ආනමඩුව විදුලි යෝජනා ක්‍රම 02 ක් ජනතා අයිතියට

telephone x 1

ආනමඩුව විදුලි යෝජනා ක්‍රම 02 ක් ජනතා අයිතියට

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

අපේ ගම්වල ඉන්න ඕනම දරුවෙකුට, ලෝකයේ ඕනම උසස් තැනකට යන මාවත, මේ කම්බි දිගේ ගමට එන විදුලියෙන් විවෘත වෙලා තියෙනවා. පාඨලී චම්පික රණවක විදුලිබල හා බලශක්ති අමාත්‍ය. “අපේ ලොකුම ශක්තිය දරුවන්ගේ අධ්‍යාපනය. එදා අපිට විදුලිය තිබුණේ නැහැ. අපි කුප්පි ලාම්පුවෙන් ඉගෙන ගත්තේ. අපේ දරුවෝ කුප්පි ලාම්පුව නැතිව, විදුලි ආලෝකයෙන් ඉගෙන ගෙන උසස් තැන් වලට එනවට අපි ආසයි. අපේ ගම්වල අයට හැමදාම කුඹුරු කොටන්න, ගස් ගෙඩි කඩන්න ඕන නැහැ. අපේ දරුවන්ට හොඳ අනාගතයක් තියෙනවා. ඒකට අවශ්‍ය පසුබිම දැන් සකස් වෙලා. ඕනම කෙනෙකුට දැන් මේ රටේ ජනාධිපති ධූරයට පත්වෙන්න පුළුවන් කියලා මෛත්‍රිපාල සිරිසේන මහත්තයා ඔප්පු කරලා පෙන්නුවා. මේ අපේ ගම්වල ඉන්න ඕනම දරුවෙකුට, ලෝකයේ ඕනම උසස් තැනකට යන මාවත, මේ කම්බි දිගේ ගමට එන විදුලියෙන් විවෘත වෙලා තියෙනවා ” යැයි විදුලිබල හා බලශක්ති අමාත්‍ය, පාඨලී චම්පික රණවක මහතා පැවසීය. ඒ මහතා මේ අදහස් පළකළේ, පසුගියදා පුත්තලම දිස්ත්‍රික්කයේ, ආනමඩුව ආසනයේ පැවති විදුලි යෝජනා ක්‍රම 02 ක් ජනතා අයිතියට පත්කිරීමේ අවස්ථාවට එක්වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය රණවක මහතා, “2010 මම විදුලිබල ඇමති විදිහට වැඩ භාරගන්නකොට, අපේ ආණ්ඩුව සැලසුම් කරලා තිබුණේ, 2018 දී 100%ක් විදුලිය දෙන්න .අපි ඒක කඩිනම් ව්‍යාපෘතියක් කළා 2012 දි සැමට විදුලිය කියලා. ඉරාණ ආධාර වලින් තමයි මේක කරන්න හැදුවේ. නමුත් ඉරාණයට සම්බාධක පැනවීමෙන් ඒක කරගන්න බැරිවුණා. මේ වසරේ විදුලිය ලබදෙන්නේ ලංවිම අරමුදල් වලින්. රජයේ ණයක්, සහනයක් ලැබෙන්නේ නැහැ. වයඹ පළාතේ මේ වෙද්දි 98% ක් විදුලිය ලබාදීලා තිබෙනවා. දැන් ඉතිරි වෙලා තියෙන්නේ දුෂ්කරම ප්‍රදේශ. අපි අතීතයේ අනුගමනය කළ ප්‍රතිපත්තිය තමයි එක නිවසකට රු. ලක්ෂ 2ක ට වඩා වැය වෙනවානම්, ඒවා පස්සට දාන්න. නමුත් දැන් අපි ඒ ක්‍රමය වෙනස් කරලා සැමටම විදුලිය ලබාදෙනවා. මේ හල්මිල්ලමැන්ඩිය විදුලි ව්‍යාපෘතිය යටතේ එක නිවසකට විදුලිය දෙන්න, රු. 440,000.00 ක් වැය කරලා තිබෙනවා. ඔබට නොයෙක් සහනාධාර රජයෙන් ලැබිලා ඇති. සමෘද්ධි, පොහොර, ජලය වගේ. නමුත් එක පවුලකට කවදාකවත් රු. 440,000 ක සහනාධාරයක් ලැබිලා නැතිව ඇති. ඒක විශාල මුදලක්. ඒ නිසා අපි ඔබගෙන් බලාපොරොත්තු වෙනවා එක දෙයක්. ගමකට විදුලිය ලැබුණම ඒ ගම් වැසියෝ එක දේකට පෙළඹෙනවා. ඒ තමයි නොයෙක් ප්‍රචාරණ වලට, පෙළඹවීම් වලට නතුවෙලා, ණය වෙලා හරි විදුලි උපකරණ ගෙදර ගොඩගහගන්නවා. විදුලිය දෙන්න කලින් ලංවිම නිලධාරීන් පෙනෙන්නේ දෙවිවරු වගේ. නමුත් ගෙදර බඩුමුට්ටු ගොඩගහගත්තම, ලොකු ලයිට් බිලක් එද්දි, ඒ ලංවිම දෙවිවරු යක්ෂයෝ වගේ පේනවා. ඉතින් මම මේ ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ. විදුලිය ලැබුණට ගෙදර විදුලි උපකරණ ගොඩගහගන්නේ නැතිව, විදුලිය අත්‍යාවශ්‍ය දේවලට පමණක් භාවිතා කරන්න කියලා මම ඉල්ලා සිටිනවා. ඒ වගේම පුංචි පුංචි කර්මාන්ත වලටත් මේ විදුලියෙන් ලැබෙන්නේ මහත් සහනයක්. ශක්තියක්. ඒ සහනය, ශක්තිය යොදාගෙන තමන්ගේ ආර්ථිකය දියුණු කරගන්න. පෙට්ටිකඩේ ග්‍රොසරියක් කරගන්න, ග්‍රොසරිය සුපර් මාකට් එකක් කරගන්න. එහෙම නැතිව රූපවාහිනය ඉදිරිපිට වාඩිවෙලා, අනවශ්‍ය දේවලට කාලය නාස්ති කරගන්න එපා. මේ කම්බි හරහා ගමට එන විදුලියෙන් උපරිම ප්‍රයෝජන ගන්න. අපි හැමදේම කරන්නේ දරුවෝ වෙනුවෙන්. ඒ නිසා ඔවුන්ගේ අධ්‍යාපනයට විදුලිය යොදා ගන්න, ඒ වගේම තමන්ගේ ආර්ථිකය ශක්තිමත් කරන්න ව්‍යාපාර වලට විදුලිය යොදා ගන්න. විදුලිය අරපිරිමැස්මෙන් පාවිච්චි කරලා ඔබත් දිනන රටත් දිනන තත්ත්වයෙකට පත්වෙන්න. ඒ වගේම නීතිවිරෝධි ලෙස විදුලිය ලබාගන්නෙපා. විදුලි අනතුරු වලින් පරෙස්සම් වෙන්න. මේක භයානක බලශක්තියක්. ඒ නිසා ඉතාමත් පරෙස්සමින් පාවිච්චි කරලා, ඔබ සියලු දෙනාම ඔබේ දරුවන්ගේ මෙන්ම ඔබගේ ජීවිත ආලෝකමත් කරගන්න, ලෝකයම ජයගන්න, විදුලිය සම්පතක් කරගන්න කියා මා ඉල්ලා සිටිනවා” යැයි පැවසීය. මෙම අවස්ථාවට ප්‍රෙදේශයේ දේශපාලනාධිකාරිය ඇතුළු විශාල පිරිසක් එක්වි සිටියහ.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *