විරු පවුර සංවිධානයේ නියෝජිතයන් පිරිසක් හා එක්සත් ජනරජ පෙරමුණ නායක පාර්ලිමේන්තු මන්ත්රී චම්පික රණවක මහතා අතර හමුවක් අද (17) දින පක්ෂ මුලස්ථානයේදී පැවැත්වින.
ආර්ථික දුෂ්කරතා හමුවේ රණවිරු සුබසාධනය සහ රටේ පොදු ආර්ථික දේශපාලන කාරණා ගැන මෙන්ම ඉදිරි දේශපාලන කටයුතු සඳහා මැදිහත්වීම පිළිබඳවද එම සාකච්ඡාව තුල අදහස් හුවමාරු විණ. මේ සඳහා විරු පවුර සංවිධානයේ විශ්රාමික මෙන්ම ආබාධිත හමුදා නිලධාරීන් පිරිසක් එක්ව සිටියහ.
විරු පවුර සංවිධානයේ සභාපති කපිතාන් ගයාන් විතානගේ සහ පක්ෂ උපසභාපති, විශ්රාමික මේජර් ජෙනරාල් තිලක් උභයවර්ධන මහත්වරුන් විසින් මෙම හමුව සංවිධානය කර තිබිණ.











