අයවැය 2024 දිශානතිය පැහැදිලි කිරීම උදෙසා NextGen SL මගින් සංවිධානය කරන ලද ‘BUDGET IN REVIEW’ සාකච්ඡා සභාව ඊයේ (12) සවස කොල්ලුපිටිය GrandBell හෝටලයේදී පැවැත්විණි.
පාර්ලිමේන්තු ක්රම සහ විධි පිළිබඳ කමිටුවේ සභාපති වශයෙන් එක්සත් ජනරජ පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්රී පාඨලී චම්පික රණවක මහතා මේ අවස්ථාව සඳහා එක් වූ අතර, රජය නියෝජනය කරමින් මුදල් රාජ්ය අමාත්ය ෂෙහාන් සේමසිංහ, සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්රී ආචාර්ය හර්ෂ ද සිල්වා, නිදහස ජනතා සභාව නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්රී මහාචාර්ය චරිත හේරත් යන මහත්වරුන් ද සංවාදය සඳහා එක්විය.
ධනනාත් ප්රනාන්දු මහතා මෙම සාකච්ඡාව මෙහෙයවිය.










