එක්සත් ජනරජ පෙරමුණේ අධ්‍යාපන හා පුහුණු කමිටුව විසින් පවත්වනු ලැබූ පළමු පුහුණු වැඩමුළුව 2023 සැප්තැම්බර් මස 30 වෙනි දින ඉතා සාර්ථක ලෙස මහනුවර ඩෙවොන් ශාලාවේදී පැවැත්විණි. තුෂාර ස්වර්ණතිලක මහතාගේ සංවිධායකත්වයෙන් පැවැති මෙම පුහුණු වැඩපිළිවෙල මහනුවර හා අනුරාධපුර දිස්ත්‍රික්කවල දිස්ත්‍රික් කළමනාකරුවන්, ආසන සම්බන්ධීකාරකවරුන්, දිස්ත්‍රික් කමිටු සාමාජිකයන්ගේ සහභාගීත්වයෙන් පෙ.ව. 10.00 සිට ප.ව 4 දක්වා පැවැත්විණ.
දේශන හා දේශකයන්
1. පක්ෂ දර්ශනය – අජිත් අමරසිංහ
2. ශ්‍රී ලාංකික දේශපාලනයේ ගමන්මග හා ජනරජ පක්ෂය – කරුණාරත්න පරණවිතාන
3. පක්ෂයේ ආර්ථික වැඩපිළවෙල – සංකල්ප මාරසිංහ
4. පක්ෂ නායකත්වයේ ගමන් මග – දිනෙත් මල්ලිකාරච්චි
මෙහිදී පක්ෂ නායක පාඨලී චම්පික රණවක මහතා විසින් වර්තමාන දේශපාලන තත්ත්වය ගැන දේශනයක් ද පවත්වන ලදී. දේශන වලින් අනතුරුව සාකච්ඡාව පුරා පැයකට අධික කාලයක් පැවතිණ. මෙම පුහුණු වැඩමුළුව ලංකාවේ අන් දිස්ත්‍රික්ක වලද, පක්ෂ මුලස්ථානයේද පැවැත්වීමට අධ්‍යාපන හා පුහුණු කමිටුව අදහස් කර ඇත.











