‘ජනරජ කාන්තාවෝ’ විසින් ළමා දිනය මුලික කර ගෙන සංවිධානය කළ අක්ෂි සායන වැඩසටහනක් අද (01) කෝට්ටේ මහින්දාරාම විහාරස්ථානයේ දී පැවැත්විණ.
විහාරස්ථ දහම් පාසල් දුවා දරුවන් වෙනුවෙන් මෙම අක්ෂි සායනය පවත්වන ලද අතර, මෙම අවස්ථාව සඳහා එක්සත් ජනරජ පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්රී පාඨලී චම්පික රණවක මහතා ද සහභාගී විය.












