එක්සත් ජනරජ පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්රී පාඨලී චම්පික රණවක මහතා පසුගියදා මාතලේ, ලග්ගල ඓතිහාසික කිරිඅම්මා උල්පත භූමිය දැක බලා ගැනීමට ගිය අතර, ඉන් අනතුරුව ලග්ගල, පිදුරුවැල්ල ග්රාමයේ ජනතාව හමුවිය. මෙම අවස්ථාව සචින්ත අනුහස් මහතා සහ හෙට්ටිපොල ධීරානන්ද හිමියන් විසින් සංවිධානය කරන ලදී.
ලග්ගල, දේවගිරිය දුෂ්කර ගම්මානයේ ප්රජා ශාලාවේ දී පැවැති ජනතා හමුවකට ද රණවක මහතා එක්වන ලද අතර, එය සංවිධානය කරන ලද්දේ විශ්රාමික යුධ හමුදා නිලධාරී නිමල් මහතා විසිනි. නාමිනි ඔය විහාරය සහ හෙට්ටිපොල ජිනරතන පිරිවෙන වෙත ගිය පාඨලී චම්පික රණවක මහතා මහා සංඝරත්නය බැහැ දැක ආශිර්වාද ලබාගෙන එක්සත් ජනරජ පෙරමුණේ ප්රතිපත්ති ප්රකාශය උන්වහන්සේලා වෙත පිළිගැන්වීය.
මාතලේ දිස්ත්රික් සම්බන්ධිකාරක තීක්ෂණ ගම්මන්පිල මහතා විසින් මෙම හමු සම්බන්ධීකරණය කරන ලදී.













