මහරගම අපේක්ෂා රෝහලේ බාහිර රෝගී අංශයේ ප්‍රතිකාර ලබා ගැනීමට පැමිණි රෝගීන් සහ ඔවුන්ගේ හිතවතුන් වෙනුවෙන් දිවා ආහාරය පිළිගැන්වීමේ වැඩසටහනක් එක්සත් ජනරජ පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතාගේ ප්‍රධානත්වයෙන් ‘ජන සුව බල’ ක්‍රියාකාරීන්ගේ සහයෝගය ඇතිව අද (24) රෝහල් පරිශ්‍රයේ දී ක්‍රියාත්මක විය.
පක්ෂ උපසභාපති, විශ්‍රාමික මේජර් ජෙනරාල් තිලක් උභයවර්ධන මහතා විසින් සංවිධානය කරන ලද මෙම වැඩසටහනට ජාතික සංවිධායක සුමේධ රත්නායක මහතා, මධ්‍යම කාරක සභිකයන් වන බුදුගල ජිනවංස හිමි, පස්සරමුල්ලේ දයාවංශ හිමි, කපිතාන් ගයාන්, සුනිමල් ජනරංජන, කිංස්ලි පෙරේරා යන මහත්වරුන් ප්රමුඛ පක්ෂ ක්‍රියාකාරීන් රැසක් ද, එක්ව සිටියහ.
















