එක්සත් ජනරජ පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතාගේ සහභාගිත්වයෙන් (10) දින මහරගම දී පැවැත්වූ ජන හමුව සඳහා දේශපාලන පක්ෂ රැසක් නියෝජනය කරමින් විශාල පිරිසක් එක්වූ අතර, මේ සඳහා ජනරජ පෙරමුණේ සභාපති විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ, ලේකම් බන්දුල චන්ද්‍රසේකර යන මහත්වරුන් ඇතුළු විශාල පිරිසක් එක් විය.
මෙම හමුව සංවිධානය කරනු ලැබුවේ ජනරජ පෙරමුණේ උපසභාපති, විශ්‍රාමික මේජර් ජෙනරාල් තිලක් උබයවර්ධන සහ අසේල වීරක්කොඩි යන මහත්වරුන් විසිනි.