එක්සත් ජනරජ පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා අද (14) උදෑසන ශ්‍යාමෝපාලි මහා නිකායේ, අස්ගිරි පාර්ශවයේ මහනායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඤාණරතන මහනාහිමියන් බැහැදැක ආශිර්වාද ලබා ගත්තේය.
රණවක මහතාට ආශිර්වාද කොට අනුශාසනා කළ මහනාහිමියන් වෙත, එක්සත් ජනරජ පෙරමුණේ ප්‍රතිපත්ති ප්රකාශනය පිළිගැන්වීමට ද, රණවක මහතා විසින් කටයුතු කරන ලදී.
මේ අවස්ථාව සඳහා ජනරජ පෙරමුණේ සභාපති, විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ, දේශපාලන මණ්ඩල සභාපති, හිටපු නියෝජ්‍ය අමාත්‍ය කරු පරණවිතාණ, තුෂාර ස්වර්ණතිලක, තීක්ෂණ ගම්මන්පිල සහ සරත් විජේසිංහ යන මහත්වරුන් ඇතුළු පිරිසක් ද එක්විය.




