය. මෙම භික්ෂු හමුවේ මුලසුනේ දෙසුම සිදුකරනු ලැබුවේ ආචාර්යය දෙල්දුවේ ඥානසුමන නාහිමිපාණන් වහන්සේය. පිරිස පංචශිලයේ පිහිටුවිම, බුද්ධ වන්දනාව හා ප්‍රධාන අනුශාසනාව සිදුකරනු ලැබුවේ බණ්ඩාරගම වික්‍රමශිලා පිරිවෙන් අධ්‍යක්ෂක ප්‍රවීන ගත් කතුවර රොටඹු පේමරතන නාහිමියන් විසිනි. ආරම්භක ගථා සජ්ඣානය සිදුකරනු ලැබුවේ විශ්‍රාමික විදුහල්පති අනුරාධපුර දිස්ත්‍රික් සංවිධායක ශාස්ත්‍රපති ඉඹුලපිටයේ ඉන්ද්‍රවංශ හිමියන් සිදුකළ ඇතර සභාව මෙහෙයවනු ලැබුවේ ශාස්ත්‍රපති පස්සරමුල්ලේ දයාවංස හිමියන් විසිනි. හිටපු අමාත්‍ය චම්පික රණවක මැතිතුමන් වර්තමාන දේශපාල තත්ත්වය හා භික්ෂු නායකත්වයේ වැදගත්කම අවධාරණය කරමින් විශේෂ දෙසුමක් පැවැත්විය. පුණ්‍යානුමෝදනාව හා විශේෂ කරුණු දැක්වීම විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ මහතා සිදුකරන ලද්දේ පක්ෂ සභාපති ලෙසයි.