.

ඇමතිවරයා සහ පරිපාලකයා
පාඨලී චම්පික යනු මේ රටේ මෙතෙක් බිහි වූ සාර්ථකම ඇමතිවරුන්ගෙන් කෙනෙකු වේය යන්න අවිවාදිතය. ඔහු තමන් යටතට පත් සෑම ආයතනයක්ම නිර්මාණශීලීව සහ කාර්යක්ෂමව මෙහෙයවා ඒවා මූල්‍ය අර්බුදවලින් ගලවාගෙන, ඒවා ලාභ උපයන, ජනතාවට ඉහලම සේවයක් සපයන සහ ජාතික සංවර්ධනයට උරදෙන ආයතන බවට පත් කළේය.

ලේඛකයා..
සිය අදහස් හා ප්රතිපත්තීන් මහජන සංවාදයට පාත්‍ර කිරීම සඳහා වූ නිර්භීතභාවය සහ කැපවීම කවදත් පාඨලී චම්පික තුළ දැකිය හැකි වූ ලක්ෂණයකි. ඒ සඳහා ඔහු පොත් රාශියක්ද, ලිපි දහස් ගණනක්ද ලියා පල කර ඇත. දේශපාලනය, ජාතිකවාදය, සංවර්ධනය, පරිසරය හා බලශක්තිය වැනි ක්ෂේත්‍ර ගණනාවකට ඔහු සිය බුද්ධිමය දායකත්වය දක්වා තිබේ.

ප්‍රතිපත්ති සම්පාදකයා..
පාඨලී චම්පික හුදු විවේචකයෙකු නොව රට නව දිශාවකට යොමු කළ ප්‍රතිපත්ති සම්පාදකයෙකි. එහිලා දැකිය හැකි විශේෂත්වය නම් දේශීයත්වය, නවීනත්වය සමග මුසු කිරීමටත්, විද්‍යාත්මක දැනුම, ප්‍රායෝගිකත්වය සහ නිර්මාණශීලීත්වය සමග මුසු කිරීමටත් ඔහු සතු නිසඟ හැකියාවයි. පංච බල කේන්ද්‍රය, නවෝත්පාදනය වැනි සංකල්ප බොහොමයක් මෙරටට හඳුන්වා දුන්නේ ඔහු විසිනි.

දේශමාමකයා…
ඔහුගේ දේශපාලන දිවිය පුරා ඇති නොමැකෙන සලකුණ නම් දේශමාමකත්වයයි. කලෙක ඔහු රට බෙදන වෑයමට එරෙහිව සටන් කළේය. පසු කලෙක රටෙහි ධනය සොරකම් කරන, එය විනාශය කරා ඇද දමන පවුල් පාලනයට එරෙහිව සටන් කළේය. අද ඔහු වෑයම් කරන්නේ තම මව්බිම ශක්තිමත් හා සමෘද්ධිමත් රටක් බවට පත් කිරීමටයි.

වෘත්තීයවේදියා සහ බුද්ධිමතා
විදුලි ඉංජිනේරුවරයෙකු ලෙස පුහුණුව ලැබූ පාඨලී චම්පික පසුව විවෘත විශ්වවිද්‍යාලයේ උපදේශකයෙකු ලෙසද සේවය කළේය. ඊට අමතරව ඔහු විවිධ විෂයයන් ගැඹුරු කියවීමකද, නිරන්තර සංවාදයකද නිරත වෙයි. ඔහුගේ ජීවිතය සහ දර්ශනය හැඩ ගැසීමට ඒ වෘත්තීය පසුබිමත්, දැනුම් පිපාසාවත් බෙහෙවින්ම ඉවහල් වී ඇත.

සරසවි ශිෂ්‍ය නායකයා
ඔහු නායකයෙකු, කථිකයෙකු සහ සටන්කාමියෙකු ලෙස අභිෂේක ලබන්නේ ශිෂ්‍ය ව්‍යාපාරය තුළිනි. උතුරු කොළඹ පුද්ගලික වෛද්‍ය විද්‍යාලය ජනසතු කිරීමේ සටනේදීත්, දේශප්‍රේමී ශිෂ්‍ය දේශපාලනයෙහිත් ඔහුගේ නායකත්වය කැපී පෙනුනි.