එක්සත් ජනරජ පෙරමුණේ පානදුර ආසන ජනරජ සභාව පෙබරවාරි 23 දින පක්ෂ නායක පාර්ලිමේන්තු මන්ත්රී පාඨලී චම්පික රණවක මහතාගේ ප්රධානත්වයෙන් පානදුර ගොරකාන K N River Line උත්සව ශාලාවේදී පැවැත්විණ.
මෙම අවස්ථාව සඳහා එක්සත් ජනරජ පෙරමුණේ ජ්යෙෂ්ඨ උප සභාපති නිශාන්ත ශ්රී වර්ණසිංහ, කළුතර දිස්ත්රික් නීතිඥ සංගමයේ සභාපති නීතිඥ මහේෂ් කාංචන, (ජනරජ කන්තාවෝ) කළුතර දිස්ත්රික් සම්බන්ධීකාරක මධුරි රණසිංහ, කළුතර දිස්ත්රික් කළමනාකාර සේනක විජේනායක ඇතුළු පක්ෂ නියෝජිතයින් පිරිසක්ද සහභාගී විය.
මෙම අවස්ථාව සංවිධානය කර තිබුනේ පානදුර ආසන සම්බන්ධීකාරක කමල් ඉන්දික පෙරේරා මහතා සහ පුජ්ය හැල්ලල දීපාලෝක ස්වාමින් වහන්සේ විසිනි.









