වැල්ලම්පිටිය මීතොටමුල්ල ශ්‍රී ක්ෂේත්රාරාම විහාරස්ථානයේ අභිනව චෛත්‍ය, බුදු පිළිමය, ආවාසය විවෘත කිරීමේ අවස්ථාවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස එක්සත් ජනරජ පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා එක් විය.
පාඨලී චම්පික රණවක මහතා, මහනගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යවරයා ව සිටි සමයේ ‘සිහිළැල් දැහැන’ ව්‍යාපෘතියක් මගින් මෙම විහාරස්ථානයේ සංවර්ධන කටයුතු සඳහා රු.ලක්ෂ 10 ක මුදල් ආධාර ලබා දී ඇති අතර, විහාරාධිකාරී කටුවන සුදස්සී හිමිගේ සහ හේවාගමගේ දේවසිරි මහත්මාගේ ආරාධනාව පරිදි එම අවස්ථාවට එක් විය.





