දරුවන්ගේ කලාත්මක රස වින්දනය ඔප් නැංවීම ද, පාසල් විෂය නිර්දේශයට කොටු වී සිටින සිසු සිසුවියන්ගේ නිර්මාණශීලී හැකියාවන් වර්ධනය කිරීම ද අරමුණු කරගෙන දීප ව්‍යාප්තව පවත්වනු ලබන ‘Creative Kids’ වැඩසටහන් මාලාවේ විශේෂ ළමා දින වැඩසටහන අද (03) හොරණ තක්ෂිලා මධ්‍ය මහා විද්‍යාලයේ දී පැවැත්විණ.
තක්ෂිලාවේ ආදි ශිෂ්‍යයෙකු ද වන එක්සත් ජනරජ පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා මෙම වැඩසටහන සඳහා ප්‍රධාන ආරාධිතයා ලෙස එක් වීම විශේෂත්වයකි.
තක්ෂිලා විද්‍යාලයේ විදුහල්පතිතුමා සහ ආදි ශිෂ්‍ය සංගමය ද මෙම සුවිශේෂී අවස්ථාව සඳහා තම දායකත්වය සහ සහයෝගය පල කරන ලදී.


























