දේශමාමකයා…

telephone x 1

දේශමාමකයා…

‍ෆෙඩරල්වාදයට එරෙහිව නව ජාතික ව්‍යාපාරයක්

 1994 දී ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කිරීම සඳහා බලයට පත්වූ චන්ද්‍රිකා ආණ්ඩුව යටි න්‍යාය පත්‍රයක් අනුව රට ෆෙඩරල් කිරීමට චන්ද්‍රිකා-රනිල් ලියෙම්ෆොක්ස් ගිවිසුම අනුව ක්‍රියාකරනා බව පෙනින. ෆෙඩරල් ලියවිල්ල මුලින්ම රටට හෙළි කළේ පාඨලීලා විසිනි (1995 අගෝස්තු) පසුව යෝධ ජාතික ව්‍යාපාරයක් ලෙස ජාතික සංඝ සභාව බිහිවිය. විදේශ ආධාර ලැබූ සුදු නෙළුම, තවලම වැනි ව්‍යාපෘතීන් පරදවා මතවාදීමය වශයෙන් දහස් ගණනක් භික්ෂූන් වහන්සේලා හා දේශමාමකයන් අවිහිංසාවාදී ලෙස පෙලගස්වන්නට එකී ව්‍යාපාරයට හැකිවිය. සිංහල වීර විදහන ජාතික ඒකාබද්ධතා කමිටුව ආදිය බිහිවීමද ඒ වකවානුවේ සිදුවිය. පුවත්පත්වලට සීමාවී තිබූ ජාතික ව්‍යාපාරය රාජ්‍ය බලයට හා ත්‍රස්තවාදයට අභියෝගයක් ලෙස මහපොළොවේ ක්‍රියාත්මක කරමින් නූතන ජාතික ව්‍යාපාරය බිහිවිනි. ෆෙඩරල් ව්‍යවස්ථාව පූජ්‍ය හැඩිගල්ලේ විමලසාර හිමිගේ ජීවිත පූජා කළ මහා උපවාසයකින් මහමගදී පරාජය කෙරිණි. බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී පැවති මහා විවාදයෙන් පසු පාඨලී චම්පික රණවක ජාතික මතයේ ප්‍රබලම ප්‍රකාශකයා බවට පත්විය.

ත්‍රස්තවාදයට එරෙහිව ජාතික පවුරක්

1995 අප්‍රේල් මස චන්ද්‍රිකා – ප්‍රභාකරන් සටන්විරාමය බිඳවැටිනි. සටන් විරාම සමයේ ගෙන ආ පුපුරන ද්‍රව්‍ය, මිසයිල පුපුරන්නට විය. කොළඹ නගරය තුළ මහ ප්‍රහාර ගණනාවක් (1996 – මහබැංකු, ලෝක බැංකු මධ්‍යස්ථානය) හා දළඳා ප්‍රහාරය (1998) සිදුවිය. මරදානේදී පාසල් දැරිවියන් මරා දැමූ බෝම්බ ප්‍රහාරයත් සමග ප්‍රථමවරට සංවිධානාත්මක ත්‍රස්ත විරෝධී ව්‍යාපාරයක් මතුවිය. කොටි පුපුරන සෑම බෝම්බයක් පාසාම එය වීදි බැස්සේය. කොටි සංවිධානය තහනම් වූයේත් මේ ජාතික මතධාරීන්ගේ උත්ඝෝෂණ නිසාය. අවසානයේ ත්‍රස්ත විරෝධී ජාතික ව්‍යාපාරය ලොව පුරා දේශමාමකයින් සංවිධානය කළ අතර ප්‍රථමවරට අන්තර්ජාලය සංවිධාන කටයුතු සඳහා යොදාගත්තේය. 1999 වන්නි යුධ පරාජය හමුවේ වන්නියට ගොස් රට රැකගත්තේ චම්පිකලා ගොඩනැගූ ත්‍රස්තවිරෝධී ජාතික ව්‍යාපාරයය.

ජාතික මතය ප්‍රධාන දේශපාලන ප්‍රවාහයට

1999-2000 කොටි ත්‍රස්තයින්ගේ අලිමංකඩ යුධ ජයග්‍රහන සමග ප්‍රධාන දේශපාලන පක්ෂ තුළද ඒවාට අනුබද්ධ කුඩා පක්ෂ සියල්ලද කොටින්ට යටත්විය යුතුබවට පරාජිත මානසිකත්වයක් ගෙන ආවෝය. එයට පිළිතුරක් ලෙස දේශපාලන තහනම් තහංචි මැද සිහළ උරුමය (2000) බිහිවිය. එය ආරම්භයේදීම බිඳ දැමීම සඳහා සියළු පක්ෂ උපරිම උත්සහයක් දැරුවේය. කෙසේ වෙතත් 2001 රනිල්-ප්‍රභාකරන් ගිවිසුමේ සිට මනිරාසකුලම් කොටි කඳවුරට එරෙහි උත්ඝෝෂණය ආදිය මගින් කොටින්ගේ ඊනියා පාලන ප්‍රදේශවලටම ත්‍රස්ත විරෝධී දේශමාමක අරගලය ව්‍යාප්ත කරනු ලැබුනේ චම්පිකලා විසිනි. අවසානයේ කොටි ත්‍රස්තවාදය දෙකඩ කිරීමට ඉදිරිපත්වූ බුද්ධි අංශවලට නිර්භීතව සහය වීමටද මේ දේශමාමක කොටස් පියවර ගත්තේ කොටි ප්‍රහාරවල ඉලක්ක වෙමිනි. ගංගොඩවිල සෝම හිමියන්ගේ අපවත් වීමත්, ජාතික සංඝ සම්මේලනයේ ප්‍රභල ක්‍රියාකාරීත්වයත් සමග 2004 හදිසි මහමැතිවරණයේ ලොකුම විප්ලවය ජාතික හෙළ උරුමය සිදු කළේය.

සුනාමියෙන් ගොඩනැගීමට ජාතික මෙහෙවරක්

2004 සුනාමියෙන් පසු විනාශ වූ දේපල හා ජීවිත ගොඩනංවන්නට ඕමල්පේ සෝභිත හිමියන්ගේ මූලිකත්වයෙන් ගොඩනැගුනු වැඩපිළිවෙල චම්පික ක්‍රියාත්මක කළේය. පානදුරයේ සාගර මාවතේ සුනාමියෙන් දින 40 කින් පලමු ස්ථිර නිවාස ව්‍යාපෘතිය විවෘත කෙරනි. එය බිඳවැටීමෙන් නැගී සිටීමේ පළමු පියවර විය. එය නිවාස 700ක් තරම් දුරදිග ගිය ව්‍යාපෘතියක් බවට පසුව පත්විය.

සුනාමියට මුවාවී ඊළාම් පිහිටුවීම

ප්‍රභාකරන් විසින් ඉදිරිපත් කළ අන්තර්පාලන යෝජනාව (ISGA) වෙනත් ආකාරයකින් සුනාමි සහන මණ්ඩලය නමින් කරළියට ආවේය. (2005) එවිට එයට එරෙහිව ඕමල්පේ සෝභිත හිමියන් මාරක උපවාසයක් ආරම්භ කළ අතර පසුපස සංවිධානය කළේ පාඨලී චම්පිකලාය. නීතිමය ලෙසද, සමාජමය ලෙසද, මහනායක හිමිවරුනගේ සිට යෝධ ජාතික සමගියකින් සුනාමි සහන මණ්ඩලය පරාජය කෙරිනි. නොඑසේ නම් ප්‍රභාකරන්ගේ ඊළාම් සිහිනය ජයගන්නට ඉඩ තිබිනි.

ඒකීයභාවය වෙනුවෙන් ජනාධිපතිවරයෙක්

ශ්‍රිලනිප-එජාප පක්ෂ දෙකම ‍ෆෙඩරල්වාදය කරතබාගත් යුගයක ඒකීය රටක් වෙනුවෙන් ජනාධිපතිවරණයක් දිනාගැනීමට හෙළ උරුමය මුල්විය. ඉන් පසු ප්‍රධාන අපේක්ෂකයින් දෙදෙනාටම රටේ ඒකීයභාවය මුල්කරගත් පංචවිධ ප්‍රතිපත්තියක් පිළිගැන්වින. එය පිළිගත්තේ එවකට අගමැති මහින්ද රාජපක්ෂය. 2005 ජනාධිපතිවරණය රට ෆෙඩරල්ද-ඒකීයද යන්න සඳහා වූ ජනමත විචාරණයක් බව චම්පික කීවේය. මහින්ද චින්තන ප්‍රතිපත්ති ප්‍රකාශයේ අවසාන සම්පාදකයා වූයේද විශේෂයෙන් උතුරේ ගැටළුව පිළිබඳ ප්‍රතිපත්තිය එවකට පවතින තත්ත්වය තුළ සහමුලින්ම කෙටුම්පත් කළේද චම්පිකය. එය ජාතික ජයග්‍රහණයක් විය. රටේ ඒකීයභාවය ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පිළිගත් පසු (2005) එක්සත් ජාතික පක්ෂයටද එය පිළිගැනීමට (2011) සිදුවිය. මෙය ශ්‍රී ලංකාව ෆෙඩරල් රටක් කිරීමට බටහිර රටවල් හා ඉන්දීය උපායමාර්ගිකයන් ගෙන ගිය විවිධ ව්‍යාපෘති සහමුලින් පරාජය කළ වීර්යවන්ත ක්‍රියාවලියක් විය. පාඨලී එහි හරි මැද සිටියේය.

ත්‍රස්ත විරෝධී යුද්ධය ජයගැනීම

අගමැති මහින්ද රාජපක්ෂට කොටි විරෝධී ජනතාව ඡන්දය දුන්නද ඔහු විවිධ පුද්ගලයින් හරහා කොටි සංවිධානය සමග ගණුදෙනුවක වෙලී සිටියේය. කොටි සමග ජිනීවාවල සාකච්ඡා සඳහාද යොමුවිය. රාජ්‍ය අරමුදල් කොටි සංවිධානය අතට පත්කරන වැඩපිළිවෙලක් RADA හරහා ගොඩනගා තිබිනි. හමුදාපතිට පහරදුන්විට පවා ප්‍රතිචාර නොදැක්වීය. මාවිල්ආරු (2006 ජූලි 21) සිද්ධිය මත ත්‍රස්තවාදයට අවසන් මරු පහර දෙන්නට ජාතික හෙළ උරුමය තීරණය කළ අතර අතුරලියේ රතන හිමි, නිශාන්ත වර්ණසිංහ ඇතුළු පිරිසක් මාවිල්ආරුවට ගියහ. යුද්ධය ඇරඹුනු විට සියලු සැපයුම් හා අනාථයින් වෙනුවෙන් අවශ්‍ය දෑ (පසුව රජය මැදිහත්වන තෙක්) ඉටුකළේ ත්‍රිමලයේ රැඳී සිටි චම්පිකය. මාවිල්ආරු සටන ජයගැනීමෙන් සියලු දෙනාට අවසන් විජයග්‍රහණය සඳහා මානසික ශක්තිය ලැබිනි. පාර්ලිමේන්තු කුමන්ත්‍රණයක් මගින් ආණ්ඩුව පෙරළා දැමීමට උත්සහයක් දැනුනුවිට (2007) ඕමල්පේ සෝභිත හිමියන්ගේ පරිත්‍යාගයෙන් චම්පික පාර්ලිමේන්තු ගියේය. 2007 අයවැයේදී ආණ්ඩුව පරදවා ත්‍රස්ත විරෝධී යුද්ධය වැලැක්වීමේ කුමන්ත්‍රණය පරාජය කිරීමට ඔහු වීර්යවන්තව ක්‍රියාකළේය. අනුරාධපුර ගුවන් කඳවුර විනාශකළවිට රූපවාහිනියට හා මාධ්‍යවලට ගොස් ජාතිය මානසිකව ශක්තිමත් කළේ ඔහුය. ඔහුගේ ඍජු දායකත්වය අවසන් නන්දිකඩාල් සටන දක්වා අතරමග පාවාදීම්වලින් තොරව සටන ගෙනයන්නට මහත් සේ උපකාරී විය.

දූෂණ විරෝධී සටන

2010 ජනපතිවරණය සඳහා ශ්‍රී ලංකාව පංචබල කේන්ද්‍රයක් බවට පත් කිරීමේ අදහස චම්පිකගේය. කෙසේ වෙතත් ඔහු වටහාගත්තේ ක්‍රමයෙන් රාජපක්ෂ ආණ්ඩුව මෙගා ඩීල් හරහා යෝධ දූෂණයකට යොමුවන බවය. විදුලිබල අමාත්‍යාංශයේ දූෂණ විරෝධී සටන ඇරඹීය. ඔහුට විරුද්ධව ජනාධිපතිවරයාගේ සිට විදුලි මාෆියාව ක්‍රියාත්මක වෙද්දී වැඩවර්ජන පිට වැඩවර්ජන එද්දී ඔහු වීර්යවන්තව අරගලය ගෙනගියේය. ඉන් පසු සමාජයේ ඇති වූ බාල තෙල් අර්බුධය, බාල පොහොර හා කෘමි නාශක මගින් ජනයා මිය යාමේ ඛේදවාචකය, සීපා ගිවිසුම, DCD රසායනය කිරිවලට මිශ්‍රවීම, මෙගා කැසිනෝ උවදුර, හලාල් ප්‍රශ්ණය යනාදී ගැටළුද පොදුවේ රාජ්‍ය දූෂණයටද එරෙහිව වීර්යවන්තව කටයුතු කරමින් යෝධ ජනමතයක් ඇතිකිරීමට කටයුතු කළේය.

ජාතික-ආගමික ගැටුම් සමනයට ඉදිරිපත් වීම

වසර 2014 තුළ දක්නට තිබුණේ අවරගනයේ ජාතික බලවේග මගින් සමාජයේ ඇත්ත ප්‍රශ්ණ අවිචාරයෙන් ගැටුම් බවට පත් කිරීමේ උපායකි. මේ බව අවබෝධ කරගත් චම්පික විචාරශීලීව මේ උපක්‍රමය පරදවා ජාතික ව්‍යාපාරය රැකගැනීමට ඉදිරිපත් විය. දඹුල්ල පල්ලිය පිළිබඳ ගැටුම, කුරගල පිළිබඳ ගැටුම ආදියට ඉතා බුද්ධිමත්ව ඔවුන් මුහුණ දුන්නෝය. විශේෂයෙන් ග්‍රෑන්ඩ්පාස් ගැටුම හා අලුත්ගම ගැටුම්වලදී නිර්භීතව ඒ ස්ථානවලට ගොස් සත්‍යය ජනතාවට කියමින් ගැටුම් සමනය කිරීමට වීර්යවන්තව ඔහු ක්‍රියා කළේය.

සිංහබාහු පරපුර ගල්ලෙන බිඳියි

ජාතික ව්‍යාපාරවල පුද්ගලයින් හා සංවිධාන මුදලට යටපත් කරමින් ජාතිකවාදී සටන දූෂණය වසා ගැනීමේ කඩතුරාවක් කරගන්නා ආකාරය චම්පික දුටුවේය. ධෛර්ය සම්පන්නව මෙයට එරෙහිව ක්‍රියාත්මක වන්නට ඔවුන් තීරණය කළෝය. 2014 නොවැම්බර් 18 දා චම්පික අමාත්‍යධූරයෙන් ඉවත් වීම එහි තීරක හැරවුම් ලක්ෂය විය. කිසිදා පරාජය කළ නොහැකි යැයි කියූ ප්‍රභාකරන් පරාජය කළ සේම යෝධ ප්‍රචාරක ව්‍යාපෘතියක් ගෙනගිය රාජපක්ෂ පාලනය පරාජය කිරීමටද ඔහු මුල්විය. දෙමළ සන්ධානය හා මුස්ලිම් කොංග්‍රසය පෙන්නා ජනතාව බියවද්දද්දී ඔහු හා පිරිස ජාතියේ රැකවරණය බව උගත් ජනයා තේරුම් ගැනීම රාජපක්ෂට 2010දී ලැබුණු ජනවරම 2015දී උගත් ජනයා අතර නොලැබීමට එය ප්‍රධාන හේතුව විය. හමුදා කුමන්ත්‍රණ ආදී බියවැද්දීම් ඉදිරියේ ඉතා සුළු සම්පත් ප්‍රමාණයක් සහිතව චම්පික විසින් මැතිවරණ ව්‍යාපාරය වීර්යවන්තව මෙහෙයවූ ආකාරය සියළු දෙනාගේ ගෞරවයට හේතුවිය. මැතිවරණ ප්‍රධාන මධ්‍යස්ථානය ඡන්දයා දා රාත්‍රියේ එකඳු යූඑන්පී, එජාප නායකයෙකු හෝ නැතිව පාඨලී විසින් මෙහෙයවීම, ජීවිත පරිත්‍යාගයෙන් යුතු ඉදිරිපත් වීම සියළු දෙනා මහත් ගෞරවයෙන් සිහිකළහ.

“1994 දී චන්ද්‍රිකා-රනිල් ලියෙම්ෆොක්ස් ගිවිසුමේ ෆෙඩරල් ලියවිල්ල මුලින්ම රටට හෙළි කිරීමෙන් (1995 අගෝස්තු) පසුව ජාතික සංඝ සභාව බිහිවිය. සිංහල වීර විදහන, ජාතික ඒකාබද්ධතා කමිටුව බිහිවිය.

1995 අප්‍රේල් මස චන්ද්‍රිකා – ප්‍රභාකරන් සටන්විරාමය බිඳවැටි රට පුරා බෝම්බ පිපිරෙද්දී ත්‍රස්ත විරෝධී ජාතික ව්‍යාපාරය ලොව පුරා දේශමාමකයින් සංවිධානය කරමින් ප්‍රථමවරට අන්තර්ජාලය සංවිධාන කටයුතු සඳහා යොදාගත්තේය. 1999 වන්නි යුධ පරාජය හමුවේ වන්නියට ගියේ ත්‍රස්ත විරෝධී ජාතික ව්‍යාපාරයය.

සිහළ උරුමය (2000) බිහිවිය. කොටින්ගේ ඊනියා පාලන ප්‍රදේශවලටම ත්‍රස්ත විරෝධී දේශමාමක අරගලය ව්‍යාප්ත කරනු ලැබිණ. 2004 හදිසි මහමැතිවරණයේ ලොකුම විප්ලවය ජාතික හෙළ උරුමය සිදු කළේය.

2004 සුනාමියෙන් පසු විනාශ වූ දේපල හා ජීවිත ගොඩනංවන්නට ඕමල්පේ සෝභිත හිමියන්ගේ මූලිකත්වයෙන් පානදුරයේ සාගර මාවතේ සුනාමියෙන් දින 40 කින් පලමු ස්ථිර නිවාස ව්‍යාපෘතිය විවෘත කෙරනි. එය බිඳවැටීමෙන් නැගී සිටීමේ පළමු පියවර විය. එය නිවාස 700ක් තරම් දුරදිග ගිය ව්‍යාපෘතියක් බවට පසුව පත්විය.

සුනාමි සහන මණ්ඩලය නමින් කරළියට ආ ප්‍රභාකරන්ගේ අන්තර්පාලන යෝජනාවට එරෙහිව (2005) ඕමල්පේ සෝභිත හිමියන් මාරක උපවාසයක් ආරම්භ කළහ. නීතිමය ලෙසද, සමාජමය ලෙසද, මහනායක හිමිවරුනගේ සිට යෝධ ජාතික සමගියකින් සුනාමි සහන මණ්ඩලය පරාජය කෙරිනි.

ඒකීය රටක් වෙනුවෙන් ජනාධිපතිවරණයක් දිනාගැනීමට හෙළ උරුමය මුල්විය. ඉන් පසු ප්‍රධාන අපේක්ෂකයින් දෙදෙනාටම රටේ ඒකීයභාවය මුල්කරගත් පංචවිධ ප්‍රතිපත්තියක් පිළිගැන්වින. එය පිළිගත්තේ එවකට අගමැති මහින්ද රාජපක්ෂය.

මාවිල්ආරු (2006 ජූලි 21) සිද්ධිය මත ත්‍රස්තවාදයට අවසන් මරු පහර දෙන්නට ජාතික හෙළ උරුමය තීරණය කරමින් මාවිල්ආරුවට ගියහ. 2007 අයවැයේදී ආණ්ඩුව පරදවා ත්‍රස්ත විරෝධී යුද්ධය වැලැක්වීමේ කුමන්ත්‍රණය පරාජය කිරීමට පාඨලී වීර්යවන්තව ක්‍රියාකළේය. අනුරාධපුර ගුවන් කඳවුර විනාශකළවිට රූපවාහිනියට හා මාධ්‍යවලට ගොස් ජාතිය මානසිකව ශක්තිමත් කළේ ඔහුය.”