එක්සත් ජනරජ පෙරමුණේ නායක පාර්ලිමේන්තු පාඨලී චම්පික රණවක මහතා අද (07 ) රත්නපුර, කලවාන ශ්රී තිලකරත්නාරාම විහාරස්ථානයේ විහාරාධිපති රත්නපුරේ සීවලී හිමියන් බැහැ දැක ආශිර්වාද ලබා ගත්තේය.
මෙම අවස්ථාවට එක්සත් ජනරජ පෙරමුණ දේශපාලන මණ්ඩල සභාපති කරු පරණවිතාන මහතාද සහභාගී වූ අතර, නීතිඥ හර්ෂණ දිසානායක මහතා විසින් මේ අවස්ථාව සම්බන්ධීකරණය කරන ලදී.


